1️⃣ බය නැතිව වැරදි පෙන්වා දෙන්න
2️⃣ අදහස් දක්වන්න
3️⃣ විවේචනය කරන්න
4️⃣ අළුත් අදහස් ලබාදෙන්න
5️⃣ සාකච්ඡා කරන්න
ගෙම්බා සහ ගිරවා කතාව හා බැඳේ…
අද දවසේ සිතුවිල්ල කියවූ අයට තමයි මෙය පැහැදිලිව තේරෙන්නේ. ඡායාරූපයේ හිටියේ ගෙම්බෙක්.. ඒත් මං මාතෘකාව ලීවේ “ගිරවෙක් වගේ වෙන්න” කියලා. ගොඩක් අය වැරැද්ද දැක්කේ නෑ. රැල්ලට පෝස්ට් එක කියෙව්වා. සමහර අය කමෙන්ට් කරලා වැරැද්ද කියන්න බය වුණා. මැසේජ් කරලා කියන්න ඊටත් වඩා බයවුණා. කිසි කෙනෙක් මටනම් කීවේ නෑ. ඒත් වෙන වෙන අය ඒ ගැන එක එක තැන්වල කතා කලා.
එහෙම කරන්න එපා…
ඒක ආයතනයට හොඳ නෑ…
නිකමට හිතන්න මෙය ආයතනයට ලොකු ප්රශ්නයක් වෙන වැරැද්දක් වුණා. නමුත් ඔබ මට තියෙන ගෞරවයට එය වැරැද්දක් වුනත් මට කියන්නේ නෑ. අපේ ස’ නේ කරන්නේ. වැරදි නැතිව ඇති කියලා හිතනවා. එහෙම නැත්නම් මම බනී කියලා මට බයේ කියන්නේ නෑ.. එහෙමත් නැතිනම් මට ඒකෙන් කෙලවෙනකම් සතුටෙන් බලාගෙන ඉන්න කෙනෙක් වෙන්නත් පුලුවන්.
මගේ වැරැද්දක් නම් මට පමණයි එය හදාගන්න පුලුවන් වෙන්නේ. හතර වටේ කීවට ඒ වැරැද්ද නිවැරැදි වෙන්නේ නෑ. එය මට කියන්න. මම එය නිවැරැදි කරගන්නම්…
මට බය වෙන්න ඕන නෑ. තමන් කරන කාර්යය හරියට කලානම් හරි. මම ඔබට දෝෂාරෝපණය කලොත් කරන්නේ විනය හෝ සදාචාර කඩකිරීම් වලට පමණයි. මට ඔබ සමඟ පෞද්ගලික තරහවල් නැහැ.
ඒ නිසා වැරැද්දක් දුටු තැන නොබියව කියන්න. එය අප සැමගේම අනාගතයට හොඳයි.
මෙය සාමාජිකයින් එකතුව ගොඩ නගන ලෝකයේ එකම eMoney ආයතනය බව අමතක කරන්න එපා.
CharityShop Team