නමුත් එක දෙයක් කියන්න ඕන අද රටේ ඔන්ලයින් මුදල් උපයන ආයතන ඕන තරම් තියේ. විශාල පිරිස් ඒවාට සම්බන්ධ වෙනවා. ඉන්පසු තමන්ගේ නොහැකියාවට ඒ ආයතනයට බනිනවා. තමන්ට මුදල් ලැබෙනකම් “හොඳ රජයේ ලියාපදිංචි International Business එකක්” කියලා පුරසාරම් දොඩවනවා. තමන් ෆේල් වුනොත් “අපෝ ඕවා පිරමීඩ, මාත් අහුවුනා” කියනවා…
බබ්බු වෙන්න එපා…
ඉගෙන ගෙන තියෙනවානේ…
ෆේස්බුක් ගිණුමක් තියේනම්, සිංහල තේරෙනවනම් වැරැද්දක් ඒ ආයතන වල නෙමේ, ඔබේ….
මෙහෙමයි, යම්කිසි ආයතනයක් ඔබට කිසි දෙයක් නොපවසා සාමාජිකයෙක් කරගන්නවානම් එතන වැරදි. නමුත් සාමාජික වෙලා මුදල් ගෙවනකොට පොඩි හරි මොළයක් තියේනම් තේරුම් ගන්න. තවත් මනුස්සයෙක් රවට්ටන්න කියනවානම් එතන තියෙන්නේ වංචාවක්, ඔබටත් ඒ වංචාව කරලා තමයි එතනට එක්ක යන්න ඇත්තේ.
අන්න ඒ වගේ ප්‍රශ්න වලක්වන්න තමයි අපි අපේ වැඩපිළිවෙළ ගැන පිටු 1000ක විතර විස්තරයක් ලියලා තියෙන්නේ. ඒ ටික ඔක්කොම කියවනකම්, අවබෝධ කරගන්නකම් සාමාජික අංකයක්වත් ගන්න එපා, මුදල් ගෙවන්න එපා කියන්නේ ඒකයි.
තමන්ගේ මෝඩ කමකට ආයතනයකට බැඳිලා සල්ලි අහිමි වුනානම් ඒ ආයතනයේ නමට කැලැලක් නොකර පාඩුව විඳ දරාගෙන පැත්තකට වෙන්න. ඕවා වෙන්න කලින් හිතන්න තිබ්බේ.
ඕනෑම ආයතනයක ව්‍යාපාරයක් ආරම්භ කරන්න කලින් සහ ඔබ මුදල් යොදවන්න කලින් ව්‍යාපාර සැලැස්ම ඔබට දෙනවනේ. ඒක කියවලා තේරුම් ගන්න.
තමන්ට ක්ෂණිකව සල්ලි හම්බවෙනවා, ලෙවල් වලට කට්ටිය සම්බන්ධ වුනොත් උඩ ඉන්න ඔබටම සල්ලි හම්බවෙනවා. මේකෙන් ඔයාට කෝටියක් ලැබෙනවා. මාසෙට මිලියනයක් ලැබෙනවා කියනවනම් එතන තියෙන්නේ මොකක් හරි මගඩියක්.
ඔහොම කරන්න පුලුවන්නම් ඇයි මේ රටේ මෙච්චර දුප්පත් මිනිස්සු ඉන්නේ.
සැම විටම බුද්ධියෙන් විමසා බලන්න…
ක්ෂණික ලාභය ඔබව විනාශ කරාවි.
ඔබේ මුදලත් මිතුරාත් ඔබට අහිමි කරාවි…
දැනුවත් වෙන්න….
උපුටාගැනීමකි…