ඔබත් CharityShop සමඟ සම්බන්ධ වී සිටින අයෙක්ද?
ඔබටත් ඒ සිහිනය තිබෙනවාද?
ඉක්මනින්ම අවදි වෙන්න… CharityShop වලින් ඔබට BMW එකක් තියා Aqua එකක්වත් ගන්න මුදල් සොයන්න බැහැ.
CharityShop ව්‍යවසායක කණ්ඩායම හරහා කරන්නේ ඔබේ හැකියාවන් අඳුරගෙන ඒ හැකියාවන් වලින් ඔබට සුලු අමතර මුදලක් උපයාගන්න අවස්ථාව දෙන ගමන් ඔබව අනාගත ලෝකයට සූදානම් කිරීමක්. ඒ වගේම මෙහි මූලික අරමුණ ෆේස්බුක් ආදී සමාජ මාධ්‍ය ජාල ස්වයං විනයකින් යුතුව භාවිතා කරන ආකාරය කියා දීමක්.
මට තියෙන Aqua එකත් Lease එකක් දාලා අරන් තියෙන්නේ. එහෙව් එකේ ඔබට බෑ මේකෙන් වාහනනම් ගන්න. එහෙම සිහින බලාපොරොත්තුවෙන් ආවනම් ආපසු යන්න.
මේ පෝස්ට් එක අද ගොඩක් ගෲප් වල, විශේෂයෙන්ම eMoney ගෲප් වල ශෙයාර් වෙයි. ඔබත් ව්‍යවසායකයෙක් වෙන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. හැබැයි මතක තියාගන්න මේ ගෑනු ළමය රෙෆරල් හොයලා, Crypto Currency හරහා හෝ ආයෝජනය කරලා, ඇඩ් ක්ලික් කරලා සහ වැඩි ගාණට බඩු විකුණලා නෙමේ දියුණු වුනේ. තමන්ගේ හැකියාවෙන් ඉහළටම ගිහින්.
දියුණු වෙන්න ඕනනම්, නිදාගෙන ඉන්නකොට සල්ලි ලැබෙන්න ඕනනම් මුලින්ම අධ්‍යාපනය වැදගත්. ඉංග්‍රීසි ටිකක් දියුණු කරගන්න. ඊට පස්සේ CharityShop ඕනත් නෑ Youtube වලින් ඉගෙන ගෙන ඕන තරම් සල්ලි හොයන්න ක්‍රම තියේ. Fivver, Drop Shipping සහ තවත් බොහෝ ක්‍රම තියේ ඉගෙනගෙන කරන්න. ඔබටත් ඒ ක්‍රම කියලා දෙන්න පුළුවන්. නමුත් ඔබට තවම සරල සිංහල දේවල්වත් තේරුම් ගන්න බැරුව වැඩක් නෑනේ ඉතිං වෙන දේවල් වලට මං කාලය වෙන් කරලා. ඒක නිසා ඔබ සිංහල කියවන කාලයක ඉංග්‍රීසි දේවල් ටිකෙන් ටික කියලා දෙන්නම්.
ඉතිං eMoney කියලා ඇඩ් ක්ලික් කරලා, වීඩියෝ බලලා, බඩු විකුණලා BMW ගන්න හිතන් ඉන්නවනම් ඒ හීනෙන් නැගිටින්න…
ඒවා වෙන්නේ නෑ කිසිම ආයතනයකින්…
සල්ලි ලැබෙයි ඔබේ ආයෝජනයට ටික කාලෙකට සහ එහෙමත් නැත්නම් වංචාවෙන් කෙනෙක්ව රවට්ටලා ගින්දරක් දීලා සාමාන්‍ය ගාණක් හොයාගන්න පුළුවන්.
ඒත් ටික කාලයයි…
CharityShop Team