නිකන් හරි මේකේ මගේ උපදෙස් පිළිපදින්නේ නැතුව අහංකාරෙන් ඉන්න කෙනෙක්නම් මේක කියවන්න…
මං රහත් වෙලා නෑනේ. සාමාන්‍ය මනුස්සයෙක්. ඕන තරම් මං වැරදි කරනවා ඇති.
හැබැයි මං කරන සමාජසත්කාර (මගේ පදනම)
මගේ ව්‍යාපාර (TechLabs / CharityShop) මං කවදාවත් ඒවට වැරැද්දක්, වංචාවක් කරන්නේ නෑ.
ඉතාමත් උතුම් දෙයක් වගේ ආසාවෙන්, කැපවීමෙන් අවුරුදු 16ක් තිස්සේ මං ඒ දෙක කරන්නේ. හැම දෙයක්ම පිළිවෙලට.
මගේ පෞද්ගලිකව ජීවිතේ ඕන තරම් වැරදි, අඩුපාඩු තියේ. හැබැයි ඔයාලා ඒවා ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද පෞද්ගලිකව ජීවිතයේ දේවල් ඔයාලට බලපාන්න ඔයාලා මගේ කවුරුත් නෙමේනේ. ඔයාලා මේ ආයතනයේ සාමාජිකයෝ. ඉතිං ඔයාලට ආයතනික වශයෙන් වෙන වැරදි ඕනෑම වෙලාවක විවේචනය කරන්න පුළුවන්, අහන්න පුළුවන්. ඒවා මං හදාගන්නම්…
මං එන්නේ නැනේ ඔයාලගේ පවුල් ප්‍රශ්න ගැන හොයන්න. අන්න ඒ වගේ මගේ ජිවිතේ ප්‍රශ්නත් මටම තනියෙන් විසඳගන්න පුළුවන්.
පෞද්ගලිකව මං කරන දේවල්, මගේ ජිවිතයේ මං අවුරුදු 34ක් ජීවත් වුන විදිහ, සිතුම් පැතුම්. ඒ කිසි දෙයක් ඔබ ප්‍රශ්නයක් කරගන්න එපා.
මං ඉන්නේ මගේ ගෙදරනේ. ගෙදර අයට මගේ ජීවිතය ගැන ප්‍රශ්නයක් නෑ. ඒ නිසා එය ඔබ ප්‍රශ්නයක් කර නොගන්න…
ඡායාරූපය : මාව බලන්න ආස අය ඉන්නවනේ. ඒකයි දැම්මේ… හිත පුරෝගන්න…
ප.ලි : වැදගත් දෙයක් තියේ ඒ ගැන අලුත් පෝස්ට් එකකින් හෙට කතා කරන්නම්.