සියවරක් සිතන්න…

by | Apr 4, 2021 | උපදෙස් | 0 comments

සියවරක් සිතන්න…

ඇඩ් ක්ලික් කරලා කෝටි ගණන් හොයන්න පුළුවන් නම්, ඇයි ඇඩ් ක්ලික් කම්පැනි වලින් ලංකාවේ හැමෝටම මේ ඇඩ් ක්ලික් කරන්න දෙන්නේ නැත්තේ?

ඇඩ් ක්ලික් වලින් ආදායමක් ගන්න පුළුවන් නම්,

1️⃣ එක කම්පැනි එකක් ආරම්භ කරනවා.

2️⃣ ලංකාවේ හැම ආයතනයකම වෙළඳ දැන්වීම් ඒ ආයතනයට ගන්නවා

3️⃣ ලංකාවේ හැමෝටම ඒ වෙබ් අඩවියේ ගිණුමක් හදාගන්න කියනවා නොමිළයේ

4️⃣ ඉන්පසු හැමෝටම වෙබ් අඩවිය හරහා දිනපතා ඇඩ් ලබාදෙනවා බලලා ක්ලික් කරන්න

5️⃣ ස්වයංක්‍රීය පද්ධති තියෙන නිසා ඕනෑම කෙනෙක්ට ක්ලික් කල ඇඩ් ගාණ කීයද කියලා ගිණුමෙන් බලාගන්න පුළුවන්

6️⃣ ඒ බැලුව ඇඩ් ගාණට සාමාජිකයින්ට ගෙවනවා.

7️⃣ එක් අයෙක් 10ක් බැලුවනම් එයාට ගෙවන්නේ 10කට පමණයි. අපි කියමු එක ඇඩ් එකකට රු.200ක් දෙනවා කියලා. එහෙම වුනොත් එයාට රු.2,000ක් ලැබෙනවා. ඇඩ් 100ක් බලපු කෙනාට රු.20,000ක් ලැබෙනවා.

හරි සරලයි !

ඇයි මෙච්චර සරල දේ ඇඩ් ක්ලික් කම්පැනි වලින් ලෝකේ ඉන්න හැමෝටම දෙන්නේ නැත්තේ?

මොකද ඇඩ් ක්ලික් වලින් සල්ලි හොයනවා කියලා එකක් නෑ. ඒ වගෙන් ලක්ෂ, කෝටි ගණන් හොයන්න බෑ.

ඔවුන්ට ඕන ඔබ දුක් මහන්සියෙන් හම්බකල සල්ලි ටික. ඒකයි ලක්ෂ ගණන් වල ඇඩ් ක්ලික් පැකේජ් දෙන්නේ.  ඒ සල්ලි ටික ඔවුන් ගන්නවා. අරගෙන ඔවුන් ඒවාගෙන් ලාභ ලබනවා. සමහර අය සින්නවුණ රත්තරං බඩු මිළදී ගන්නවා, සමහර අය පෙට්‍රල් ශෙඩ්, රක්ෂණ සමාගම් වල ආයෝජනය කරනවා. සමහර අය Crypto Currency වල ආයෝජනය කරනවා. සමහර අය නීත්‍යානුකූල නොවන ව්‍යාපාර කරනවා. ඒවගෙන් එන ලාභෙන් සුලු කොටසක් ඔබට ගෙවනවා.

එපමණයි !

එතකොට ඇඩ්?

ඇඩ් කියන්නේ ලංකාවේ නීතියෙන් රිංගන්න හදපු එක දෙයක් පමණයි. මොකද මහ බැංකුවේ මූල්‍ය ආයතනයක් ලෙස ලියාපදිංචි නොවුන ආයතනයකට තවත් අයෙක්ගෙන් තැන්පතු ගන්න බෑ මුදල් විදිහට. අන්න ඒකයි Advertising Company එකක් විදිහට ලියාපදිංචි වෙලා ඇඩ් ක්ලික් පැකේජ් එකක් ඔබට පෙන්වලා සල්ලි ගන්නේ. හරිනම් ඕක ක්ලික් නොකරත් ඔබට සල්ලි ලැබෙන්න ඕන. මොකද ඔය ආයතන වලට කවුරුත් ඇත්ත ඇඩ් දෙන්නේ නෑ. ෆේස්බුක්, Youtube වගේ මාධ්‍ය ඕන තරම් තියෙනවා, නොමිළයේ භාවිතා කරන්න. එහෙම තියෙන එකේ කිසිම කම්පැනි එකක් ඇඩ් දෙන්නේ නෑ ඒ වගේ ආයතන වලට. හැබැයි Youtube Channel කරන අයටනම් ඒ හරහා Watch Hours, Subscribe ගන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් වෙළඳපොලේ සබ්ස්ක්‍රයිබ් එකක් රු.8යි. Watch   Hours පැයක් බලනවට රු.4යි. ඉතිං ඔයාලා හිතනවද පැයක් වීඩියෝ බලන පැකේජ් එකකට රු.4ක් නම් අය කරන්නේ ඔබට රු.20-30 හෝ 100-200ක් ලැබෙයි කියලා.

නැහැ…

සියල්ල මුලාවක්, මුලාවක් කියනවට වඩා හොඳයි එක් ව්‍යාපාරික අදහසක්, එපමණයි !

ඉතිං ඔබ ඒ වගේ ඔබෙන්ම මුදල් අරගෙන ඒවගෙන් ලාභ ලබලා බිලියනපතියෝ වෙලා ඔබට එයින් 0.00001% විතර දෙන කම්පැනි දිහා බලලා අපේ ආයතනයෙන් පෝස්ට් ශෙයාර් කරලා, වීඩියො බලලා ලක්ෂ ගණන් බලාපොරොත්තු වෙන්න එපා. රුපියලකටත් අඩු මුදලක් තමා අපට දෙන්න පුළුවන්…

අපි සල්ලි දෙන්නේ නෑ තමයි…

හැබැයි ඔබට කොහොමත් ගින්දරක්නම් දෙන්නේ නෑ…

තේරුනානම් කමෙන්ට් එකක් දාන්න…

මේක ඇතුලේ ඔත්තු බලන්න ආපු අයටනම් රිදෙයි. හැබැයි ඉතිං ඔයාලා අපේ තරඟකාරී අයනම් නෙමේ. අපි මේකෙන් ඔබටත් උදව් කරනවා.

මගේ අදහස් එක්ක තරඟ කරන්න පුළුවන් කෙනෙක් මේ ලොකේ තවම බිහිවෙලා නැහැ…

මොකද මම හැමදේම අත්හල කෙනෙක්. එක් රැස්කරන කෙනෙක් නෙමේ….

ඉතිං දෙන්න පුරුදු වුන මාත් එක්ක, පොදි බඳින්න පුරුදු වුන ඔබට තරඟ කරන්න කොහෙත්ම බෑ…

CharityShop Team

#2021April4

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments