මුදල් උපයන ක්‍රම – ඉක්මනින්ම ඔබේ අදහස් ලබාදෙන්න

by | Mar 13, 2021 | සාමාජික අදහස් | 0 comments

මුදල් උපයන ක්‍රම – ඉක්මනින්ම ඔබේ අදහස් ලබාදෙන්න

Charityshop කියන්නේ තමන්ගේ හැකියාවන් (Skills) හරහා මුදල් උපයන තැනක්. නමුත් Referral, ලින්ක් ශෙයාර්, භාණ්ඩ සහ සේවා අලෙවියට විශේෂ හැකියාවන් අවශ්‍ය නැහැ.

නමුත් දිනෙන් දින සාමාජිකයින් පිරිස වැඩිවෙනකොට අපි ඒ අයට මුදල් සොයන්න විවිධ ක්‍රම ලබාදෙන්න ඕන.

අද ඔයාලා හැමෝටම පොඩි ක්‍රියාකාරකමක් දෙනවා. EMoney හෝ ඔන්ලයින් මුදල් ඉපයීම් සම්බන්ධ ගෲප් වලට යන්න.

ඒ ගෲප් වල තිබෙන වෙනත් මුදල් සෙවීම් ක්‍රම, ව්‍යාපාර සැලසුම් අඩුම තරමින් එකක්වත් සොයාගෙන එන්න. එය මෙහි කමෙන්ට් කරන්න.

නොඑසේනම් ඔබ දැනට සම්බන්ධ වී සිටින හොඳට මුදල් ගෙවන සාර්ථක ක්‍රමයක් ගැන කියන්න. අපි ඒ ක්‍රම වලින් හොඳ ක්‍රම තෝරලා අපේ සාමාජිකයින්ට මුදල් සොයන්න ක්‍රම හදලා දෙමු.

???? පහත ව්‍යාපාර සැලසුම් එපා

1️⃣ විශාල මුදලක් ආයෝජනය කරන වැඩසටහන් එපා (මහබැංකුවේ මූල්‍ය ආයතන ලෙස ලියාපදිංචි එකම සමාගමක්වත් ෆේස්බුක් එකේ පෝස්ට් දාලා, රෙෆරල් හොයලා බඳවාගැනීම කරන්නේ නෑ. දැනට තියෙන හැම ආයතනයක්ම අනවසර ආයෝජන ක්‍රම)

2️⃣ Level වලට මුදල් ගෙවන වැඩසටහන් එපා (වගකීමකින් තොරව ලින්ක් එක ක්ලික් කරලා ලෙවල්/රෙෆරල් ඇඩ් වුනහම කොමිස් මුදල් දීම ලංකාවේ තහනම් මාගේ නීතීඥයින් දැනුම් දුන් ආකාරයට. මහ බැංකුවේ අය කීව විදිහට ඉන්ෂුවරන්ස් සමාගමත් නීතීවිරෝධීලු. ඉතිං ඒ ගැන වැඩිය හිතන්න බෑ)

3️⃣ Gambling, සූදූ, ඔට්ටු ලංකාවේ තහනම්. ඒ වගේ දේවල් කොහෙත්ම එපා.

4️⃣ Crypto Currency එපා. නමුත් ඉදිරියට උත්සාහ කරන්නම් කෝස් එකක් හෝ හරහා ඒවා කියලා දෙන්න. හැබැයි ඒකත් පිරමීඩ ක්‍රමේට යන ආයතන හරහා කරන්න බැහැ.

5️⃣ අඩු මිළ භාණ්ඩ, වැඩි මිළට හෝ කිසිම වැදගත්කමක් නැති, වෙළඳපොලක් නැති භාණ්ඩ අලෙවිය එපා. එය කොහොමත් තහනම්.

6️⃣ සාමාජිකත්වය ගන්න ලක්ෂ ගණන් වියදම් කරලා බඩු ගන්න ඕන ක්‍රම එපා.

7️⃣ අර ඇප් එක කරමු, මේ ඇප් එක හොඳයි කියන්න එපා. මොකද ඇප් හදන්න වෙලාවක් නැහැ.

8️⃣ කරවල වේලන්න වගේ වැඩසටහන් එපා. මොකද හැමෝටම ඒක ඔන්ලයින් කරන්න බෑනේ.

හොඳ ව්‍යාපාර සැලසුම් ටිකක් හොයාගෙන එන්න…

මෙතන තියෙන ඒවගෙන් 90%ක් මගේ ආයතනයේ ඒවා. ඒ දේවල් කරන්න මටත් පුලුවන් සීමාවක් තියේ. ඒ සීමාව වැඩි කරගන්න නව සේවකයින් බඳවාගන්න බෑ හරි ආදායමක් එයිද කියන විශ්වාසය නැති නිසා.

ඒ නිසා ඔබට හිතෙනවනම් මෙන්න මේ ක්‍රමය අපිට තිබුණානම් කියලා. ඒ ක්‍රමය විස්තර කරන්න. අපි උත්සාහ කරන්නම් Charityshop හරහා එය ලබාදෙන්න…

ඔයාලව උනන්දු කරවන්න අපි හොඳම ක්‍රමයට CDC 5000, ඊලඟට CDC 3000ක් සහ CDC 1000ක් දෙනවා. ක්‍රියාත්මක කරන සෑම අදහසකටම CDC 500 බැගින් දෙනවා.

Charityshop Team

#2021මාර්තු13

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments