හැමෝම පොඩ්ඩක් වැඩිහිටියෝ විදිහට හැසිරෙන්න පුරුදු වෙමුද?

by | Mar 30, 2021 | උපදෙස් | 0 comments

හැමෝම පොඩ්ඩක් වැඩිහිටියෝ විදිහට හැසිරෙන්න පුරුදු වෙමුද?

මේ වැඩසටහනේ දෙවෙනි අදියර ආරම්භ කලේ 2020 දෙසැම්බර් 09. ජනවාරි 01 තමයි අපි අපේ DiscountStore එක ආරම්භ කරලා Voucher හරහා මුදල් හොයන්න ක්‍රමයක් නිර්මාණය කර එළිදක්වන්න හිතුවේ. නමුත් දෙසැම්බර් අග වෙනකොට තේරුණා කණ්ඩායමේ පුහුණුව මදි කියලා. ඊට පස්සේ දිනපතා දවසට පෝස්ට් 10 ගානේ වගේ දවසට පැය 18ක් ඔන්ලයින් ඉඳලා ගෲප් එක පුහුණු කරන්න ආරම්භ කලා.

පුහුණු කරනවා, කරනවා, කරනවා දැන් මාස 3ක් තවමත් පුහුණුවක් නැහැ.

ලෝකේ එකම සිංහලෙන් තොරතුරු ලබාදෙන eMoney ආයතනය අපි. වෙබ් අඩවිය, Wallet එක, උපදෙස් සියල්ල සිංහලෙන්.

සාමාන්‍යයෙන් වෙන ආයතන වල කරන්නේ මුලින්ම  Zoom meeting වලට සම්බන්ධ කරගන්නවා. හීන පෙන්නලා රෙජිස්ටර් කරගන්නවා. මුදල් ගන්නවා. ඊට පස්සේ කරන්න ඕන දේ කියනවා. එතකොට පරක්කු වැඩී. අහුවෙලා ඉවරයි.

හැබැයි අපේ ගෲප් එක 100%ක් ඕපන්. හැම දෙයක්ම ලියලා තියේ. නොලියපු දෙයක් නෑ මේ ගෲප් එකේ. එහෙම තිබිලත් ඒ මහන්සියෙන් ලියන විස්තරය නොකියවා රූපය බලලා Details Please කියලා කමෙන්ට් කරනවා.

1️⃣ උපදෙසක් දුන්නොත් Ok කියලා කමෙන්ට් කරන්න. “මේකේ මොකක්ද කරන්න තියෙන්නේ?” කියලා කමෙන්ට් කරනවා.

2️⃣ “කරුණාකර මේ ගෲප් එකට කිසිම අයෙක්ට Invite කරන්න එපා, මෙය ගාස්තුව ගෙවූ අයට පමණයි” කියලා පෝස්ට් එකක් දාපු ගමන් ඒ ලින්ක් එක ඔබලා ඔක්කොමලා Join වෙන්න හදනවා.

3️⃣ මාර්තු 1 – 10 සම්බන්ධ වුණ අය පමණක් කමෙන්ට් කරන්න කීවහම මාස 3කට කලින් අයත් කමෙන්ට් කරනවා.

4️⃣ සාමාජික ගාස්තුව ගෙවූ ඔබේ නම මෙහි නැත්නම් පමණක් කමෙන්ට් කරන්න කීවහම නම් ලිස්ට් එක නොබලා කමෙන්ට් කරනවා. එහෙම නැත්නම් තමන්ගේ නම තමන්ට මතක නෑ. ෆේක් එකෙන් කමෙන්ට් කරනවා නම නෑ කියලා

5️⃣ මේ චැට් ගෲප් එකේ නැති අය පමණක් කමෙන්ට් කරන්න කීවහම හැමෝම කමෙන්ට් කරනවා. බලනකොට එයාලා ඒ ගෲප් එකේ සති ගාණක ඉඳන් ඉන්නවා.

6️⃣ අවසන් නිවේදනයයි ඔබේ සල්ලි ටික Withdraw කරන්න ඉක්මනටම මේ ෆෝම් එක පුරවන්න කියලා පෝස්ට් එකක් දැම්මහම අවසන් නිවේදනය 10 පාරකට වඩා දාන්න වෙනවා.

7️⃣ ගෲප් එකේ පෝස්ට් පිළිවෙලට බලන විදිහ, නොදන්න දෙයක් ගෲප් එකේ සර්ච් කරන විදිහ, වෙබ් එකෙන් පෝස්ට් Category යටතේ බලන විදිහ, පෝස්ට් එකක් දාපුවහම ක්ෂණිකව නෝටිෆිකේෂන් එන විදිහ, Topic වලින් ගෲප් එකේ පෝස්ට් වෙන් කරලා බලන විදිහ, Announcement පෝස්ට් හරහා වැදගත්ම පෝස්ට් බලන විදිහ හැමදේම කියලා දීලා තිබ්බත් ප්‍රශ්නයක් ආපු ගමන් ඉන්බොක්ස් අහනවා. නැත්නම් කමෙන්ට් කරනවා Details Please කියලා.

8️⃣ ලියාපදිංචි වෙන්න කලින් පුහුණු වෙන්න 200 වඩා සාමාජිකයින් එක්ක කතා කරන්න පුළුවන් Telegram Group දෙකක් තියේ, ඒකෙන් ප්‍රශ්නය අහන්නේ නැතුව පෝස්ට් වල කමෙන්ට් දානවා. නැත්නම් ඉන්බොක්ස් එනවා.

9️⃣ එකම පෝස්ට් එක එකම දවසේ හෝ සතියේ ඡායාරූපය විතරක් වෙනස් කරලා අප්ලෝඩ් කරන්න වෙනවා කිහිප වතාවක්.

????️ වෙබ් එකක් හදලා තියේ එකින් එක ඉගෙන ගන්න. ඒත් ඒක දිහා බලන්නේවත් නෑ.

1️⃣1️⃣ ඕනෑම පෝස්ට් එකක හෝ වෙබ් එකේ සියලුම උපදෙස් පැහැදිලිව දීලා තියේ කරන්න ඕන ආකාරය. ඒකෙම ස්ක්‍රීන්ශොට් එකක් අරන් “මේක කරන්නේ කොහොමද?” අහනවා. ස්ක්‍රීන්ශොට් එකේ සෙන්ටිමීටර් එකක් යටින් මටත් පැහැදිලිව පේනවා අහපු ප්‍රශ්නෙට උත්තරේ මම ලියලා තියේ. “ඕක බලන්න ඔය තියෙන්නේ” කීවහම “ආ එහෙමද, මම දැනගන්න ඇහුවේ” කියනවා.

ඔබටත් ඕන මේ ආකරයට ප්‍රශ්න අහ අහා ඉන්නනම් අපි 2021 ඉවර වෙනකම්, අර එක ආයතනයක් අවුරුදු 1ක් රෙෆරල් හෙව්වා වගේ අපිත් ඒකම කර කර ඉමු…

එහෙම නැත්නම්, තව ආදායම් උපයන ක්‍රම ඕනනම්, කරුණාකර මාව නිදහස් කරන්න. මට ඔබට ආදායම් උපයන ක්‍රම නිර්මාණය කරන්න අවශ්‍ය කාලය සහ නිදහස ලබාදෙන්න. එකම දේ 100 පාරක් 100 විදිහකට කියන්න ඉඩ දෙන්න එපා.

ගෲප් එකේ හැමදේම තියේ, ඉගෙන ගන්න.

බබාලා වෙන්න එපා.

හැබැයි සිංහල කියවන්න බැරිනම්, පෝස්ට් කියෙව්වට තේරෙන්නේ නැත්නම් කරුණාකර සාමාජික වෙන්නත් එපා, ගාස්තුව ගෙවන්නත් එපා. මොකද සිංහලත් උගන්වලා, Sales කරන විදිහත් උගන්වලා, ෆේස්බුක් භාවිතා කරන විදිහත් උගන්වලා අපිට ඔබේන් අපේ ආයතනයට ලාභයක් උපයන්න බෑ.

කොහොමත් අප්‍රේල් 1න් පස්සේ ගෲප් එකේ හුරතල් නැහැ. වැඩ විතරයි. තේරෙන්නේ නැත්නම් ඉවත් වෙන්න පුළුවන්. තේරෙන අය වැඩ කරන්න.

CharityShop Team

#2021මාර්තු30

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments