Let’s break the cycle ~ පිරමීඩ වංචාවකට අහුවුණ කෙනෙක්නම් කියවන්න

by | Jul 25, 2021 | උපදෙස් | 0 comments

Let’s break the cycle ~ පිරමීඩ වංචාවකට අහුවුණ කෙනෙක්නම් කියවන්න

මේ පෝස්ට් එකේ අපි කතා කරන්නේ 100%ක් ඇත්ත. ගොඩක් අයට වගේම ගොඩක් ආයතන වලටත් මේකෙන් රිදෙන්න පුළුවන්. නමුත් අපි ඇත්තම කතා කරමු…

මේ ගෲප් එකේ ඉන්න කිසිම කෙනෙක්ව බලෙන් ඇඩ් කල අය නෙමේ. හැමෝම ගෲප් එකේ කවර් එක බලලා, තේරුම් අරන් ඔන්ලයින් සල්ලි හොයන්න ආව අය. 19,000+ක් ඉන්නවා. මේ 19,000න් අනිවාර්යයෙන්ම 18,500ක් මොකක් හරි ඔන්ලයින් ජොබ් එකක් ට්‍රයි කරලා හරි ගියේ නැති හෝ තරමක් දුරට හරි ගිය අය හෝ ඉන්නවා. හැබැයි මෙතන ලක්ෂ කෝටි ගණන් හොයපු අයනම් නෑ. එහෙම අය මේකේ රැඳිලා ඉන්නේ නෑ. තව මේකේ ඉන්නවා ඔත්තු බලන්න ආපු එක එක කම්පැනි වල සාමාජිකයෝ සහ අයිතිකාරයෝ. ලොකු ලොකු CEO නම් නැතිව ඇති. වෙන වෙන අය ෆේක් වලින් ඉන්නවා වෙන්නේ මොනවද බලන්න.

හරි අපි ඇත්ත කතාවට දැන් බහිමු.

මොනයම් හෝ ආයතනයක් කියනවනම් ඔයාලා කණ්ඩායමක් හදාගන්න ඒකේ යට ඉන්න අයගෙන් ගොඩ යන්න පුළුවන්, අනික් අයගෙන් ඔයාට Passive Income ලැබෙනවා, මුලින්ම ජොයින් වුනොත් වාසී කියලා අනිවාර්යයෙන්ම ඕක පිරමීඩ කම්පැනි එකක්. ඔයාලා ඔය Passive Income කියන වචනෙට රැවටෙනවා. අනිවාර්යයෙන්ම තේරුමනම් ඔයාලා දන්නේ නෑ, හැමෝම දාන නිසා ඔයාලත් දානවා, එහෙම නේද? සරළව කීවොත් නිකන් ඉඳලා හෝ නිදාගෙන ඉඳලා සල්ලි හෙවීම. දැන් තේරුණා නේද?

අපි ප්‍රසිද්ධ උදාහරණ ටිකක් ගමු..

1️⃣ 50,000ක් දීලා භාණ්ඩයක් ගන්නවා

2️⃣ 1,000ක් දීලා ඇප් එකක් ගන්නවා

3️⃣ 40,000ක් දීලා තේකොළ පැකට් එකක් ගන්නවා.

4️⃣ 60,000ක් දීලා ඇඩ් ක්ලික් පැකේජ් එකක් ගන්නවා

අපි කොටස් දෙකකට මෙය විග්‍රහ කරමු…

අංක 4️⃣ ගැන මුලින් කතාකරමු. මේවා පිරමීඩ ආයතන නෙමේ. තව අය සම්බන්ධ කලාට ලොකු ආදායමක් ලැබෙන්නේ නෑ. මොකද මේවා කිසි වටිනාකමක් නැති ඇඩ් පැකේජ් විකුණන්න කරන්නේ. ලක්ෂ ගණන් සල්ලි ආයෝජනය කරන්න ඕන. ඔය මිනිස්සු රැවටිලා ආයේ ටික දවසකින් තව එකකට රැවටෙනවා. අරක හොරු වුණාට මේක තමයි හොඳම එක කියලා ආයේ රැවටෙනවා. ආයෙත් ඒකම වෙනවා. මගේ යාලුවෝ 50 වඩා ඉන්නවා ඇඩ් ක්ලික් කරන. අපේ එකට එන්න කීවහම රු.1000 ගෙවන්න සල්ලි නැහැලු. මාස 2-3කින් එනවා ණය ඉල්ලගෙන. ඔහොම කාලකණ්නි යාලුවෝ ඕනත් නෑ, ඔය වගේ මෝඩ ආයෝජන කරන මිනිස්සුන්ව හදන්න ඕනත් නෑ. ඔහේ රැවටුනාවේ. මොකද කිසි පසු වටිණාකමක් නැති ඇඩ් පැකේජ් ගන්න එපා කීවහම ඔහේට මොකද, අපේ සල්ලිනේ, අපිට ගෙවනවා. කලින් මං පොඩි පොඩි පැකේජ් ගත්තේ, ඒවට හොඳට ගෙව්වා, මම දැන් ලොකු එකක් අරන් ඉන්නේ කියලා මෝඩ කමට උදම් අනන මිනිස්සු ඉන්නේ. ඇඩ් ක්ලික් කාරයෙක් යහමගට ගන්නවට වඩා ලේසී ගණිකාවක් යහමගට ගන්න එක.

1️⃣2️⃣3️⃣ වලදි ඔබ මිළදී ගත් දෙයට ගිය වියදම හොයන්න ඔබ කරන්න ඕන තව කිහිපදෙනෙක් ඔබ මිළදීගත් දේම මිළදීගන්න සොයන එක. ඉන්පසු ඒ අයත් ඒකම කරන්න ඕන. ඒ අයත් ඒකම කරන්න ඕන. ඉවරයක් නෑ. හැබැයි ඉක්මනටම ඉවරයක් වෙනවා මොකද ලෝක ජනගහනය මදි වෙනවා මේ ක්‍රමවේදයේදී. හැමෝම වියදම් කරලා භාණ්ඩය මිළදී අරන් ටික දිනකින් තමයි දැනගන්නේ තමන් අහුවුණ උගුල ගැන. මොකද මුලින්ම මේ ආයතන ඔබට ලොකු ලෙවල් ගාණක් එක්ක කෝටිපති හීනයක් පෙන්වනවා. ඔබ අන්ධ වෙනවා. ඉන්පසුව හැම සේසතක්ම වියදම් කරලා එයාලා කියන දේවල් මිළදීගන්නවා.

සතියක් දෙකක්, මාසයක් යනකොට ඔබේ මොළේ ටික ටික පෑදෙනවා. ඔබ අහුවුණා කියලා ඔබ හරියටම අවබෝධ කරගන්නවා. හැබැයි ඔබ කොයි මොහොතකවත් ඔබ කරන දේ නතර කරනවද? නෑ, කිසිසේත්ම නෑ. මේ වංචාවට අහුවුණ 99%ක්ම කරන්නේ තමන් ලක්ෂපතියෙක් වුනා කියලා ෆේස්බුක් එකේ BMW, රොලෙක්ස් ඔරලෝසු, Motivational Post දාගෙන ඊලඟ ධම්මික පෙරේරා ඔබ තමයි කියලා ලෝකෙට පේන්න රඟ පානවා. එහෙම කරන්නේ මොකද දන්නවද? අර වියදම් වුණ සල්ලි ටික කාව හරි අමාරුවේ දාලා රවට්ටලා එයාවත් ජොයින් කරලා ඒ ගාණ හොයාගෙන පැත්තකට වෙන්න.

ඔය වගේ අපරාධ ආත්ම ගාණක් විඳවන්න වෙන දේවල්.

නිකමට හිතන්න ඔබ අමාරුවේ වැටුණා. ඔබට රු.50,000ක් නැති වුණා. හැබැයි ඔබ ඊලඟ කෙනාව අමාරුවේ දැම්මේ නෑ ඔබේ නැතිවුණ මුදල හොයාගන්න. හැමෝම එහෙම  කලොත් නිකමට හිතන්න ලක්ෂ ගාණක් මිනිස්සු රැවටෙන එක නතර වෙනවා ඔය පිරමීඩ ලෙවල් 2-3න් නවත්වන්න අපිට පුළුවන් වෙනවා එතකොට.

අන්න එතනදි තමයි අපි උදව්වට එන්නේ…

දැන් ඔබ රු.50,000ක් නැතිකරගෙන අවසන්. ඔය 50,000 හොයන්න තව අය අමාරුවේ දාන එක නතර කරන්න. අපි දෙන්නම් ඔබට ඒ මුදල. ඔබ අලුත් ජීවිතයක් පටන් ගන්න…

