වැරදි නිවැරැදි කරගෙන ඉදිරියට යමු ~ පිටපත් ලිවීම

by | Apr 11, 2021 | උපදෙස් | 0 comments

වැරදි නිවැරැදි කරගෙන ඉදිරියට යමු ~ පිටපත් ලිවීම

නම, සාමාජික අංකය, ඊමේල් ලිපිනය සහ මුරපදය ඇසට හුරු කරවමු…

අද සාමාජික ගාස්තුව ගෙවූ අයට ක්‍රියාකාරකමක් දුන්නා. ඒ නව eWallet එකක් අඩුපාඩුවක් නැතිව නිර්මාණය කරගන්නා ලෙස. පසුගිය මාස 2 පුරාවටම සාමාජිකයින් ගිණුමට ලොග් වෙනවාට වඩා කරන්නේ පාස්වර්ඩ් රීසෙට් කිරීම. අපගේ පද්ධතියේ පරීක්ෂා කිරීමේදී අපට පෙන්වන්නේ පහත වැරදි.

Invalid User Name – භාවිතයේ නැති සාමාජික අංකයක් ටයිප් කර ලොග් වෙන්න හදලා. තමන්ගේ සාමාජික අංකය මතක නෑ. එහෙමත් නැතිනම් හදිසියට වැරදියට ගහලා. ඉතිං සිස්ටම් එකෙන් පැය 1/2කට ලොක් කරනවා ගිණුම. ලියාපදිංචි වෙනකොට ලැබිලා තියෙන්නේ එක අංකයයක්. ගිණුම හදාගෙන තියෙන්නේ තව අංකයකින්. ලොග් වෙන්න බලලා තියෙන්නේ තව අංකයකින්. වැඩ කරන්නේ නෑ අපි ගිණුම මකලා කියලා ගෲප් එකේ අපිට බනිනවා හරියට ගෙදරට ඇවිත් අපි කලා වගේ.

Invalid Password – තමන්ගේ අකුරු 5-6ක මුරපදය මතක නෑ. එක්කෝ උවමනාවක් නැති කම. නැත්නම් නොසැලකිල්ල. අවශ්‍යතාවයක් තියේනම්, අමතක වෙන එකක්නම් කොහෙ හරි ලියලා තියාගන්න ඕන. දවසට 6-7 පාරක්වත් පාස්වර්ඩ් රීසෙට් ඔබනවා.

Email does not exists / Check your Email for Password Reset – වැරදි ඊමේල් එකක් ගහලා. .com වෙනුවට .lk ගහලා. Gmail වෙනුවට gmil ගහලා. ඉතිං පාස්වර්ඩ් රීසෙට් කලහම යන්නේ ලෝකේ නැති ඊමේල් එකකට. ඊට පස්සේ රටටම පේන්න කැගහනවා මගේ අකවුන්ට් එක නෑ, මකලා දාල, කොච්චර රීසෙට් කලත් ඊමේල් එක එන්නේ නෑ කියලා. අකවුන්ට් නෑ මහත්තයා ෆෝන් එක පොලේ ගැහුවා කියලා අපිට බනිනවා අන්තිමේදී

නම (මුල / අග) ලියන්න කීවහම උප්පැන්නෙත් නැති, හැඳුනුම්පතෙත් නැති, ෆේස්බුක් එකෙත් නැති නම් දාලා ලියාපදිංචි වෙනවා. ඇත්ත නම දයාවතී කුමාරි, ෆේස්බුක් නම Diana Angel, Upay Registration නම ගැටහැත්තර මුදියන්සේලාගේ දයාවති රොසලින් කුමාරි ආරච්චි. CharityShop Registration එකේ නම දයා කුමාරි.

අද ක්‍රියාකාරකමේදී පසුගිය මාස 4 වැරදි හදාගෙන නැවත නව ගිණුමක් හදාගන්න කීවා.  පැහැදිලි සිංහලෙන් A4 Sheet එකක් දිග උපදෙස් මාලාවක් දුන්නා. වෙබ් අඩවිය තියෙන්නෙත් සිංහලෙන්. සඳහන් කල එකම දේ හදිසි වෙන්න එපා, ඉවසීමෙන් වැරැද්දක් නොවෙන්න නව ගිණුම නිර්මාණය කරගන්න කියලා. ගිණුම් හදපු 90% ක් කලින් එකටත් වඩා වැරදි කරලා.

