ගෲප් එකට සම්බන්ධ වෙන නම සාමාජිකයින් පුහුණු කරවන උපදේශකයෙක් වෙන්න
දිනෙන් දින වැඩිවෙන සාමාජික සංඛ්‍යාවත් සමඟ ඒ අයව පුහුණු කිරීමට අප ආයතනයට කාලය නැහැ. ඒත් එක්කම මාස 3ක් නොමිළයේ තිබුණු සාමාජික පුහුණුව අප්‍රේල් 1 වෙනිදා සිට මුදල් ගෙවා සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මන්ද බොහොමයක් අය නොමිළයේ දෙන දැනුම ලබාගන්න කැමති නැහැ. නොමිළයේ පුහුනු කරන ගෲප් එකට සම්බන්ධ වෙන්න කීවත් 10,000න් 200ක්වත් එයට සම්බන්ධ වෙලා නෑ. ඔවුන් මෙයට ආයෝජනයක් කර පැමිණියහොත් ඒ වියදම් කල මුදල වෙනුවෙන් කැපවීමෙන් ඉගෙන ගන්නවා.
ඒ වෙනුවෙන් තමයි මේ නව තනතුර නිර්මාණය කරන්නේ. මෙහි විශේෂත්වය වන්නේ ඔබට පුහුණුව වෙනුවෙන් ගෙවීම ලැබෙන්නේ CDC වලින්. පුහුණුව ලබන සාමාජිකයා ඔහුගේ/ඇයගේ CDC වලින් ඔබට පුහුණුව සඳහා ගෙවීම කරන්න ඕන.
තවම අප පාඨමාලා ගාස්තුව තීරණය කර නොමැත. CDC 250-500 අතර විය හැක.
ඔබට මේ තනතුරට අයදුම් කරන්නනම් අප ඉදිරියේදී පැවැත්වීමට නියමිත ව්‍යවසායකත්ව පුහුණු විභාගයෙන් ළකුණු 95 වඩා ගන්න අවශ්‍ය වෙනවා.
විශිෂ්ඨයෙක්ට පමණයි තවත් විශිෂ්ඨයෙක් බිහි කරන්න පුළුවන්. ඉතිං පුහුණු කිරීම තනතුරු මතවත්, දැන හැඳුනුමකම මතවත්, ඔබගේ සාමාජිකත්වයේ කාලය මතවත් තීරණය නොවේ.
ඔබ හැම අතින්ම විශිෂ්ඨයෙක් නම් අප සූදානම් එයට තැනක් දෙන්න…
හොඳින් අධ්‍යාපන කටයුතු කර විභාගයට මූණ දී සමත් වී මෙයට ඉල්ලුම් කරන්න…
අපගේ වෙබ් අඩවියේ පළකරනවා සියලුම සුදුසුකම් ලත් උපදේශකවරුන්ගේ ලැයිස්තුව සහ ඔවුන් නිදහස් වේලාවන්. ඒ වේලාවන් වලදී මැසෙන්ජර්, WhatsApp හෝ Telegram ඔස්සේ නව සාමාජිකයින්ට තනිව පුහුණුව ලබාගත හැක.
විභාගයට පෙර තමන් ගැන විශ්වාසය තිබෙන කෙනෙක් ඉන්නවානම් ඔබේ සාමාජික අංකය සහ Apply ලෙස කමෙන්ට් කරන්න.
CharityShop Team