ගැහැණු ළමයෙක් අයි පෑඩයක් (iPad) මිලදී ගන්නවා. දිනක් ඇගේ පියා එය දැක ඇගෙන් මෙසේ විමසනවා. ”ඔයා ඕක අරගෙන මුලින්ම කරපු දේ මොකද්ද?
”මම ඒකෙ ස්ක්‍රීන් එකට ආරක්‍ෂිත ස්ටිකරයක් සහ පසු ආවරණයක් අරගෙන දැම්මා” ඇය පිළිතුරු දුන්නා.
”කවුරුහරි ඔයාට කිවුවද ඒ දේ කරන්න කියල?”
– ”නැහැ”
”ඔයාට හිතෙන්නේ නැද්ද ඒක ඔය අයි පෑඩ් එක හදපු අයටත් කරන නිග්‍රහයක් කියල?”
– ”නෑ තාත්තේ! එයාල පවා කියනවා මේකට කවර් එකක් දාල පාවිච්චි කරන්න කියල”
”එතකොට ඔයා ඕකට කවර් එකක් දැම්මේ ඒක ලාබ නිසාද නැත්නම් ඒක කැතට පේන නිසාද?”
– ”ඇත්තටම මන් ඒකට කවර් එකක් දැම්මේ ඒකට හානියක් හරි ඒකෙ වටිනාකම අඩුවෙයි කියල හරි මට දැනුන නිසා.”
”ඉතින් ඔයා ඒකට කවර් එකක් දැම්මට පස්සේ අයි පෑඩ් එකේ ලස්සන අඩු උනේ නැද්ද?”
– ”මන් නම් හිතන්නේ දැන් ඒක තිබුනට වඩා හොඳයි වගේම මගේ අයි පෑඩ් එකට හොඳ ආරක්ෂාවක් ලැබෙනවා.
”පියා ඇය දෙස ආදරණිය ලෙස බලා මෙහෙම කියනවා,
”මන් ඔයාගෙන් ඇහුවොත් අයි පෑඩ් එකකට වඩා වටින ඔයාගේ ඇඟත් ඒ විදිහට කවර් වෙන්න වහගන්න පුලුවන්ද කියල, ඔයා ලෑස්තිද ඒකට එකඟ වෙන්න???”
ඇය එකවරම නිරුත්තරව ගියා……
ආදරණිය ගැහැණු ළමුනි, නිතරම මතක තබාගන්න, ඔබේ ශරීරය අනවශ්‍ය ලෙස නිරාවරණය වන ඒ අශෝභන ඇඳුම් සෑම විටම ඔබේ වටිනාකම සහ ගෞරවය අඩු කරන බව.!!!
~උපුටා ගැනීමකි~
Photograph used for promotional purposes only !
CharityShop Team