අද වැරැද්දට දඬුවම් තියේ හැමෝටම. ඒ මාස 4ක් එකතු කල සියලුම CDC 0 කරනවා අද අකුරක, ඉලක්කමක වැරැද්දක් වුනත්. අද සාමාජිකයින් 90%කගේ ඒ ආකාරයට CDC ගිණුම් හිස් කලා. අපි වුණ වැරදි ටිකකුත් බලමු. එතකොට අනික් අයත් පාඩම් ඉගෙන ගනී.

1️⃣ නම අශාන්. ඉංග්‍රීසියෙන් ලියන්නේ Ashan කියලා. ඒත් h වලට වෙච්චි දෙයක් නෑ. ගිණුම හදාගෙන තියෙන්නේ Asan කියලා.

2️⃣ පරණ සාමාජික අංකය CSEX0123. නව සාමාජික අංකය CSX123. බිංදුවට වෙච්චි දෙයක් නෑ. ඒ වරද කලේ Senior Manger කෙනෙක්. CDC 20,000ක් ඒ කියන්නේ රු.80,000ක් නැතිවුණා එක බිංදුවක් නිසා.

3️⃣ පරණ සාමාජික අංකය CSEX0123. නව සාමාජික අංකය CSX00123. අලුත් අංකයක් දෙයියෝ දීලා

4️⃣ ගිණුම හදාගෙන තියෙන්නේ මාසෙකට කලින්. අද අලුත් ගිණුමක් හදන්නේ නැතුව X දාගෙන ලොග් වෙලා. කාලතරණය කරලා වෙච්චි දෙයක් මං හිතන්නේ

5️⃣ නම සුදන්ත කලුආරච්චි. ලියාපදිංචි වුණ මුල් නම සුදු, අග නම ක්ර්ච්. සිස්ටම් එකේ එතකොට අපිට පෙන්වන්නේ “සුදු ක්ර්ච්” කියලා නම

6️⃣ නව ගිණුමක් හදාගන්න කීවහම පරණ එකේ User Name වෙනස් කරන්නේ කොහොමද අහනවා.

7️⃣ ඊමේල් එක matapissu@gmail.com වෙනුවට matapissu@gmail.lk

8️⃣ ගිණුම හදලා ඊලඟ තත්පරේ පාස්වර්ඩ් එක රීසෙට් කරලා.

9️⃣ රෙජිස්ටර් වෙන්න කීවහම සෙන්ටිමීටර් එකක් යට තියෙන ලියාපදිංචි වෙන බොත්තම ඔබන්නේ නැතුව උඩ තියෙන ලොගින් එකෙන් ලොග් වෙන්න ගිහින් ඒ නමින් ගිණුමක් නැති නිසා ලොක් කරගෙන

????️ පණ්ඩිතකම් කරන්න ගිහින්, තනියෙන් හදන්න පුරුදු වෙන්න කීව ගිණුම හදන්න හතර වටේට කියලා දෙන්න ගිහින් Senior Manger කෙනෙක් රු.80,000 පමණ (CDC 20,000) නැති කරගත්තා

මේවට හිනා වෙන්න නෙමේ අඬන්න ඕන. මේවගේ සුළු  වැරදි නිසා ජීවිතයක් නැති වෙන්න, කෝටි ගණන් මුදල් නැතිවෙන්න, විභාගයකින් අසමත් වෙන්න, රස්සාවක් නැති වෙන්න පවා පුලුවන්. අන්න ඒකයි ආරම්භයේ සිටම අපි වැරදි නොවෙන්න පුහුණු කරන්නේ. ඔබ මේ ගෲප් එකෙන් එළියේ සමාජයට ශක්තිමත්, දැනුවත් පුද්ගලයෙක් විදිහට යවන්නයි මෙච්චර මහන්සි වෙන්නේ…

????????????????????????????????????????????????????????????????

අද ඉඳන් නීති වෙනස් වෙනවා…

???? අද වැරදි කල හැමෝගෙම නැතිවුණ මුදල් ප්‍රමාණය ගණනය කලොත් රු.ලක්ෂ 5 වැඩී. නමුත් තව එක අවස්ථාවක් මම දෙන්නම් වැරැද්ද වෙනුවෙන් දඬුවමක් විඳින්න සහ ආයේ කිසිම දෙයක් අමතක නොවෙන්න.

1️⃣ කොළයක් ගන්න. ඔබේ මුල නම සහ අග නම 10 වරක් ලියන්න. සැමවිටම නමක් ලියන විට මුල අකුරු කැපිටල් විය යුතුය

ඔබේ නම බටුවනයලාගේ ධනේෂ් මධුරංග එදිරිසූරිය නම් නම විය යුත්තේ මෙසේය.

Danesh (මුල) Edirisooriya (අග)

❎ වැරදි ක්‍රම

Danesh maduranga

Danesh Maduranga

danesh maduranga

Batuwanayalage danesh maduranga edirisooriya

Batuwanayalage edirisooriya

Batuwanayalage danesh

DANESH EDIRISOORIYA

2️⃣ සාමාජික අංකය 10 වරක් ලියන්න. ඉලක්කම් 4ක් තිබීම අනිවාර්ය වේ. පළමු ඉලක්කම 0 මිස ඕ අකුර (o) අකුර නොවේ. මුල අකුරු සියල්ල කැපිටල් විය යුතුය.

❎ වැරදි ක්‍රම

Csex1234

CSEX123

Csex-1234

✅ නිවැරැදි ක්‍රමය

CSEX1234

3️⃣ ඊමේල් ලිපිනය 10 වරක් ලියන්න. ඊමේල් ලිපිනයක් ලියන විට සිම්පල් අකුරු භාවිතා කරන්න

❎ වැරදි ක්‍රම

danesh@google.lk

Danesh@google.lk

danesh@gmail.lk

danesh@gmil.lk

DANESH@GMAIL.COM

Denish@gmail.com

✅ නිවැරැදි ක්‍රමය

danesh@gmail.com

4️⃣ සාම්පල් මුරපදයක් 10 වරක් ලියන්න.

එක කැපිටල් අකුරක්, සිම්පල් අකුරු කිහිපයක්, ඉලක්කම් කිහිපයක් සහ සංකේතයක් භාවිතා කරන්න.

ඔබේ නම භාවිතා කරන්න. සත්‍ය මුරපද ලිවීමෙන් වළකින්න.

උදා : Danesh123@, Eranga123@, Maheshi3366@

ඔබේ 0 වූ CDC අගය ලබාගැනීමට සහ සියලුම සාමාජික ගාස්තුව ගෙවූ CDC ගිණුම් පරිහරණය කරන හැමෝම තමන්ගේ නම, සාමාජික අංකය, ඊමේල් ලිපිනය සහ සාම්පල් මුරපදයක් 10 වරක් බැගින් කොළයක ලියා ඡායාරූපයක් ගෙන මේ පෝස්ට් එකට කමෙන්ට් කිරීම අනිවාර්ය වේ.

❎ අදින් පසු සෑම පාස්වර්ඩ් රීසෙට් එකකටම පළමු වර 10 වරක්, දෙවන වර 20 වරක්, තෙවන වර 30 වරක් සහ ඉන්පසු සෑම වතාවකම 100 වරක් බැගින් පිටපත් ලියා ගිණුම අන්ලොක් කරගන්න.

ඔබට පුළුවන් ගිණුමක් ලොක් වූ විට මා හට නොපවසා හොරෙන් සිටීමට. නමුත් ලොක් වූ සැනින් මට ඊමේල් එකක් එනවා. ලොක් වී පැය 2ක් ඇතුලත ඔබේ පිටපත් ලිවීමේ ඡායාරූපය කමෙන්ට් එකක් ලෙස නොදමා ඔබ වංචා කරන්න උත්සාහ කලහොත් ඔබගේ ගිණුම අක්‍රීය වනු ඇත.

එම නිසා වරදක් වන සෑම අවස්ථාවකම එය නිහතමානීව පිළිගන්න, අවංක වෙන්න. නිවැරැදි කරගන්න, නැවත නොවෙන්න වගබලාගන්න.

දිගින් දිගටම එකම වැරැද්ද කරනවානම් එය අතපසුවීමක් නොව සිතාමතා කිරීමක් හෝ වගකීම් පැහැර හැරීමකි.

අද ගිණුම් වල වැරදි සිදුවූ අය හෙට දහවල් 12ට ප්‍රථම පිටපත් ලිවීම මෙම පෝස්ට් එකට කමෙන්ට් කල යුතුය. උදාහරණ සඳහා පළමු කමෙන්ට් එක බලන්න…

වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යමු !

නම, සාමාජික අංකය, ඊමේල් ලිපිනය සහ මුරපදය ඇසට හුරු කරවමු…

පහසුවෙන් eWallet එකට ලොග් වෙන්න පුහුණු වෙමු !

✅ එක පාරක් හරි සිස්ටම් ලොග් වෙද්දි පාස්වර්ඩ් රීසෙට් කරගත්ත, වැරදි දේවල් ටයිප් කරලා ලොක් කරගත්ත හැමෝම අනිවාර්යයෙන්ම මෙය කරන්න.

CharityShop Team

#2021April11

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments