CharityShop පෝස්ට් වල / Promotional Post වල සරළ සිංහල උපදෙස් පිළිපදින්නේ නැති අයට දෙන අපූරු දඬුවම…

by | May 27, 2021 | උපදෙස් | 0 comments

CharityShop පෝස්ට් වල / Promotional Post වල සරළ සිංහල උපදෙස් පිළිපදින්නේ නැති අයට දෙන අපූරු දඬුවම…

1️⃣ සාමාජිකත්වය ලබාගන්න බලාපොරොත්තු වන අයට

2️⃣ රීලෝඩ් ඇප් එක ලබාගන්න බලාපොරොත්තු වෙන අයට

3️⃣ පාඨමාලා වලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන අයට

4️⃣ වෙනත් සේවාවන් ලබාගන්න බලාපොරොත්තු වෙන අයට

තමයි මේ දඬුවම ලැබෙන්නේ…

අපේ ආයතනයේ සේවාවන් 200+ පමණ තිබෙනවා. මේ හැම දෙයක්ම බාහිර ලෝකයට ප්‍රවර්ධන කරන්නේ CharityShop Sales & Marketing Team එක. එයාලා ඒ දේ කරන්නේ අපි එයාලට කොමිස් මුදලක් දෙන නිසා. වෙන ආයතන වගේ නෙමේ. තමන් කරන කාර්යය වෙනුවෙන් එක් වතාවක් පමණක් ගෙවීමක් කරනවා.

ඉතිං එයාලගේ මහන්සියට ගෙවීමක් නොලැබුනොත් ඒක ඒ අයට කරන අසාධාරණයක්. මොකද එයාලා අපිව ප්‍රවර්ධන නොකලහොත් අපට පාරිභෝගිකයන් සොයාගන්න බැරිවෙනවා.

නමුත් ගොඩක් මිනිස්සු කුහකයි. අන්න ඒ කුහක මිනිස්සුන්ට පාඩමක් උගන්වන්නයි මේ උත්සාහ කරන්නේ…

ගොඩක් අය කියන කතාවක් තමයි “අපි උඹලගේ ලින්ක් එකෙන්, උඹලගෙන් අංකෙන් ලියාපදිංචි වුණහම උඹලටනේ කොමිස් මුදල ලැබෙන්නේ කියලා” අපිව ප්‍රවර්ධන කල සාමාජිකයගේ අංකය නැතිව ලියාපදිංචි වෙනවා…

සරළව කීවොත්… “මහත්තයෝ කුහක වෙන්න එපා, බලු වැඩ කරන්න එපා… ඔයා මේ ගෲප් එකට සම්බන්ධ වුනේ ඒ පුද්ගලයා නිසා. එයාගේ අංකය අයින් කලා, ඒක නැතිව සම්බන්ධ වුණා කියලා ඔයාට වාසියක් වෙන්නේ නෑ. පාඩුවක් තමයි වෙන්නේ..”

ඊලඟ දේ තමයි පෝස්ට් වල උපදෙස් නොකියවන එක. අපේ මේ ගෲප් එකේ එක අරමුණක් තමයි සමාජ මාධ්‍ය ජාල නිවැරැදිව භාවිතා කරන ආකාරය. නිවැරැදි තොරතුරු සමාජ ගත නොකිරීම නිසා රටේ කොපමණ ප්‍රශ්න ඇතිවෙලා තියේද? CharityShop සෑම පෝස්ට් එකක්ම පැහැදිලිව පිළිවෙලට සරළ සිංහලෙන් ලියලා තියේ.

1️⃣ මුලින්ම අලෙවි නියෝජිතයාගේ අංකය යොදා පහත ෆෝම් එක පුරවන්න

2️⃣ ඉන්පසු පහත Whatsapp Link එකෙන් අපගේ ආයතන ප්‍රධානියා හා සම්බන්ධ වෙන්න…

ඔය මැසේජ් දෙක අතර පහත ඇති ආකාරයට තවත් පණිවිඩයක් තියේ.

❎ ඉහත ලින්ක් එකෙන් ඔබේ තොරතුරු එවීමකින් තොරව පහත Whatsapp Link එක එබීමෙන් වළකින්න.

හැමෝම කරන්නේ අපගේ ආයතනය ප්‍රවර්ධන කරන්න මහන්සි වෙලා වැඩ කරන අලෙවි නියෝජිතයාව මගහැර ආයතන ප්‍රධානියා සම්බන්ධ කරගෙන වැඩි වාසි ගන්න…

වෙන ආයතන වල එහෙම පුළුවන් ඇති. නමුත් CharityShop වල මුල් තැන දෙන්නේ සාමාජිකයින්ට….

ඔබ කුහක මනුස්සයෙක්නම්, සරළ සිංහල උපදෙසක් පිළිපදින්න බැරි කෙනෙක්නම් ඔබ CharityShop සමඟ සම්බන්ධ වූ පසු වැඩ කරන්න අමාරුයි. මොකද අපි මනුස්සකම, විනය, සදාචාරය කියන දේවලට තමයි මුල් තැන දෙන්නේ. ඉතිං ඔබව හදාගන්න, ඔබට කල වැරැද්ද කියලා දෙන්න අපි දඬුවමක් දෙනවා.

ඒ තමයි ඔබව සම්බන්ධ කල පුද්ගලයාගේ සාමාජික අංකය / අලෙවි නියෝජිත අංකය එහෙමත් නැතිනම්  Referral No නැතිනම් ඔබට CharityShop වෙතින් නොමිළයේ ලැබෙන සේවාවන් සියල්ල, CDC වැනි දෑ අහිමි වෙනවා. ඒ වගේම ඔබ මිළදී ගන්නා Products හෝ Services වලට, රීලෝඩ් ඇප් වලට අමතර මුදලක් ගෙවන්න සිදු වෙනවා.

උදා :

අලෙවි නියෝජිතයාගේ අංකය ඇතිනම් රීලෝඩ් ඇප් එක – රු.2,500

අංකය නැතිනම් රු.3,000 (රු.500ක් වැඩියෙන් ගෙවිය යුතුය.)

යම් දෙයක් කරනකොට එය ඔබට සිදුවුනානම් කියලා හිතන්න. ඒ අලෙවි නියෝජිතයා ඔබ වුණානම් කියලා හිතන්න. ඔබට සිදුවන අවාසිය ගැන හිතලා අනික් අයට ඒ දේ කරන්න…

CharityShop කිසිම අවස්ථාවක අසාධාරණයට තැනක් දෙන්නේ නෑ…

CharityShop Team

#2021මැයි27

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments