ෆේස්බුක් සමාජයේ යහපැවැත්මට පමණක් යොදාගන්න

by | Apr 24, 2021 | උපදෙස් | 0 comments

ෆේස්බුක් සමාජයේ යහපැවැත්මට පමණක් යොදාගන්න

✅ 2015 වසරේදී මා විසින් පළකරන ලද ලිපියකි.

✅ මාගේ ප්‍රොෆයිල් එකේ පෞද්ගලික මිතුරෙක් නොවූ අයට සමහර කොටස් තේරුම්ගන්නට අපහසු වේවි. අර්ථය පමණක් ජීවිතයට එකතු කරගන්න.

❎ අසභ්‍ය වචන ඇති නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසුය.

~යුරේනිගේ යට ඇඳුම, සේයා සහ සුජී~

මේ දිනවල ෆේස්බුක් එකේ අළුත්ම කතාබහ යන්නේ යුරේනිගේ යට ඇඳුම ගැන… මං හිතනවා ඒක ශෙයාර් කරලා, ලයික් කල හැමෝටම අවශ්‍ය දේවල් ලැබෙන්න ඇති කියලා හිතනවා…

ඔයාලා හැමෝම සේයාගේ මිනීමරුවා කොන්ඩයාට හපන්…. මටනම් පේන්නේ ඊට වඩා අසහනයක් ඔයාලට තියෙන්නේ. නිකමට වගේ හිතෙන්නේ නැතිද ඒත් මනුස්ස ජීවිතයක් කියලා. ඔය විදිහට අපහාස ඔයාලට වුනානම් පොඩ්ඩක් හිතලා බලන්න.

යුරේනිගේ ඇඳුම සදාචාර සම්පන්න නෑ තමයි. ඒත් මේ රටේ ගෑනියෙක්ගේ ජංගියයි, ඒකෙන් වැහුණ හු…. ගැන කතා කරනවට වඩා ප්‍රශ්න නැතිද? රටේ දහස් ගාණක් මිනිස්සු කන්න, බොන්න, ඉන්න හිටින්න තැනක් නැතිව දුක් විඳිනවා. ඒ වගේ දෙයක් ෆේස්බුක් එකේ දැම්මහම කීයෙන් කී දෙනාද ලයික් කරන්නේ, ශෙයාර් කරන්නේ.ඒකෙනුත් කීයෙන් කී දෙනාද ඒ මිනිස්සුන්ට උදව් කරන්නේ.

රටේ ප්‍රශ්නයක් වුණහම බෝඩ් කෑලි උස්සගෙන, බාගෙට අන්දවගෙන ගෑනූ ටිකක් එක්කරගෙන එහෙමත් නැතිනම් මොකක් හරි කුණු ගොඩක් නිසා ප්‍රසිද්ධ වුන දෙතුන් දෙනෙක් අල්ලගෙන කොටුවේ ස්ටේෂන් එක ලඟටනම් දුවන්න ඕන තරම් කට්ටිය ඉන්නවා.. ජීවිතේට පන්සල් යන්නේ නැති රස්සාවක් නැතුව දෙමව්පියන්ගේ සල්ලිවලින් කකා බිබී ඉන්න එවුන් බුදු දහම බේරගන්න කෑගහනවා. කෙල්ලෝ 7,8  දෙනා අනාත කල පට්ට කොල්ලෝ අහිංසක කෙල්ලෙක්ව අල්ලගෙන පට්ට වේ.. කියල හම ගහලා ජීවිතේ විනාශ කරනවා. තමන්ගේ ගෑනි ගෙදර ඉන්නකොට වෙන ගෑණූ එක්ක බුදියලා ඇවිත් රටේ ඉන්න ප්‍රසිද්ධ මිනිස්සුන්ට ෆේස්බුක් එකෙන් මඩ ගහනවා. මහින්ද පාක්ෂිකයෝ මෛත්‍රීපාල මහත්තයට මඩ ගහනවා. ඒකෙම අනික් පැත්තත් කරනවා. ඡන්දේ කාලෙට තමන්ගේ කියන අයත් එක්ක මරාගන්නවා කොහෙවත් යන ජීවිතේට තමන්ට තියා රටටවත් වැඩ නැති දේශපාලුවෙක් දිනවන්න.

ෆේස්බුක් එකේ දාන ෆොටෝ එකක් අල්ලගෙන අයින්ස්ටයින්වත් නොදාපු තියරි දදා කොටු ගගහා කාලේ නාස්ති කරනවා රැස්වීම් වලට ආපු සෙනග ගාන හොයන්න. එහෙමත් නැතිනම් කවුරු හරි මනුස්සයෙක්ව අල්ලගෙන ස්ටේගොසොරොස් ඩයිනෝසයෙක් එක්ක එඩිට් කරලා ෆොටෝ දානවා… හත් දෙයියනේ කාලය තියේනම්, ඔය තරම් සුපිරියට ෆොටෝ ෂොප් වලින් වැඩ දාන්න දන්නවනම් අසරණ මනුස්සයෙක්ගේ විස්තර හොයලා ඒවා ෆේස්බුක් දාලා උදව් අරන් දෙන්න බැරිද?

අර අසරණ අම්මගේ ජීවිතය විනාශ කලා. “සුජී ෆෝන් එක දීපන් ළමයෙකුට” ඒ අම්මා කොච්චර ආතතියකින් ඉන්න කෙනෙක්ද කියලා ඔයාලා නිකමටවත් හිතුවද? දුක් මහන්සිවෙලා හරි හම්බ කල සල්ලි ටික ආරක්ෂාකාරීව දරුවන්ට දෙන්න නේද ඒ අම්මා හදන්නේ. ඔයාලගේ ජීවිතේ ඔයාලගේ පවුලේ කුණුහරපෙන් කතා කරලා නැතිද? ඔයාලා හොඳ වචන විතරද කතා කරන්නේ? එකම වැරැද්ද වුනේ වැරදි වෙලාවක, වැරදි මිනිස්සු ඉන්න, වැරදි තැනක ඒ අම්මා හිටපු එක. ඔයාලගේ ජීවිතේ වෙන ප්‍රශ්න මේ විදිහට වීඩියෝ කරලා දැම්මොත් ඒ අම්මගේ කතාව ඉතා සුලු දෙයක්. දෙයියනේ ඒ අපේ අම්මා වගේ කෙනෙක්. හැදුණු වැඩුණු පරිසරයේ වැරැද්දට ඒ අම්මට, ඒ අම්මගේ දරුවන්ට විඳවන්න තියන්න එපා.

සේයාගේ මරණය නිසා කී දෙනෙක්ට අපහාස විඳින්න වුණාද. ඉස්කෝල යන පොඩි එකෙක්ගේ සම්පූර්ණ අනාගතයම විනාසයි. ඒ පොඩි එකා අසභ්‍ය චිත්‍රපට බලනවා කීව ඔයාලගේ ලැප් වල ඕවා ඇත්තෙම නැතිද? ඉස්කෝල යන කාලේ පත්තර බැලුවෙම නැතිද? පන්සිල් පද 5ම ආරක්ෂා කරන කට්ටියක්ද ඔය දැන් කමෙන්ට් දාන්නේ.

සේයාගේ මිනීමරුවට මරණ දන්ඩනය දුන්නහම හරිද? ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ඔක්කොම අහවර වෙනවද? කීදෙනෙක් මරන්නද? ඔයිට වැඩිය හොඳ නැතිද තමන් මුලින් හැඳුනනම්, තමන්ගේ දරුවෝ ඉපදුන දවසේ ඉඳන් යහ මග පෙන්වලා ලොකු මහත් කලානම්. තමන්ගේ පවුලෙන් ඔය වැඩේ පටන් ගන්න. අටපිරිකර උස්සගෙන සාදු කාර දිදී රුවන්වැලි සෑය වටේ යන එකා හවසට සේයගේ මිනීමරුවා එල්ලලා මරන්න ඕන කියලා ෆේස්බුක් එකෙන් කෑගහනවා. සැබෑ බෞද්ධයාගේ හැටිද ඒ?  බුදුහාමුදරුවෝ කොහෙද ඒවා ඉගැන්නුවේ? කොහෙවත් වෛරයෙන්, මිනිස්සු මරලා බුදු දහම බේරගන්න කියලා උගන්වලත් නෑ. දිවි හිමියෙන් අතීතේ අපේ හිටිය ජාතික වීරයෝ ඒක කලා තමයි. ඒත් වැරැද්ද කොහෙද ? සිංහලයා එකා වගේ සමගිව හිටියනම් ඕවා වෙනවද? වැරැද්ද කාගෙද?

ඔෂානි නංගිගේ පෝස්ට් වලට එන කමෙන්ට් වලට රිප්ලයි දාන එක තවත් ට්‍රෙන්ඩ් එකක් වෙලා. ඔෂානී විරෝධී පේජ් එකකුත් හදලා.

අපිට ජීවත් වෙන්න තියෙන්නේ ඉතාමත් සුළු කාලයයි. ඒ කාලය වැදගත් දෙයකට යොදවන්න. මේ විදිහට අනවශ්‍ය දේ වලට නාස්ති කරන්න එපා. ජීවිතයේ අවසාන කාලයේදී සතුටු වෙන්න පුලුවන් දේවල් කරන්න. යුරේනිගේ ජංගිය ජීවිතයේ සැඳෑ සමයේදී ඔයාලට සතුටක් ගෙනදෙන්නේ නැහැ…

ෆේස්බුක් හරහා මිනිස්සුන්ට මඩ ගහන එක, අපහාස කරන එක නවත්වන්න. පහුගිය අවුරුද්දේ මගේම හොඳම යාලුවෝ සෙට් එක මට ගහපු මඩ වෙන කෙනෙක්ට කලානම් එයාලා ජීවිතේ නැති කරගෙන. හැමෝටම එහෙම ශක්තිමත් හිතක් නෑ දරාගෙන ඉන්න.

මං දවසට පැය 18ක් ෆේස්බුක් ඉන්නවා. එක මොහොතක මං අනවශ්‍ය දෙයක් ශෙයාර් කරනවා, ලයික් කරනවා දැකලා තියේද ? මං ෆේස්බුක් ආවේ 2009. අද වෙනකම් එක වැරදි දෙයක් දැම්මද?

මගේ ෆේස්බුක් එක ආදරය, කරුණාව, දයාවෙන් පිරිලා. මට මඩ ගහන අයගේ ෆේස්බුක් වෛරය, ද්වේශයෙන් පිරිලා. එතකොට වැරදි කවුද?

අනුන්ට දෝෂාරෝපණය කරන්න කලින් තමන්ගේ හදවතින් අහලා බලන්න තමන් නිවැරදිද කියලා. තමන්ගේ පේජ් එකට ලයික් ගන්න, තමන් පොර කියලා රටට පෙන්වන්න මිනිසුන්ගේ ජීවිත විනාශ කරන්න එපා.

සමාජසත්කාර Digital පිංපොත කියලා එකක් හැදුවා ලෝකේ වටේ මිනිස්සු කරන හොඳ වැඩ පෝස්ට් කරන්න. ඒකට කොච්චර මඩ ගැහුවද, දොස් කීවද. උදේට හිත සනසවගන්න ඒක බලනකොට එකේ තියෙන්නේ ද්වේශය, වෛරය, පලිගැනීම්, දෝෂාරෝපණ. කොච්චර උත්සාහ කලත් අපේ අය හැදෙන්නේ නෑ…

හෙල්ෆි (Helfie | Helping Selfie) කියලා එකක් මම අඳුන්වලා දුන්නා. උදව්වක් කරලා සෙල්ෆියක් දාලා ආදර්ශයක් වෙන්න සහ අනික් අයව යහපතට පොළබවන්න කියලා. මට නොකියපු දෙයක් නෑ ඒකට. හිඟන්නෝ විකුනගෙන කනවා, අසරණ මිනිහෙක්ට බත් පතක් දීලා ෆොටෝ ගහනවා කියලා. රටේ තියෙන ඔක්කොම බලු වැඩ කරලා ඒවාට අලුතෙන් නම් දාලා එන සෙල්ෆි වලට මාධ්‍ය සාකච්ඡාත් ගන්නවා. රටම ප්‍රශංසා කරනවා. ඔන්න ලංකාව…

ෆේස්බුක් සම්පතක්, හරි විදිහට පාවිච්චි කරන්න. දන්නේ නැතිනම් මගෙන් අහන්න. කියලා දෙන්නම්…

සතියකට පැය 21ක් විතර නිදාගෙන කන්න තියෙන වේල් 21න් 8ක් විතර කාලා සතියකට කිලෝමීටර් 800ක් විතර ඇවිදින්නේ මිනිස්සු වෙනුවෙන්. වැඩි හරියක් නිදාගන්නේ බස් වල මම. ඒ මිනිස්සු වෙනුවෙන්. ඔයාලත් සමාජෙට පොඩි හරි දෙයක් කරන්න උත්සාහ කරන්න. එහෙව් කරන මටත් කොච්චරක්නම් කියලා මඩගහනවද?

මේක ලයික් කරන්න කියලා මම බලකරන්නේ නෑ… මොකද ගොඩක් අය මහන්සි වෙලා ලියන දේකට වටිනාකමක් දෙන්නෙත් නෑ, වැරදි හොයනවා පමණයි. මේක කියවන ඔයාලවත් වෙනස් වෙන්න. තව 3 දෙනෙක් උත්සාහ කරලා වෙනස් කරන්න. ඒ 3 දෙනාටත් කියන්න ඒ විදිහටම කරන්න කියලා. ලෝකේ ගොඩක් ඉක්මනට වෙනස් වෙයි… උත්සාහ කරලා බලන්න. නැති වෙන්න දෙයක් නෑනේ ඔයාලට….

All rights reserved.

අදහස : ධනේෂ් මධුරංග එදිරිසූරිය (නිර්මාතෘ : CharityShop & SamajaSathkara)

Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය

ඩවුන්ලෝඩ් කර නැවත අප්ලෝඩ් කිරීමෙන් වළකින්න.

#2021April24

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments