Charityshop Digital Wallet එක Lock හෝ ප්‍රවේශ වීමට නොහැකිව බ්ලොක් වුවහොත් මොකද කරන්නේ?

by | Jul 30, 2021 | උපදෙස් | 0 comments

Charityshop Digital Wallet එක Lock හෝ ප්‍රවේශ වීමට නොහැකිව බ්ලොක් වුවහොත් මොකද කරන්නේ?

පද්ධතිය කිසිම අවස්ථාවක නිකරුණේ Lock වන්නේ නැත. ඔබ සිදුකල යම් කිසි වැරැද්දකට තමයි එය එසේ වෙන්නේ.

???? මොනවද එහෙම වෙන්න පුළුවන් වැරදි?

1️⃣ ගිණුමක් නිර්මාණය කර නොගෙන ලොග් වෙන්න උත්සාහ කිරීම

ඔබ කරන පළමු ප්‍රධාන වැරැද්ද තමයි ගිණුමට ප්‍රවේශ වෙන පිටුවට ගිය ගමන් මුලින්ම තියෙන කොටු දෙක බලලා, ගිණුමක් නිර්මාණය කරගන්නේ නැතුව තමන්ට ලැබුණ සාමාජික අංකය යොදලා, හිතට එන පාස්වර්ඩ් එකකුත් ටයිප් කරලා ලොග් වෙන්න උත්සාහ කරන එක.

ඔබට මතක් කරන්න ඕන දෙයක් තමයි මෙය පරිගණක වැඩසටහනක්. එහෙම නැතුව මෙයට ඇලඩින්ගේ පුදුම පහන සම්බන්ධ කරලා නැහැ ස්වයංක්‍රීයව ඔබේ සිතුවිලි දැනගෙන හැමදේම පහල කරලා දෙන්න. අනික් එක අන්තර්ජාලයෙන් මුදල් සොයනවනම් ඒ පිළිබඳව සාමාන්‍ය දැනීම හෝ දියුණු කරගන්න. ලෝකයේ තිබෙන එකම සිංහල eWallet එක අපේ Wallet එක. එහි සිංහල කරුණු තේරුම් ගන්න අමාරුනම් මුලින්ම ආපහු පෙරපාසල් හෝ පූර්ව ළමාවිය සංවර්ධනය මධ්‍යස්ථානයක් හරහා ඉගෙන ගන්න.

යම් ගිණුමකට ප්‍රවේශ වෙන්න (Login) වෙන්න කලින් ලියාපදිංචි වෙන්න (Sign Up / Register) අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඔබ ප්‍රවේශ වෙන අපගේ වෙබ් අඩවියේ සෙන්ටිමීටර් 2ක් පහළට ගිය විට තිබෙන Create Your Account හරහා ගිණුමක් නිර්මාණය කරගන්න ඕන.

ඉන්පසු ඔබට ඕනෑම අවස්ථාවක වෙබ් අඩවියට ප්‍රවේශ වූ ගමන් ඔබ නිර්මාණය කරගත් ගිණුමට අදාල සාමාජික අංකය සහ මුරපදය යොදා ලොග් වෙන්න පුලුවන්.

❎ ඔබ ගිණුමක් නිර්මාණය කර නොගෙන ඔබේ සාමාජික අංකය යොදා ලොග් වෙන්න උත්සාහ කලහොත් Invalid User Name යන වරද යටතේ ඔබගේ ගිණුම ලොක් වේවි. එවිට ඔබට විනාඩි 15කට පසු නැවත උත්සාහ කල හැක.

2️⃣ වැරදි සාමාජික අංකයක් යොදා ලොග් වෙන්න උත්සාහ කිරීම

ඔබ ලියාපදිංචි ගාස්තුව ගෙවන්න පෙර Wallet එක නිර්මාණය කරගත් අයෙක්නම් ඔබට අප අලුත් වෙබ් අඩවියට යනතෙක් ගිණුම භාවිතා කරන්න වෙන්නේ CS, AB, TL, JN, FB, LN, AP, JU ලෙස අකුරු දෙකකින් යුත් සාමාජික අංකයක්ය.

ගාස්තුව ගෙවීමෙන් පසුව අප ඔබට දැනුම් දෙනවා අපට ඔබව හඳුනාගන්න පහසුවට එම අකුරු දෙකට පසුව EX යන්න භාවිතා කරන ලෙස. උදාහරණ : APEX0000

නමුත් ඒ වන විටත් ඔබ ගිණුම නිර්මාණය කරගෙන අවසන්නම් ඔබ දිගටම ගිණුමට ප්‍රවේශ වීමට භාවිතා කල යුත්තේ අකුරු දෙකෙහි සාමාජික අංකය සහිත User Name එකයි. නමුත් ප්‍රවර්ධන කටයුතු වලදී EX භාවිතා කල යුතුය.

ගොඩක් අය කරන මෝඩ වැඩක් තමයි ගාස්තුව ගෙවූ පසු අපි EX ලෙස සාමාජික අංකය වෙනස්වූ බව දැන්වූ පසු ගාස්තුව ගෙවන්න කලින් හදාගත්ත Wallet එකට ලොග් වෙන්නත් EX ටයිප් කරනව. ඉතිං එහෙම ගිණුමක් නිර්මාණය වී නැති නිසා ගිණුම ලොක් වෙනවා.

හිතලා බලන්න ඔබේ නම “මෝඩ ආරච්චිලාගේ ගොන් කණුව” කියලා. අවුරුදු 35කට පස්සේ ඔබ ඒ නමට අකමැතිව එය වෙනස් කරනවා “මායාදුන්න ආරච්චිගේ ගයාන් කංකානම්” කියලා. දැන් ඔබ මෙච්චර කාලයක් භාවිතා කල හැඳුනුම්පත්, පාස්පෝර්ට්, ගිණුම් ඔබට නිකන් භාවිතා කරන්න පුළුවන්ද?  බෑනේ. ඔබ ඒවා නැවත අලුත් කරගන්න ඕන. අන්න ඒ වගේ හිතෙන හිතෙන දේවල් කරන්න බෑ මේ සිස්ටම් වලත්.

❎ ඔබ භාවිතයේ නැති සාමාජික අංකයක් යොදා ලොග් වෙන්න උත්සාහ කලහොත් Invalid User Name යන වරද යටතේ ඔබගේ ගිණුම ලොක් වේවි. එවිට ඔබට විනාඩි 15කට පසු නැවත උත්සාහ කල හැක.

3️⃣ මුරපදය වැරදීම

දවසට අපට ඊමේල් 200ක් පමණ එනවා Password Reset කරලා. ගිණුමට ලොග් වෙනවට වඩා කරන්නේ රීසෙට් කරන එක. මේක පෙන්ටගන් එකේ තියෙන මිසයිල Launch කරන සිස්ටම් එකක්වත්, බැංකුවේ කෝටි ගණන් තියෙන ගිණුමක්වත් නෙමේ. කවුරුත් මේක හැක් කරලා ඔබේ සල්ලි ගන්නේ නැහැ. කරන හැම දෙයක්ම සිස්ටම් එකේ රෙකෝඩ් වෙනවා. ඒ නිසා මතක තියාගන්න පුළුවන් සරළ පාස්වර්ඩ් එකක් භාවිතා කරන්න. පිස්සෙක් වගේ හදිසියෙන් ටයිප් කරන්න එපා. හිමින් වරදින්නේ නැතුව ටයිප්  කරන්න.

එක දිගට කලහොත් සිස්ටම් එක හිතන්නේ කවුරු හරි කෙනෙක් Guess කරලා පාස්වර්ඩ් ටයිප් කරලා හැක් කරන්න උත්සාහ කරනවා කියලා.

මතක නැතිනම් Forgot Your Password ඔබලා පාස්වර්ඩ් එක වෙනස් කරගන්න. එවිට ඊමේල් එකට එනව ඒක කරන්න ඕන විදිහ. හැබැයි ඔබ ගිණුම හදනකොට පිස්සු නටලා ඊමේල් එකේ අකුරක් හෝ හිස්තැනක් දාලා තිබ්බොත් ඊමේල් යන්නේ නැහැ. ඉන්පසුව කෑගහන්න එපා Account එක නැහැ. අපි මකලා කියලා. වැරැද්ද ඔබේ.

❎ ඔබ වැරදි මුරපදයක් යොදා ලොග් වෙන්න උත්සාහ කලහොත් Invalid Password යන වරද යටතේ ඔබගේ ගිණුම ලොක් වේවි. එවිට ඔබට විනාඩි 15කට පසු නැවත උත්සාහ කල හැක.

4️⃣ කිහිපවරක් පාස්වර්ඩ් රීසෙට් කිරිම

එක ලඟ පාස්වර්ඩ් රීසෙට් කරන්න පුළුවන් 3 වරක් පමණයි. ඊට වඩා උත්සාහ කලහොත් සිස්ටම් එක හිතන්නේ කවුරු හරි පාස්වර්ඩ් එක රීසෙට් කරන්න උත්සාහ අරන් හැක් කරන්න උත්සාහ කරනවා කියලා. මන්ද Forgot Your Password ක්ලික් කර සැනින් නව පාස්වර්ඩ් එකක් නිර්මාණය කරගන්න ඊමේල් එක එනවා ඔබ ලියාපදිංචි වෙනවිට දුන්න ඊමේල් එකට.

හැබැයි ඔබ ගිණුම හදනකොට බාලංශ ළමයෙක් වගේ ඊමේල් එකේ අකුරක් හෝ හිස්තැනක් දාලා තිබ්බොත් ඊමේල් යන්නේ නැහැ. ඉන්පසුව කෑගහන්න එපා Account එක නැහැ. අපි මකලා කියලා. වැරැද්ද ඔබේ.

❎ ඔබ මුරපදය 3 වරකට වඩා Reset කරන්න උත්සාහ කලහොත් Too many Password Resets යන වරද යටතේ ඔබගේ ගිණුම ලොක් වේවි. එවිට ඔබට විනාඩි 15කට පසු නැවත උත්සාහ කල හැක.

පාස්වර්ඩ් මතක නැතිනම් මේ ලින්ක් එක ඔබන්න :

https://charityshop.lk/password-reset/

????????????????????????????????????????????????????????????????

ඕනෑම අවස්ථාවක විනාඩි 15කට පසු නැවත උත්සාහ කරන්න නිවැරැදිව. එවිට ලොග් වෙන්න පුළුවන්.

මෙපමණ දැනුම් දී තිබියදී ඔබ සිතාමතා කල වැරදීම් වලින් ගිණුමට ප්‍රවේශ වෙන්න කිසිදු හැකියාවක් නැති වුවහොත් දඩුවමක් ලෙස ඔබගේ ගිණුමෙන් CDC 1000ක් අඩුවීම සිදුවන අතර, ඔබගේ නම, ඊමේල් ලිපිනය, සාමාජික අංකය සහ සාම්පල් පාස්වර්ඩ් එකක් 10 වරක් බැගින් පිටපත් ලියා මේ පෝස්ට් එකට කමෙන්ට් කල යුතුය. එවිට නැවත අප විසින් ගිණුම ප්‍රතිස්ථාපනය (Restore) කරනු ලැබේ.

ගිණුම ලොක් වී ඇත්නම් මැසෙන්ජර් හරහා දැනුම් නොදී මේ පෝස්ට් එකේ සිදුවූ වරද සැමවිටම කමෙන්ට් කල යුතුය. එවිට සහය ලබාදෙන්නම්.

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#2021ජූලි30

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments