CharityShop එකෙන් අපි මේ ඔයාලට උගන්වන්නේ, ඔයාලා මේ කරන්නේ ඔන්ලයින් සල්ලි හොයන එකද? – තිත්ත ඇත්ත

by | Aug 6, 2021 | උපදෙස් | 0 comments

CharityShop එකෙන් අපි මේ ඔයාලට උගන්වන්නේ, ඔයාලා මේ කරන්නේ ඔන්ලයින් සල්ලි හොයන එකද? – තිත්ත ඇත්ත

කිසිසේත්ම නෑ. ඔබ සරළවම කරන්නේ Referal Marketing. අපි පොෂ් විදිහට කීවොත් Affiliate Marketing. ඒත් එක්කම Business Promotions, ඉංග්‍රීසියෙන් කීවොත් ව්‍යාපාර ප්‍රවර්ධනය.

වසර 25ක පළපුරුද්ද සහ වසර 15ක මාගේ තාක්ෂණික ආයතනය හරහා මට පුලුවන් කම ලැබුණා විවිධ වූ ක්ෂේත්‍රයන් 200 ගණනක සේවා මගේ ආයතනය හරහා ලබාදෙන්න. ඉතිං ඔබ සරළවම කරන්නේ මගේ ආයතනයේ සාධාරණ සේවාවන් ප්‍රවර්ධනය කර එයට කොමිස් මුදලක් ලබාගැනීම පමණයි. එය ලෝකයේ ඕනෑම ආයතනයක් භාවිතා කරන ක්‍රමයක්.

නමුත් මේ ගෲප් එකේ අරමුණ ඒක නෙමෙයි.

ව්‍යවසායකයින් බිහි කරන්නයි අපි උත්සාහ කරන්නේ…

හැබැයි ඔබ ගොඩක් ආඩම්බරෙන් නේද ඉන්නේ CharityShop එකෙන් සල්ලි හොයනවා මම දැන් Online Entrepreneur (ව්‍යවසායකයෙක්) කෙනෙක් කියලා.

ඒ මොකද දන්නවද, මේ ෆේස්බුක් එකේ පිරමීඩ ආයතන ඔබේ මොළය කොලොප්පන් කරලා, Brain Wash කරලා තියෙන්නේ ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ කරනකොට ඔබ Entrepreneur කෙනෙක් වෙනවා කියලා.

✅ CharityShop Group එකෙන් එළියේ තියෙන ක්‍රම…

1️⃣ ඔබ අනුන්ට සල්ලි දීලා බොරු ඇඩ් ටිකක් බලන්න ඇඩ් ක්ලික් පැකේජ් ගත්තට…

2️⃣ රු.10,000 භාණ්ඩය රු.60,000 විකුණලා eCommerce Platform එකක වැඩ කරනවා කීවට…

3️⃣ පට්ට දුෂ්කර පැත්තක අඩු ගානකට ගත්ත ඉඩමක පර්චස් 3-4ක පැල ටිකක් හිටවලා ලක්ෂ ගාණකට සල්ලි දීලා ගත්තහම…

4️⃣ eCommerce Platform එකකින් හෝටල් ප්‍රවර්ධනය කරනවා කියලා වැඩි ගානට විකුණලා තව කෙනෙක් රවට්ටලා සල්ලි ගත්තහම…

6️⃣ ඇප් එකක් අරන් ඒක තව 5 දෙනෙක්ට විකුණලා, ඒ 5 දෙනා තව 5 දෙනෙක්ට විකුණලා, ඒ 5 දෙනා තව 5 දෙනෙක්ට විකුණන කොට උඩම ඉන්න 5 දෙනාට කොමිස් ආවට…

7️⃣ වෙබ් එකක තියෙන බඩුවක් වැඩි ගාණට විකුණලා එයාට ඉහළින් ඉන්න 100 ගාණකට ඒකෙන් කොමිස් ආවහම…

8️⃣ තියෙන සේසතම විකුණලා ආයතනයක ආයෝජනය කලහම සහ ඒකට තව ආයෝජන කරන අය සම්බන්ධ කලහම…

9️⃣ Crypto Currency අරන් තව අය ඒවා ගන්න තමන් යටතට සම්බන්ධ කලහම…

????️ ලෝන් එකක් අරන් තව ලෝන් ගන්න මිනිස්සු සම්බන්ධ කලහම

✅ CharityShop Group එක ඇතුලේ තියෙන ක්‍රම…

1️⃣ Post Share කිරීම..

2️⃣ Course වලට සිසුන් සෙවීම…

3️⃣ Reselling කිරීම…

4️⃣ ඇප් එකකින් රීලෝඩ් දැමීම..

වගේ දේවල් කලහම, ඔයාලා ඒකට Smart Phone එකක්, Internet Connection එකක් භාවිතා කලා කියලා ඔයාලා Online Entrepreneurs (අන්තර්ජාල ව්‍යවසායකයෝ) වෙන්නේ නෑ.

සැබෑ අන්තර්ජාල ව්‍යවසායකයෙක් වෙන්න ඔබ ඔබගේ හැකියාවන් (Skills) සහ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න ඕන.

  1. Fiverr
  2. Upwork
  3. Toptal
  4. Simply Hired
  5. PeoplePerHour
  6. Aquent
  7. Crowded
  8. The Creative Group
  9. 99Designs
  10. Nexxt
  11. Writer Access
  12. TaskRabbit
  13. Skyword
  14. Designhill
  15. Freelancer
  16. Guru
  17. Hireable
  18. FlexJobs

මේ තියෙන්නේ සැබෑ අන්තර්ජාල ව්‍යවසායකයෙක් වෙන්න ඕනනම් උත්සාහ කරලා බලන්න ඕන වෙබ් අඩවි. මේ හැම එකකටම වගේ පරිගණකයක්, ඉංග්‍රීසි දැනුම ඕන.

නැතිනම් DropShipping ඉගෙන ගන්න. eBay, Etsy වගේ ඉගෙන ගන්න.

Crypto Currency Trading ඉගෙන ගන්න.

අන්න ඒ දේවල් තමයි නියම ව්‍යවසායකයෙක් වෙන දේවල්.

ඔන්ලයින් සල්ලි හොයන්න Paypal ඕන. Skrill Account හදාගන්න ඕන. Crypto Currency Wallet හදාගන්න ඕන. KYC Verification කරන්න ඕන.

අපේ අයට ස්ක්‍රීන්ශොට් එක්ක ඊමේල් එකක් හදාගන්න කීවත් අනාගන්නවා. KYC Verification වලට ගෙදර බල්ලගේ නම දාලා බැක් සයිස් එකේ ෆොටෝ දාලා Verification කරන්නේ. ඉතිං කොහෙද ඔන්ලයින් සල්ලි හොයන්නේ.

CharityShop OnePlatform කියලා අපි නිර්මාණය කරගෙන යන්නේ ඉහත ඔබ දකින සියලුම වෙබ් අඩවි වල එකතුවක් සිංහල භාෂාවෙන්.

මොකද මම මාස 8ක් උත්සාහ කලා ඔබට අන්තර්ජාතික මුදල් ඉපයීම් ක්‍රම කියලා දෙන්න. නමුත් බොහෝ දෙනෙක්ට ඉංග්‍රීසි තියා සරළ සිංහලවත් තේරුම් ගන්න බෑ. ලින්ක් එක  කොපි කරන්න, පෝස්ට් එකක් ශෙයාර් කරගන්න දන්නේ නැහැ. ඉතිං ඔයාලව අන්තර්ජාල ව්‍යවසායකයෝ කරන්න කලින් සාමාන්‍ය දැනීම උගන්වන්න ඕන. අපි 2021 වසර අවසන් වෙන තෙක් ඔබට සිංහල, සාමාන්‍ය දැනීම සහ තාක්ෂණය පිළිබඳව උගන්වනවා. 2022 ජනවාරි 1 සිට අපි උත්සාහ කරමු සැබෑ අන්තර්ජාල ව්‍යාවසායකයෙක් වෙන්න…

ඔබ “තැඹිලි ගෙඩියක් රු.40යි” කියලා බෝඩ් එකක් දාලා තැඹිලි විකුණන කෙනෙක්නම් ඔබ ව්‍යාපාරිකයෙක්…

ඔබ තැඹිලි ගෙඩිය කපලා තැඹිලි වතුර වලින් භාගයක් පමණ බෝතලයකට දාලා, දෙහි ටිකක් දාලා, අයිස් තියෙන සෘජුෆෝම් පෙට්ටියක දාලා “කූල් තැඹිලි රු.100යි” කියලා විකුණනවනම් අන්න ඔබ ව්‍යවසායකයෙක්…

තමන්ගෙම සල්ලි වලින් කිසි පසු වටිනාකමක් නැති ඇඩ් ක්ලික් පැකේජ් එකක් හෝ භාණ්ඩයක් අරන් ව්‍යවසායකයෙක් කියලා හිතන කෙනෙක් ඉන්නවනම් / ඒ කම්පැනි එකෙන් ඔබට කීවනම් ඔබ දැන් ව්‍යවසායකයෙක් කියලා මුලින් ඒ කම්පැනි එකේ ලොක්කව මානසික රෝහලකට අරන් යන්න, ඉන්පසු ඔබත් යන්න…මන්ද ඔබ සාර්ථකව උන්මත්තකයෙක් වී අවසන්…

යථාර්ථයට මුහුණ දෙමු !

සැබෑ ව්‍යවසායකයෙක් වෙන්න හැකියාවන් වැඩි දියුණු කරගමු.

ඒ අතර විනය සහ සදාචාරයද ප්‍රගුණ කරන්න…

CharityShop Team

#2021අගෝස්තු6

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments