Charityshop කියන්නේ ඔබට කපුවෙක් ගෙනාව විවාහ යෝජනාවක් කියලා හිතන්න

by | Jun 15, 2021 | උපදෙස් | 0 comments

Charityshop කියන්නේ ඔබට කපුවෙක් ගෙනාව විවාහ යෝජනාවක් කියලා හිතන්න

1️⃣ ඔබට කපුවෙක් යෝජනාවක් ගේනකොට මුලින්ම කපුවා විශ්වාස කරන්න පුලුවන්ද කියලා බලන්න. මිනිස්සු අමාරුවේ දාන කෙනෙක්ද කියලා හොයලා බලන්න.

Charityshop වලදි කපුවා කියන්නේ දැනට ලියාපදිංචි වෙලා ඉන්න ඔබ. ඔබේ ප්‍රතිරූපය මතයි මිනිස්සු අපේ ගෲප් එකට බය නැතුව සම්බන්ධ වෙන්න Referral Link ඔබන්නේ.

ඔබේ ප්‍රොෆයිල් එකේ ඡායාරූපයක් නැතිනම් මුලින්ම මිනිස්සු ඔබව අවිශ්වාස කරනවා, ඊට පස්සේ ෆේක් එකකින් පෝස්ට් දාන නිසා ආයතනය ගැන අවිශ්වාස කරනවා. ආරම්භයම ඔබ බොරුවක්, වංචාවක් කරලා. මනමාලි හොඳ වුනත් කපුවගේ වැරැද්ද නිසා අවසානේ හොඳ ජෝඩුවකට එකතු වෙන්න බැරි වෙනවා.

“අම්ම දෙන දෙයක් කාලා ඉන්නවා, මම තාම චූටීනේ, ගමේ ඉස්කෝලෙට ගියේ” ඔය වගේ අංග විකල ජීවිත වෙන්න එපා. සමාජයේ වැදගත් කෙනෙක් ලෙස හැසිරෙන්න පුරුදු වෙන්න. ගරු නම්බු නාම ලැබෙන්නේ එතකොට.

කපුවා සල්ලි අරන් මිනිස්සු අමාරුවේ දාන කෙනෙක්ද කියලත් බලන්න වෙනවා. ඒ කියන්නේ ඔබ මීට කලින් පිරමීඩ ක්‍රම වලින් මිනිස්සු අමාරුවේ දාපු කෙනෙක්නම් මිනිස්සු ඔබ හරි දෙයක් කීවත් දැන් ගණන් ගන්නේ නෑ.

2️⃣ කපුවා මනමාලි බලන්න යන්න කලින් ෆොටෝ එකක් එවනවනේ. ඔබ බලාපොරොත්තු වෙන පෙනුම තියේද බලන්න. ඔබට දැක්ක ගමන් හිත යනවද කියලා බලන්න.

ගෲප් එක ගැන මුලින්ම පිටින් විස්තර ටිකක් බලන්න. ඡායාරූපය බලලා අදහසක් ගන්නවා වගේ ඔබට හිත යනවද කියලා බලන්න. හැබැයි මොළේ කල්පනා කරන්නත් ඕන. ඔබට කෙනෙක් එවන්නේ හොඳම ඡායාරූපය. මේකප් දාපු එකක්. සැබෑ ස්වරූපය ඒක නොවෙන්න පුලුවන්. අඟ පසඟ ලොකුවට තියේ කියලා ආශාවන් වලට වහල් වෙන්න එපා. මොකද ජීවිත කාලෙම එකට ඉන්නයි කෙනෙක් තෝරගන්න යන්නේ. ආශාවට කෙල්ලෙක් ඕන වුනහම තමයි මිනිස්සු ගණිකා මඩම් වලට යන්නේ. වෛශ්‍යාවන් හොයාගෙන යන්නේ. පිරමීඩ ක්‍රම, ලෙවල් වලට සල්ලි දෙන ක්‍රම, ලක්ශ ගණන් නීත්‍යානුකූල නොවන දේවලට ආයෝජනය කරලා සල්ලි ඩබල් වෙන ක්‍රම, වැඩි ගාණකට භාණ්ඩ විකුණන ක්‍රම, ඉක්මනින් සල්ලි හොයන ක්‍රම වගෙ වෛශ්‍යාවකට අහුවෙන්න එපා. සරලව කීවොත් ඒ හැමෝම ගහලා අත ඇරපු එකක්. එළිපිට නොහහන හොරට ගහන ඒවා.

ඔබේ ජීවන සහකාරිය ලෙස තැන්පත්, අහිංසක කෙනෙක් තෝරගන්න. ඔබට දෙවෙනි මවක් වෙන කෙනෙක්ව තෝරගන්න. පිට රූපෙන් ඔබ තේරුවොත් අවසානයේ අමාරුවේ වැටෙන්නේ ඔබමයි.

3️⃣ පවුලේ පසුබිම ගැන සොයා බලන්න

ඔබ ගෙදරට කැන්දන් එන්නේ සහකාරිය විතරක් වෙන්න පුලුවන්. ඒත් ඒ පවුලෙම වගකීමත් ඔබට පැටවෙනවා. ජීවිතේ ඉතිරි කාලය ඔබට ඒ අයත් එක්කත් ඉන්න වෙන අවස්ථා තියේ. ඒක නිසා මනමාලිගේ පවුල බලනවා වගේම Charityshop එකට Join වෙන්න කලින් Charityshop පවුලත් මොනවගේද කියලා බලන්න ඕන. අන්න එතනදි දැනට සාමාජිකයෝ වෙලා ඉන්න අයගේ හැසිරීම නරකනම්, නරක ගතිගුණ තියේනම් මනමාලයා එහෙම නැත්නම් ගෲප් එකට අලුතෙන් එන කෙනා අපිව ප්‍රතික්ෂේප කරන්න පුලුවන්. අන්න ඒ නිසයි පවුලේ විනය හදන්න මම උත්සාහ කරන්නේ.

හොඳම උදාහරණය වෙන්නේ පසුගිය වසර පුරා මිනිස්සුන්ට සාපයක් වෙලා කමෙන්ට් දාපු ආයතනය. ඒ නමටත්, ඒ ආයතනයේ වැඩ කරන කාටත් ඔයාලා කැමති නෑ. අන්න ඒ වගේ තත්වයක් අපේ ආයතනයට උදා කරන්න එපා. මගේ පවුල ඔයාලා. ඔයාලා හරියට ඉන්න, ආදර්ශමත් වෙන්න. අන්න එතකොටයි මට මගේ කෙල්ල දීගදෙන්න පුලුවන් වෙන්නේ. නැත්නම් ගෙදරටම නාකි වෙයි.

ජාති, කුල බලන ඒවටනම් මගේ කැමැත්තක් නෑ, නමුත් මෙහිදී ඔබ බලන්න පවුල් පසුබිම ඔබට ගැලපෙනවද කියලා. උදාහරණයක් විදිහට ආයෝජනය කරන කෙනෙක්ට හෝ ක්‍රිප්ටෝ කරන්සි කරන කෙනෙක්ට අපේ පසුබිම ගැලපෙන්නේ නෑ. අපි ඒවා කරන්නේ නැහැ.

4️⃣ සහකාරියගේ දෙමව්පියන් ගැනත් හොයලා බලන්න

මෙතනදි දෙමව්පියන් කියන්නේ ආයතනයේ හිමිකරු. තාත්තා තමයි මම. අම්මෙකුත් ඕනනම් අපි ගන්න තියෙන හොඳම උදාහරණය වන මධුව ගමුකෝ උදාහරණයකට. මේ දෙන්න ගැනත් හොයලා බලන්න. මොකද දරුවා හැදුවේ මේ දෙන්නනේ. (මං දරුවා හැදුවට පස්සේ මධූ ආව නිසා අපි කුඩම්මා කියලා කියමුකෝ)

දෙමව්පියන් තමයි දරුවන්ට ආදර්ශයක් වෙන්නේ. දරුවෝ යන්නේ දෙමව්පියන්ගේ පාරේ ගොඩක් වෙලාවට. ඒ නිසා තාත්තා ඒ කියන්නේ මම කොයි වගේ කෙනෙක්ද කියලත් හොයලා බලන්න.

ඊලඟට කුඩම්මා ගැනත් හොයලා බලන්න. නැත්නම් අමාරුවේ.

5️⃣ මනමාලි බලන්න යන්න

දැන් ඔයාලා මනමාලි බලන්න ගෙදරට ගිහින් එහෙමත් නැත්නම් Charityshop එකට ඇවිත් ඉන්නේ. දැන් ආපු ගමන් පිස්සෙක් වගේ එතන ගිහින් මනමාලි බලන්නත් කලින් වැඩේ අනාගන්න එපා. හදිසිවෙන්න එපා.

කලින් කාපු කෙහෙල් වල ලෙලි සාක්කු වල දාගෙන ඇවිත් හලන්න එපා මනමාලිගේ ගෙදර.

වැදගත් විදිහට හැසිරෙන්න. වෙන ආයතන වල වැඩ කරනවනම් ඒවගේ රෙෆරල් ලින්ක් කමෙන්ට් කර කරා යන්න එපා. ගිය ගෙදර මනමාලි හොඳද කියලා බලලා ඉන්න. මනමාලිගේ ගෙදර ගිහින් කලින් යාලුවුන කෙල්ලන්ගේ විස්තර කියන්නේ නැහැනේ. මොලේ කල්පනා කරලා වැඩ කරන්න.

අනාගන්න එපා Details Please කියලා කමෙන්ට් දාලා. හෙප්පුව අරන් මනමාලි එනකම් පොඩ්ඩක් ඉන්න.

ඒත් එක්කම ගෲප් පෝස්ට් දාලා තියෙන්නේ මම කියලා දැක්කහම පිස්සෙක් වගේ ඉන්බොක්ස් ඇවිත් අනේ මේක මට කියලා දෙන්න, මේක මොකක්ද, මේක කොහොමද කරන්නේ කියලා අහන්න එපා. ඉන්බොක්ස් කියලා දෙන්න පුලුවන් නම් ගෲප් හදන්නේ නෑනේ. හිමින් සැරේ පෝස්ට් කියවලා ඉගෙන ගන්න. මනමාලි ගේන්නේ ඔයාලනම් වගකීම ඔයාලා ගන්න. වෙන කාගෙන්වත් ඒ ගැන අහන්න එපා.

6️⃣ රත්තරන් හෙප්පුවක් අරන් ආවත් පොඩ්ඩක් හොයලා බලන්න

මනමාලි රත්තරන් හෙප්පුවක බුලත් තියාගෙන ආවත් පොඩ්ඩක් හොයලා බලන්න. ගොඩක් මිනිස්සු eMoeny වැඩසටහන් වලට ආව ගමන් රවටනවා. ලොකු ලොකු හීන මවලා පෙන්වනවා. Brainwash කරනවා. ජෙට් ගන්න පුලුවන්, බෝට්ටු, දූපත්, BMW ගන්න පුලුවන් කියලා.

හෙප්පුව ගෙනත් මනමාලී පොඩ්ඩක් හිනාවෙනකම් ඉන්න. දත් තියේද බලන්න.

7️⃣ කපුවා දැවැදි ගැන කතා කරයි

එක්ක ආවා කපුවා කොහොම හරි කරන්න හදන්නේ දෙන්නව බන්දලා ගාන කපාගන්න. මතකනේ කපුවා කියන්නේ මේකේ දැනට ලියාපදිංචි වෙලා ඉන්න කෙනා. Referral එක ගෙනාපු කෙනා.

ඉතිං දැවැදි ගැන, එහෙමත් නැත්නම් Charityshop එකෙන් ලැබෙන දේවල් අහනකොට කපුවා පැනලා උත්තර දේවි.

මනමාලයගේ දෙමව්පියන් : අපි එනකොට පහුකරගෙන ආපු කුඹුරු මේ අයගේ වෙන්න ඇති නේද?

කපුවා : වෙන කාගෙද?

මනමාලයගේ දෙමව්පියන් : එතකොට අර ඊට උඩින් තිබ්බ පොල් වතු, රබර් වතු එහෙම?

කපුවා : වෙන කාගෙද?

ඔය වගේ කපුවා කියන දේටම අහු වෙන්න යන්නත් එපා…

නංගි පෙන්වලා අක්කා දෙන අයත් ඉන්නවා.

එක දෙයක් කියලා Zoom Meeting ගෙන්වලා මොන අටමගලයක් ඇඟේ ගහයිද දන්නේ නෑ.

8️⃣ මනමාලිත් එක්ක කතා කරන්න, අඳුරගන්න

මේ විවාහය වුනොත් ඔබ ජීවත් වෙන්න යන්නේ මනමාලි එක්ක. ඒ කියන්නේ ඔබ Charityshop ඔබේ ආදායම් මාර්ගය කරගන්නවා. ඒ නිසා ඇයත් සමඟ කතා කරන්න. උඩින් පල්ලෙන් නෙමේ. 100%ක් විවාහයට කලින් ඇය ගැන දැනගන්න ඕන. ඉතිං Charityshop Group එකේ තියෙන හැම පෝස්ට් එකක්ම කියවලා බලන්න. එකක්වත් මගහැර ගන්න එපා. මන්ද හැම දෙයක්ම වැදගත්. ඔබේ කම්මැලි කමට පෝස්ට් කිහිපයක් කියවලා ඔබ Charityshop සමඟ සම්බන්ධ වුනොත් අන්තිමේදී අමාරුවේ වැටෙන්නේ ඔබමයි.

කෙල්ල බැන්ඳට පස්සේ ජොබ් එකට යනවද, උයන්න දන්නවද, ගේදොර වැඩ දන්නවද කියලා හොයලා බලන්න. නැත්නම් අන්තිමේදී ඔබට කන්නත් දීලා, ගෙදර වැඩ ටිකත් කරලා දෙන්න වෙයි. අවශ්‍ය මොනවද කියලා අනිවාර්යයෙන්ම හොයලා බලන්න.

ඒ නිසා බලන්න බැන්ඳට පස්සේ ඒ කියන්නේ Charityshop එකට Join වුනාට පස්සේ ආයේ අමතර සල්ලි ආයෝජනය කරන්න ඕනද? ආදරය (සල්ලි) ලබන්න තවත් දේවල් කරන්න ඕනද, මාසෙට මේකප්, සාරි, ආභරණ වලට විතරක් දාස් ගාණක් සල්ලි වියදම් කරන නාස්තිකාර බිරිඳක් වෙයිද කියලා හොයලා බලන්න නැත්නම් කැන්දන් ආවට පස්සේ අර පිරමීඩ ආයතන වල වගේ ලක්ෂ ගණන් බඩු ගන්න කීවොත් ඔබ අමාරුවේ. එන්න කලින් හොයලා බලන්න කියන්නේ ඒකයි.

Charityshop නීතී, රීතී අපි පැහැදිලිව සඳහන් කරලා තියේ. ඒවා නොබලා ඔබ ලියාපදිංචි වෙලා අතරමං වුනාට අපිට කරන්න දෙයක් නෑ. විස්තර නොසොයා මනමාලි ගෙදරට කැන්දන් ආව ඔබයි වැරදි.

දෙන්න ගෙදරදි කතා කරලා එකිනෙකා අවබෝධ කරගන්න

9️⃣ එක පාරට විවාහ වෙන්න එපා. කිහිපවරක් මුණ ගැහෙන්න. කතා කරන්න. හැකිනම් එයාගේ යාලුවොත් හම්බවෙන්න. දෙන්න හොඳට අවබෝධ වෙනකම් විවාහය ගැන තීරණයක් ගන්න එපා.

Charityshop සම්බන්ධ වුණ ගමන් ලියාපදිංචි ගාස්තුව ගෙවලා ලියාපදිංචි වෙලා අමාරුවේ වැටෙන්න එපා. හොඳට අවබෝධ කරගන්න. අද ඉන්න කෙල්ල නෙමේ හෙට ඉන්නේ. අඳුරගත්තම ඔබට වැරදි පේන්න පටන් ගනි. සමහර කෙල්ලෝ ඉන්නවා අහිංසක මූණ, පෙනුම තියෙන. ඒත් තුච්ච, අසික්කිත ගෑනු. පළමු දවසේ හිටිය කෙල්ල නෙමේ වෙන්න පුලුවන් 10 වෙනි දවසේ ඔබට මුණගැහෙන්නේ. ඔබට කෝල් එකක් ආවත්, SMS එකක් ආවත් ඒක වැරදියට හිතලා ඔබත් එක්ක රණ්ඩුවට එන්න පුලුවන්. ඒ නිසා හොඳට ආශ්‍රය කරන්න, හොඳින් අවබෝධ කරගන්න.

????️ තේරුම් ගන්න රූම් එක්ක යන්න ඕන නෑ

බඳින්න කලින් තේරුම් ගන්න ඕන කියලා හිතලා රූම් එක්ක ගිහින් ඒ කෙල්ලගේ ජිවිතය විනාශ කරන්න එපා. ඔබ අත හැරියොත් ඒ කෙල්ලට ආයේ අලුත් ජීවිතයකට යන්න ඕනනේ.

ඒ නිසා ආයතනයේ ගෞරවය ආරක්ෂා කරන්න. සරළ උපදෙස් පිළිපදින්න උත්සාහ කරන්න. කැන්දන් යනකම් හොඳින් පරිස්සම් කරගන්න

1️⃣1️⃣ පොරොන්දම් ගලපන්න

පොරොන්දම් කියන දේ අද අපේ රටේ ගොඩක් අය විශ්වාස කරන දෙයක්. විශේෂයෙන්ම දෙමව්පියෝ. ඒවා ගලපන්න බලන්න.

ඔබට Charityshop ගැලපෙන තැනක්ද බලන්න. සිකුරා 7ද බලන්න. ඔබ සොයන Crypto Currency අපි ගාව නැත්නම් ඔබ ජොයින් වෙලා වැඩක් නෑනේ. කෙල්ල නිසා මාරක තියේද බලන්න. පිරමීඩ ක්‍රමේකට අහුවෙලා ඔබටත් හිරේ යන්න වෙයිද, සමාජය ඉස්සරහා ලැජ්ජාවට පත්වෙන්න වෙයිද කියලා හොයලා බලන්න.

1️⃣2️⃣ Engagement එක ගන්න

මුලින්ම විවාහය ලියාපදිංචි කරන්න. ඒ කියන්නේ Charityshop සාමාජිකත්වයක් ගන්න. ලියාපදිංචි අංකයක් ගන්න. ඒක ප්‍රමාද කරන්න එපා.

1️⃣3️⃣ විවාහයට මුදල් සූදානම් කරගන්න

කෙල්ලෙක් කැන්ඳන් එන එක නිකන් කරන්න බෑ. වියදම් තියේ. වෙඩින් සාරි, හොටෙල් තව ගොඩක් දේවල් තියේ. හැබැයි සරළ විවාහයකට යනවනම් වටිනවා. ඒ කියන්නේ ලක්ෂ ගණන් ආයෝජනය කරලා අන්තිමේ මැරෙනකම් ණය ගෙව ගෙවා ඉන්නවට වඩා. චාමෙට වෙඩින් එක ගන්න ලැහැස්ති කරගන්න. ඒ කියන්නේ සල්ලි ආයෝජන සැලසුම් නැතුව සාමාන්‍ය විදිහට රෙජිස්ට්‍රාර් ගාවට ගිහින් විවාහ වුනත් ඇති. යන සුලු සුලු වියදම් වලට මුදල් ටිකක් එකතු කරගන්න.

ඒ කියන්නේ සාමාජික ගාස්තුව වන රු.1000 සූදානම් කරගන්න.

1️⃣4️⃣ වෙඩින් කාඩ් බෙදන්න

ඔබේ වෙඩින් එක ගැන අනික් අයට කියන්න. ඒ කියන්නේ ඔබේ Referral Link එක ගෲප් වල ශෙයාර් කරන්න. කැමති අය ඒවි.

1️⃣5️⃣ වෙඩින් එක ගන්න

ඔබට පුලුවන් Engagement එකයි වෙඩින් එකයි දෙකම එකට ගන්නත්.

ඒ කියන්නේ සාමාජික අංකයක් අරන් ගාස්තු ගෙවන එකත් එකට කරන්න පුලුවන්. ඒ වගේම කපුවට එහෙමත් නැත්නම් Referral (ඔයාව ගෙනාව කෙනාට) එකට ගෙවන එකත් බලන එක ඔබේ යුතුකමක්. ඒක දෙමව්පියන්, ඒ කියන්නේ ආයතන ප්‍රධානියා විදිහට මම කරනවා.

ඒ මනමාලයයි, මනමාලියි , බැදලා  සතුටින් ඉන්න කොට බලාන ඉන්න බැරි පිරිසකුත් වෙඩින් එකට එන්න පුලුවන්. ඒ අය බලන්නෙ අර මනමාල ජෝඩුවගේ කුරුලු කූඩුව මොන ක්‍රමයකින් හරි  විනාශ කරලා දාන්න. කොහොම හරි මනමාලිගෙ ගෙදර  අයගේ හෝ මනමාලිගේ වරදක් හොයා ගන්න නැති උනොත්. බොරු මඩ ප්‍රචාරයක් කරලා  හරි මගුල කඩන්න හදන අයත් ඉන්න පුලුවන්. කෑම හරි නෑ කියලා හරි කියයි. මනමාලි කොටයි, ඇස් වපරයි කියයි.

අන්න  ඒ වෙලාවට අර මනමාලිගේ තාත්තයි, කුඩම්මයි. එයාලගේ දරුවනුයි එකතු උනාම, නිකරුනේ ගහපු මඩ, එයාලාටම නා ගන්න   වැඩ සිද්ධ  කරාවි…

තව සමහර අය ඉන්නවා දෑවැද්ද ගේන්නේ මොනවද බලන අය. තමන්ට වැඩකුත් නෑ, ඒත් හොයන්නේ ඒ ගැන. ඒ තමයි අනික් අය Charityshop හරහා උපයමු මුදල ගැන හොයන එක.

1️⃣5️⃣ මධු සමය ගත කරන්න යන්න

මේ ඔබේ පළමු අත්දැකීම වෙන්න පුලුවන්. නැත්නම් ඊට කලින් අත්දැකීම් ගොඩක් තියෙන්නත් පුලුවන්.

හැබැයි එහෙම කියලා මනමාලිට වද දෙන්න එපා. කරන දෙයක් නිදහසේ සෙමෙන්… අනික් අයත් එක්ක උත්සාහ කල දේවල් අලුත ගෙනාව මනමාලි එක්ක උත්සාහ කරන්න එපා. බඳින්න කලින් ගණිකා මඩමකට ගිහින් යහන්ගත වුන කෙල්ල එක්ක කරපු දේවල් තමන්ගේ බිරිඳ එක්ක කරන්න එපා.

වෙන වෙන ආයතන වල උත්සාහ කල ක්‍රම Charityshop ආයතනයේ උත්සාහ කරන්න එපා. අලුත් මනමාලි කැමති දේවල් කරන්න. ඔයාගේ කැමැත්තට හැමදේම කරලා පලවෙනි දවසෙම අවුල් කරගන්න එපා.

Charityshop වල නීතීරීති වලට අනුකූලව විතරක් වැඩ කරන්න. අපි කියන විදිහට විතරක් පෝස්ට් දාන්න. වෙන ක්‍රම උත්සාහ කරන්න එපා. එපා කියන දේවල් කරන්නත් එපා…

පරන ගහපු බඩු දැන් අමතක කරන්න. කොන්ඩම් නැතුව වෙන ගෑණු එක්ක ඉඳලා ලෙඩ හදාගෙන ආවනම් ඔයා අමාරුවේ. ඔයාගේ බිරිඳත් අමාරුවේ වැටෙනවා.

ඒ කියන්නේ පිරමීඩාකාර ආයතන එක්ක වංචා කරලා මිනිස්සු අමාරුවේ දාලා පැනලා ආපු කෙනෙක්නම් ඔයා විතරක් නෙමේ අපේ ආයතනයත් අමාරුවේ. මොකද දැන් ඔයා අපේ ආයතනය නියෝජනය කරන්නේ. ඔයාව  දන්න, ඔයා රවට්ටපු මිනිස්සු අපේ ආයතනයත් අවසානයේ ඒ මිම්මෙන්ම මනීවී.

1️⃣6️⃣ එකිනෙකා අවබෝධ කරගන්න

දැන් ඉතිං ජීවිත කාලෙටම දෙන්න එකට ඉන්නේ. එකිනෙකා අවබෝධ කරගන්න. දිනපතා දාන පෝස්ට් කියවලා Charityshop ගැන Update වෙන්න. කැන්දන් ආපු බිරිඳ වෙනස් වෙන්න පුලුවන් කියලා මතක තබාගන්න.

1️⃣7️⃣ දරුවෙක් හදන්න

දැන් ඉතිං කාලය හරි. හැමදාම එන්ජෝයි කර කරා ඉඳලා හරියන්නේ නැහැනේ. දරුවෙක් හදාගන්න. ඒ කියන්නේ ආදයමක් ලබාගන්න දේවල් කරන්න.

සමහර විට ඔබේ වාසනාවට නිවුන් දරුවෝ හම්බවෙන්නත් පුලුවන්. ඒ කියන්නේ ඔබේ මහන්සියට ඔබට නොහිතන ආදායමක් ලැබෙන්නත් පුලුවන්.

1️⃣8️⃣ පවුල රැකගන්න

ඔබේ පවුල, බිරිඳ, දරුවන් විතරක් නෙමේ දෙමාපියන්ද ආදරෙන් රැකගන්න ඕන.

ආයතනය, ආයතන ප්‍රධානියා, අනෙක් සේවකයින් සියල්ල රැකගැනීම ඔබේ වගකීමක්…

1️⃣9️⃣ නොගැලපෙනවනම් දික්කසාද වෙන්න

දෙන්න නොගැලපෙනවනම් එකට ඉඳලා දෙන්නගෙම ජීවිත විනාශ කරගන්න ඕන නැහැනේ. දික්කසාද වෙන්න. දරුවෙක් හදන්න කලින්, වගකීමක් ලැබෙන්න කලින් තීරණය ගන්න.

ඒ කියන්නේ Charityshop වලින් ඉවත් වෙන්න.

හැබැයි එකට පවුල් කාපු ගෑණිගේ ජීවිතේ විනාශ කරන්න එපා. තව මගුලක් කන්න ඉඩ තියන්න.

ආයතනික වගකීම්, තනතුරු ගන්න කලින් ඒ තීරණය ගන්නවානම් වටිනවා…

තැන තැන ආයතනයේ වැරදි කිය කියා යන්න එපා. දික්කසාද සහතිකය අරන් ගැලපෙන කෙනෙක් ඒකක ආපහු පවුල් කන්න…

අනුන්ගේ පවුල් කන කෙනෙක් වෙන්න එපා…

ඒත් එක්කම දෙන්නට එකට පවුල් කන්න බැරි වුනා කියලා කපුවට බනින්නත් එපා. මොකද වැරැද්ද බැන්ද දෙන්නගේ. කපුවා කලේ එයාට ආව යෝජනවලින් එකක් ඔබට පෙන්නුව එක එක විතරයි.

Charityshop Team

#2021ජූනි15

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments