ඔබ මිළදීගත් ඔන්ලයින් ලොතරැයි ජයග්‍රහණය කර ඇත්දැයි පරීක්ෂා කරන්නේ කෙසේද?

by | Jul 29, 2021 | Lottery | 0 comments

ඔබ මිළදීගත් ඔන්ලයින් ලොතරැයි ජයග්‍රහණය කර ඇත්දැයි පරීක්ෂා කරන්නේ කෙසේද?

1️⃣ https://lucky1.lk/#/account ලින්ක් එක ඔබන්න

2️⃣ වෙබ් අඩවියට ලොග් වූ පසු “ඔබගේ ටිකට්පත්” යටතේ ඔබ මිළදීගත් සියලුම ටිකට් පත් බලාගත හැක.

✅ ජයග්‍රහණය කර ඇත්නම් එම ටිකට්පතේ ඉහළ දකුණුපස කෙලවරේ කොලපාටින් ඔබ ජයග්‍රහණය කල මුදල පෙන්වනු ලැබේ.

✅ එමෙන්ම ඔබගේ ලියාපදිංචි දුරකතන අංකයට ජයග්‍රහණය කර ඇත්නම් SMS එකක්ද එනු ඇත.

⏰ සාමාන්‍යයෙන් දිනපතා රාත්‍රී 10න් පසුව ඔබට ප්‍රතිඵල ලැබෙනු ඇත.

එම මුදල ඔබගේ ඔන්ලයින් ගිණුමට එකතුවනු ඇත. මුදල බැංකු ගිණුමකට අවශ්‍යයිනම් 0117989989 (Lucky1) අමතන්න.

වැඩි දුරටත්…..

ආරක්ෂිතව ගෙදර ඉඳන් ලොතරැයි මිළදීගන්න ~ ඔබේ ගමේ අයට CharityShop පොඩි බිස්නස් හරහා මේ සේවාව ලබාදෙන්න

???? එක ලොතරැයියක් වෙනුවෙන් රු.20ක් සහ සේවා ගාස්තුවක් අයවේ (රු.24+)

1️⃣ https://lucky1.lk වෙබ් අඩවියට යන්න

2️⃣ ඔබට අවබෝධ වෙන භාෂාව තෝරාගන්න

3️⃣ ගිණුම / Account තෝරන්න

4️⃣ ඔබගේ දුරකතන අංකය යොදන්න

5️⃣ ඔබට එන OTP එක ටයිප් කරන්න. දැන් ලියාපදිංචියෙන් 1/2ක් අවසන්

6️⃣ දැන් Home / මුල පිටුවට ඔබන්න

7️⃣ Buy / මිළදී ගන්න ඔබන්න (එක් වරක් පමණක් මිළදී ගැනීමට)

???? Subscribe / ලියාපදිංචි ඔබන්න එපා. ඔබගෙන් දිනපතා ස්වයංක්‍රීයව මුදල් අයවේවි.

8️⃣ මිළදී ගන්නාවිට ඔබගේ හැඳුනුම්පත් අංකය යොදන්න. එවිට සම්පූර්ණ ලියාපදිංචිය අවසන්

9️⃣ ගෙවීමේ ක්‍රමයට “ජංගම දුරකතනයෙන්” යන්න තෝරන්න. එවිට ඔබගේ ගිණුනේ ශේෂයෙන් මිළදී ගැනීම කල හැක.

✅ Search / සොයන්න හරහා ඔබට අවශ්‍ය අකුරු / ඉලක්කම් සහිතව ලොතරැයි සොයාගැනීමට උත්සාහ කරන්න

✅ ඕනෑම අවස්ථාවක් වෙබ් අඩවියට පිවිස “ගිණුම” යන්න ඔබා දුරකතන අංකය යොදා OTP යොදා ලොග් වෙන්න.

✅ මෙම සේවාව පිළිබඳව ඔබේ ගමේ අයව දැනුවත් කරන්න. අවශ්‍යයිනම් ඔබේ කාලය වෙනුවෙන් එක් වරක් පමණක් අය කරන රු.10 – 20ක සුළු සේවා ගාස්තුවක් අය කරන්න.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

Lucky 1 – පිළිබඳව :

Lucky1.lk යනු ජාතික ලොතරැයි මණ්ඩලය මගින් නිකුත් කෙරෙන ලොතරැයිපත් ඔබට අන්තර්ජාලය සහ ජංගම දුරකථනය ඔස්සේ මිලදී ගැනීමකට ඉඩ සලසා දෙන සේවාවකි. ඉතා ආරක්ෂාකාරී මෙන්ම විශ්වාසයි සේවාවක් වන මේ ඔස්සේ ලොවෙහි ඕනෑම තැනක වාසය කරන ශ්‍රී ලාංකිකයින්ට දවසේ ඕනෑම වේලාවකදී ලොතරැයිපත් මිලදී ගැනීමේ හැකියාව හිමියි.

සිය වාසනාව උරගා බලමින් සුවිසල් ජයග්‍රහණ ලැබීමට කැමති පාරිභෝගික පිරිස වෙනුවෙන් මෙම online ලොතරැයි මිලදී ගැනීමේ සේවාව නිර්මාණය කර ඇත්තේ DigitalX පෞද්ගලික සමාගමයි. ගෙදරදී, කාර්යාලයේදී මෙන්ම මහ මඟදී වුවත් පෞද්ගලිකත්වය සුරැකෙන සේ මෙන්ම ඉතා පහසුවෙන් තමාට අවශ්‍ය ලොතරැයි පත් තොරතුරු ලබා ගැනීම සඳහා මෙම සේවාව පාරිභෝගිකයාට අවකාශය සලසා දෙයි. එමෙන්ම තමාගේ වාසනා අංකය දන්නා පාරිභෝගිකයින්ට එම අංකයට අනුකූලව වැඩි ජයග්‍රහණ අවස්ථාවක් හිමි කර දිය හැකි අංක සඳහන් ලොතරැයිපත් සොයා, තෝරා, මිලදී ගැනීමේ අවස්ථාවද Lucky1.lk online ලොතරැයි පත් සේවාව ඔස්සේ පාරිභෝගිකයාට හිමිවේ. මෙම Lucky1.lk නිර්මාණය කොට ඇත්තේ සියලුම ලොතරැයි පරිභෝගිකයින්ට එකම ස්ථානයකින් සියළුම ආකාරයේ ලොතරැයි පත් මිලදී ගත හැකි මෙන්ම ඉතා පහසු පියවර කිහිපයකින් පමණක් දසලක්‍ෂ ගණන් ජයග්‍රහණ වලට අවස්ථාව හිමි කර දෙන සේවාවක් ලෙසිනි.

සුදුසුකම් :

වයස අවුරුදු 18ට හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්ට පමණක් මේ හරහා ලොතරැයිපත් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ. SMS කෙටි පණිවිඩ හරහා ලොතරැයිපත් මිලදී ගන්නා පිරිස් වලංගු ජංගම දුරකතන සම්බන්ධතාවක් හරහා එම කටයුතු සිදුකල යුතුවේ. කෙසේ නමුත්,පහත දැක්වෙන පිරිස් සඳහා මෙම සේවාව වලංගු නොවේ. අනුග්‍රාහක ආයතනයේ සේවකයින් හෝ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්, අනුග්‍රාහක ආයතනයට සේවා සපයන්නන්,නියෝජිතයින් සහ දිනුම් ඇදීම් සඳහා වෘත්තීයමය ලෙස දායකවන ඕනෑම අයෙක්.

ලොතරැයි මිල :

මෙය සෑම ලොතරැයියක්ම ජාතික ලොතරැයි මණ්ඩලය (NLB) විසින් ප්‍රකාශයට පත් කර ඇති මිල ආකෘතියට අනුකූල වන අතර ඊට අමතරව සේවා සැපයුම් සන්නිවේදන ආයතනය විසින් අය කෙරෙන 20% සේවා පහසුකම් සැලසීමේ ගාස්තුවද ඇතුලත් වේ.

ලොතරැයි මිලදී ගන්නේ කෙසේද? :

ඉතිරිව ඇති ලොතරැයි සහ දිනුම් ඇදීමේ දින යටතේ එදිනට තවදුරටත් ලබාගත හැකිව තිබෙන ලොතරැයිපත්, ජංගම දුරකථන කෙටි පණිවිඩයක් (SMS) එවීමෙන් හෝ වෙබ් අඩවියට (www.lucky989.lk/www.lucky1.lk) පිවිසීමෙන් මිලදී ගත හැකියි. ඒ අනුව පාරිභෝගිකයින්ට අදාල ලොතරැයිපතට අයත් කේතය(Keyword) 989 ට SMS කිරීම ඔස්සේ ලොතරැයි මිලදී ගත හැකියි. සේවාවට ලියාපදිංචි වූ සහ ලියාපදිංචි නොවූ යන පාරිභෝගික දෙවර්ගයටම එදිනෙදා අවශ්‍ය මොහොතකදී ලොතරැයිපත් මිලදී ගැනීමේ පහසුකම හිමිවේ.

▪️ලොතරැයිපත් මිලදී ගැනීම සඳහා, සේවා ලබාගන්නාගේ ජංගම දුරකතනයේ ප්‍රමාණවත් ශේෂයක් තිබීම අනිවාර්ය වේ.

▪️වලංගු ජාතික හැඳුනුම්පත් අංකයක් තිබිය යුතුය.

▪️එක් ලොතරැයි පැකේජයක් සමඟ ලියාපංදිචි වීමෙන් පසුව සතිපතා ඒ වෙනුවෙන්    ගාස්තු වෙන්කෙරේ.

ජයග්‍රාහි දිනුම් ඇදීම් :

“ලොතරැයිපත් සහ දිනුම් අදින දිනයන්” යන විස්තරයෙහි දැක්වෙන පරිදි, ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර ඇති ආකාරයට සිදුවේ.

ජයග්‍රාහි ප්‍රතිඵල :

දිනුම් ඇදීමෙන් පසුව අදාල ලොතරැයියේ නිල ප්‍රතිඵලය, ලොතරැයිපත් ලබාගත් සියළුම පාරිභෝගිකයින් වෙත  SMS – කෙටි පණිවිඩයක් මඟින් දැනුම්දෙනු ලැබේ.

Credit / Debit Card පත් හරහා ලොතරැයි මිළදී ගැනීම :

ටිකට්පත් මිලදී ගැනීමේදී Rs.20 බැගින් ගණුදෙනු කිරීමේදී ඇතිවන තාක්ෂණික අපහසුතා මඟ හරවා ගැනීමට Rs.500 අවම ගනුදෙනුවක් පවත්වා ගන්නා ලෙස බැංකු විසින් උපදෙස් ලබාදී ඇත. ඒ අනුව  ඔබ ටිකට්පත් මිලදී ගන්නා විට Rs.500 අවම ගණුදෙනුවක් සිදු වුවද ටිකට් සදහා අදාල වන මුදලට අමතරව ඉතිරිවන මුදල ඔබගේ lucky1 ගිණුමෙහි  සුරක්ෂිතව පවතී.එය ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක ටිකට්පත් මිලදී ගැනීම සඳහා භාවිතා කළ හැක. Rs.500ට වඩා වැඩි ගණුදෙනු සඳහා මෙය අදාළ නොවේ. Rs 500 අවසන් වූ විට නැවත අයකිරීම ස්වයංක්‍රීයව සිදු වේ.

වැඩි විස්තර සදහා අමතන්න 0117989989 (Lucky1)

CharityShop Team

#2021ජූලි29

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments