❎ ඇඩ් ක්ලික් කරලා
❎ වීඩියෝ බලලා
❎ පිරමීඩ ආයතන වල වැඩ කරලා ලොක්කන්ට හම්බ කරලා දීලා හරියන්නේ නැහැ…
✅ තමන්ගේ හැකියාව දියුණු කරගන්න
✅ ඉංග්‍රීසි ටිකක් හදාගන්න
✅ නියම ව්‍යවසායකයෙකු වන්න
✅ Fiverr, Upwork, eBay Dropshipping, Crypto Trading වගේ කරන්න…
අනුන්ට කඹුරලා, ගින්දර දීලා BMW ගන්න බෑ…
ඔය වගේ ගන්න පුළුවන් කියලා ලංකාවේ කොහෙ හරි ආයතනයකින් කියනවනම් අනිවාර්යයෙන්ම වංචාවක්.
ව්‍යාවසායකයෝ කියන්නේ රෙෆරල් ගේනවටයි, ඇඩ් ක්ලික් කරනවටයි නෙමේ…
නිකං විකුණන තැඹිලි ගෙඩිය කපලා දෙහි, සීනී දාලා, කූල් කරලා බෝතලයකට දාලා වෙනස් විදිහකට දෙන මනුස්සයා ව්‍යවසායකයෙක්.
විසික් කරන පොල් කට්ටෙන් නව නිර්මාණයක් කරලා විකුණන මනුස්සයා ව්‍යවසායකයෙක්…
ඇඩ් ක්ලික් කරන මිනිස්සු, යම් කිසි ආයතනයක භාණ්ඩයක් 10-15 ගුණයකට මිනිස්සුන්ට වංචා කරලා විකිණන මනුස්සයා ව්‍යවසායකයෙක් නෙමේ මම නම් දකින්නේ කාළකණ්නියෙක් කියලා…
අන්න ඒ නිසයි අපි මේ ගෲප් එකෙන් සැමවිටම ඔබට මුදල් ඉපයීමේ ක්‍රම වලට වඩා ඔබේ හැකියාවන්, දැනුම වර්ධනය කරගැනීමට ක්‍රම සකස් කරලා දෙන්නේ…
ඒවා ප්‍රයෝජනයට ගන්න..
ඊට පස්සේ හීන මවන්න…
ඡායාරූප : අයිතිය සැබෑ හිමිකරුවන් සතුය. ප්‍රවර්ධන සඳහා යොදාගෙන ඇත.
CharityShop Team