හැබැයි හිත රිදුනත් කමක් නෑ ඔබට ඇත්තම කියන්නම්. ඔබ මෝඩ කාළකණ්නියෙක් නිසයි ඔබ ඔය පිරමීඩ වංචා වලට අහුවුනේ. ඔබ තවදුරටත් මෝඩයෙක් වෙනවනම්, කාළකණ්නියෙක් වෙනවනම් ඔබව අපේ ආයතනයට ලං කරගෙන අපේ ආයතනය විනාශ කරගන්න අප සූදානම් නෑ. ඔබ නිදාගෙන ඉඳලා සල්ලි හොයන්න ගිහිල්ලයි ඔය සල්ලි නැති කරගත්තේ. ඔබ ඉදිරියටත් බලාපොරොත්තු වෙන්නේ එහෙම සල්ලි හොයන්නනම් ඔබට ගැහැණු කෙනෙක්නම් වෛශ්‍යාවක් වෙන්න පුළුවන්, පිරිමි අයෙක්නම් වෘෂණ කෝෂ විකුණන්න පුළුවන්. දෙගොල්ලන්ටම හිඟා කන්න පුළුවන්. ඔය ක්‍රම 3 ඇරෙන්න මේ ලෝකේ නිකන් ඉඳලා සල්ලි හොයන ක්‍රම ගැන මමනම් දන්නේ නෑ…

100%ක් සහතික කරලා කියන්න පුළුවන් ඔබ පිරමීඩ කම්පැනි එකක් හරහා නැති කරගත්ත මුදල ආපසු හොයලා දෙන්න පුලුවන් වෙන eMoney ආයතන නම් ලංකාවේ එකක්වත් නෑ. eMoney ආයතනයකින් ඔබට ලක්ෂ කෝටි ගණන් හොයන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම එය Institute එකක් වෙන්න ඕන. හැබැයි කෝටි ගණන් නම් හොයන්න ලේසි නෑ. ලක්ෂ ගණන් හොයන්න පුළුවන් අධ්‍යාපන ආයතනයක් හරහා ඔබේ දැනුම, කුසලතා, හැකියාවන් වර්ධනය කරගත්තොත්. නැතිව eMoney කියන ආයතන වලින් ඔබට කවදාවත් කෝටිපතියෝ වෙන්න බෑ. කෝටිපතියෝ වෙන්න පුළුවන් අයිතිකාරයටයි, හවුල්කාරයින්ටයි පමණයි. අපි වගේ අධ්‍යාපන ආයතන තියේ, වෘත්තීය නිපුණතා ආයතන තියේ. ඒවා උත්සාහ කරන්න පුළුවන්.

CharityShop නිර්මාණය කලේ ලංකවේ සියලුම eMoney ආයතන සහ ලෝකේ බොහොමයක් ආයතන වල දේවල් ඔක්කොම එකතු කරලා. හැබැයි වැරදි දේවල් අයින් කලා. ලෙවල් අයින් කලා, පිරමීඩ ලෙස සම්බන්ධ කිරීම්, ගෙවීම් අයින්කලා. ආයෝජන අයින් කලා. අවධානම අයින් කලා. විනය සහ සදාචාරයට මුල් තැන දුන්නා.

තේරුනේ නැතිනම් තේරුම් කරලා දෙන්නද?

???? Success Lanka/VSLpay/eServicesLanka – අපෙත් තියේ රීලෝඩ් ඇප් එකක්

???? WinWin  / Comtra – අපෙත් තියේ eCommerce වෙබ් අඩවියක්

???? LionsShare – අපෙත් TRX සහ Crypto Currency තියේ

???? LKBux/Hypetech/Bannercuts/VSLLIKE/Jaalifestyle – අපේ ඇඩ් ක්ලික් නම් නෑ. හැබැයි පෝස්ට් ශෙයාර් කරන්න පුළුවන්. අපිත් ඇඩ්වර්ටයිසින් ආයතනයක්, ව්‍යාපාර ප්‍රවර්ධනය කරනවා. Youtube Monetize කිරීම අපිත් කරනවා.

???? BestLife / Global Life, Qnet – අපෙත් භාණ්ඩ විකිණීම කරනවා

???? BET – අපෙත් තියේ ඉංග්‍රීසි පාඨමාලාවක්

???? වෙනත් eMoney අධ්‍යාපනය ආයතන – අපෙත් උගන්වනවා eBay/Etsy වගේ පාඨමාලා

???? වෙනත් ව්‍යවසායික පාඨමාලා – අපෙත් තියේ බිම්මල්, සාරි හැට්ට, කේක් වැනි පාඨමාලා 25ක් පමණ

ඔන්න ඔයාලා සම්බන්ධ වෙලා ඉන්න ආයතන ලැයිස්තුව. ඔය ඔක්කොම CharityShop වල තියෙනවා. සරළව අපි කලේ හැම එකකම අදහස් අරගෙන හරි විදිහට නීත්‍යානුකූලව නව අදහසක් නිර්මාණය කල එක.

ඉහත ආයතන ගැන නෙමේ, අපි කතාකරමු ඔබව රැවැට්ටුව, වංචාවට අහු කල ආයතන ගැන. දැන් ඒ මුදල ඔබට සොයාගන්න බැහැනේ.

Lets break the cycle ~ අපි මේ මිනිස්සු රවට්ටන චක්‍රය මෙතනින් නවත්වමු. නැතිවුන මුදල නැතිවෙලා ඉවරයි.

අපි උදව් කරන්නම් ඔබේ උනන්දුව, කැපවීම මත මහන්සි වෙලා, කලින් වතාවේ වගේ කාලකණ්නියෙක් නොවී හරි විදිහට eMoney හොයන්නත්, ආයේ රැවටෙන්නේ නැතිව අතේ තියෙන මුදල රැකගන්නත්…

ඔබ යම් පිරමීඩ වංචාවකට අහුවුණ අයෙක්නම් ඔබ කොහෙත්ම පාඨමාලා ගාස්තුව ගෙවලා අපේ එකට සම්බන්ධ වෙන්නේ නෑ. මොකද ඔබ බයයි, එක පාරක් වුණ දේ ආයේ වෙයි කියලා. අර ගිණි පෙළෙල්ලෙන් බැට කෑව මිනිහා කණාමැදිරි එළියටත් බයයි කියනවනේ….

එහෙම වංචාවකට අහුවුණානම් ඔබේ කතාව අපිට කියන්න. ආයතනික නම් භාවිතා කරලා ද්වේශයෙන් කතා කරන්න එපා. වෙච්චි දේ වුණා. නැතිවුණ මුදල කියන්න. ඒ මුදල නැවත මහන්සි වෙලා, අධ්‍යාපනයක් ලබාගෙන ඒ දැනුමෙන් හොයාගන්න විදිහ අපි ඔබට කියලා දෙන්නම්.

හැබැයි පිස්සෙක් වගේ කිසිම විස්තරයක් නොදැන Zoom Meeting ගිහින් අහුවෙලා සල්ලි දාපු මෝඩකම් මෙතන කරන්න බෑ. අපේ ආයතනය 100% ක් විවෘතයි. මේ ගෲප් එකේ පෝස්ට් 2,000 ඇරෙන්න වෙන කිසිම දෙයක් ආයතනයේ නෑ. Details Please කියන ගොන් හරක් අපට එපා. සල්ලි හොයන්න ඕනනම් පෝස්ට් කියවලා ඉගෙන ගන්න.

නැතිවුණ මුදල හොයන්න…

1️⃣ ආයතනයට සාප කර කර මඩ ගගහා ඉන්න එපා

2️⃣ වෙන අයව ඒ උගුලටම අහු කරන්න එපා…

✅ සති 2-3ක් වෙන් කරලා මේ ගෲප් එකේ පෝස්ට් සියල්ල කියවන්න. ලෝකය ගැන අවබෝධයක් ගන්න කියවන්න. ඔබට පාඨමාලා ගාස්තුවකින් තොරව CharityShop හරහා ආදායම් උපයන්න අපි අවස්ථාව දෙනවා. හැබැයි හැමදේම කියවන්න ඕන. කම්මැලි කමට එකක් දෙකක් මග අරිනවනම් ඔබ වගේ ආපහු අපේ ආයතනයත් කන්න එන කාලකණ්නියෙක් අපිට එපා. මොකද ඊලඟට ඔබ අපිටත් මඩ ගහන්න පටන් ගන්නවා, ඔබේ නොහැකියාවට…

Lets break the Cycle….

අපි මේ වංචා චක්‍රය බිඳලා දාමු…

ඡායාරූපය : කැලයක් මැදින් තියෙන පාරක් නිසා අක්කර දහස් ගාණක් පුරා පැතිරුණ ලැව් ගිණ්නක් පැතිර යාම වැළකුණා. ලක්ෂ ගණනක් ගස්, සත්තු බේරුණා. ඔය පාර තමයි CharityShop. අපි අතරමැද සිට ඔබව වෙන් කලා. දැන් ඔබ තීරණය කරන්න දැවි දැවී ඉන්නවාද? නැත්නම් පාරෙන් එහා පැත්තේ කැලේ වගේ ශශ්‍රීකව ඉන්නවාද කියලා.

CharityShop Team

#2021ජූලි25

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments