Charityshop හරහා ආයෝජන සැලසුම් ලබා නොදෙන්නේ ඇයි ?

by | Jul 21, 2021 | උපදෙස් | 0 comments

Charityshop හරහා ආයෝජන සැලසුම් ලබා නොදෙන්නේ ඇයි ?

1️⃣ අපගේ ආයතනයට කිසිම පුද්ගලයෙක්ගෙන් තැන්පතු ගැනීමේ හැකියාවක් හෝ අවසරයක් නෑ. ලංකාවේ වෙනත් දැනට එසේ සිදු කරන ආයතන වලටද එසේ ආයෝජන තැන්පතු ගැනීමේ අවසරය නැහැ. හැම ආයතනයකට තිබෙන්නේ පුද්ගලික සමාගමක් ලෙස සමාගම් මැදුරේ ලියාපදිංචි පමණි.

මුදල් ආයෝජනය තහනම් නිසයි ඒ වෙනුවට දැනට තහනම් නොවන ලක්ෂ ගණන් වල භාණ්ඩ පැකේජ්, ඇඩ්ක්ලික් පැකේජ්, ඉඩම්, හොටෙල් පැකේජ් වගේ ලබාදීම් කරන්නේ. මහ බැංකුවේ නීතිය අස්සෙන් රිංගන්න කරන උත්සහයක් ඒ. දැනට පවතින නීති අනුව, මාගේ දැනීමේ හැටියට ඒ ක්‍රම නීති විරෝධී නැහැ. නීතී විරෝධී වෙන්නේ ඒවා සාමාන්‍ය මිළට වැඩියෙන් හෝ පිරමීඩාකාර ක්‍රමයකට ඒ අදාල ආයතන වලින් විකිණීම් කලොත් පමණි.

2️⃣ මූල්‍යමය ආයතනයක් ලෙස අපගේ ආයතනය මහ බැංකුවේ ලියාපදිංචි වී නැහැ. Charityshop වැඩසටහම TechLabs තාක්ෂණික ආයතනයේ වැඩසටහනකි. TechLabs ආයතනය සමාගම් මැදුරේ ලියාපදිංචි පෞද්ගලික සමාගමකි.

අප විසින් ආයෝජන සැලසුම් ලබා නොදෙන මූලික හේතුව වන්නේ වන්නේ…. අපිට ලබාදෙන්න පුළුවන් අධ්‍යාපන සහ තාක්ෂණික සේවාවන් පමණයි.

???? ඔබව ගිණි ගොඩක තබන්නට නොහැකි නිසාත්, ඔබගේ ආයෝජනය නිසා අපගේ මනසට නිදහසක් නොමැති නිසාත්ය.

සිතන්න ඔබ අප ආයතනයට රුපියල් ලක්ෂයක් ආයෝජනය කලා යැයි කියා. ඉන්පසුව ඔබ ගත කරන හැම මොහොතකම සිටින්නේ ගිණි ගොඩකය. අපේ ආයතනය සල්ලි අරන් පනීවිද, ආයෝජනය කල මුදලත් නැතිවේවිද යන බයෙන් සැකෙන් තමයි ඔබ සිටින්නේ.

ආයෝජනය කල මොහොතේ පටන් ඔබ අපේ ගෲප් එකට එන්නේ, වෙබ් අඩවියට එන්නේ අපට තිබෙන ලැදි කමට නොව, ඔබේ ආයෝජන මුදල සුරක්ෂිතද, අද දවසේ ආයතනය යහතින් තිබේද යන්න පරික්ෂා කිරීමටයි. දාන කමෙන්ට් එකක් වුවද දමන්නේ හදවතින් නොව ඔබගේ මුදලේ අගය මතය.

☘️ අප ඔබගෙන් ආයෝජන මුදලක් ලබාගත හොත් පෞද්ගලික හේතුවකට හෝ වෙනත් මොනයම් හේතුවකට අනාගතයේදී අපට අපගේ ආයතනයේ ක්‍රියාකාරකම් නැවැත්විය නොහැක. අපගේ ආයතනය විසුරුවා හැරීම සිදුකල නොහැක. එසේ වගකීමක් ගැනීමට ඇත්තෙන්ම මාගේ බලාපොරොත්තුවක් නොමැත.

මෙය ආරම්භ කලේ මාගේ නිදහස් කාල වේලාව කොරෝනා වසංගතය හේතුවෙන් අසරණ වූ අයට රැකියා අවස්ථා නිර්මාණය කර දීම වෙනුවෙනි. ගෲප් එක තුල  එකමුතුව ගොඩ නගන්න හැකි උපරිම අයුරින් උපරිම කාලයක් උත්සාහ කරන අතර එසේ නොහැකි වුවහොත්, උත්සාහයේ ප්‍රතිඵල නොමැති වුවහොත්, අවම 1,000ක කණ්ඩායමක් එකතු කිරීමට නොහැකි වුවහොත් අදාල අවස්ථාව වන විට සියලුම දෙනා ආයෝජනය කල (පාඨමාලා ගාස්තු) මුදල් උපයාගත් පසුව අපට අනාගතයේදී ආයතනයේ ක්‍රියාකාරකම් නතර කලහැක.

ඔබ පාඨමාලා ගාස්තුව සැමවිටම ගෙවන්නේ ගෲප් එකේ දැනට පලකල ඇති අධ්‍යාපනික පෝස්ට් / ආදායම් ඉපයීමේ පෝස්ට් වලට අදාලවය. එම නිසා පාඨමාලා ගාස්තුව ගෙවා ඊලඟ දිනයේ ආයතනය වැසුවත් ඔබට පාඩුවක් නෑ. ගෙවපු මුදලට අපි හැමදේම දැනටමත් උගන්වලා තියෙන්නේ.

ඔබගේ සහ අපගේ මානසික සුවය වෙනුවෙනුයි අප ඔබට ආයෝජන සැලසුම් ලබා නොදෙන්නේ…

Charityshop Team

#2021ජූලි21

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments