වැරදි වලින් ආදායමක් උපයමුද? (සාමාජික ගාස්තුව ගෙවූ සාමාජිකයින්ට පමණයි)

by | Apr 6, 2021 | සාමාජික අදහස් | 0 comments

වැරදි වලින් ආදායමක් උපයමුද? (සාමාජික ගාස්තුව ගෙවූ සාමාජිකයින්ට පමණයි)

හැබැයි වැරදි කරලා නෙමෙයි, වැරදි පෙන්වලා දීලා…

අප්‍රේල් 01 සිට CharityShop වල නීතියක් තියේ. ඒ කිසි කෙනෙක් වැරදි, අතපසුවීම් කරන්න බෑ. මන්ද මේ ගෲප් එකේ සරල සිංහලෙන් හැමදෙයක්ම පැහැදිලි කරලා දීලා තියේ. එසේ තිබියදීත් ඔබ වරදක් කරනවානම් එයින් කියවෙන්නේ ඔබ උපදෙස් වලට අවධානය යොමු නොකරමින්, ඒවා පිළිනොපදිමින් ඔබ හිතාමතා සිදු කරන දෙයක් ලෙසයි.

ඉතිං එසේ ඔබ වැරැද්දක් කලහොත් ඔබගේ Wallet එකෙන් පහත ආකාරයට CDC අඩු වේවි.

1️⃣ සාමාන්‍ය ගාස්තුව නොගෙවූ සාමාජිකයෙක් : CDC 100 – 1000

2️⃣ ගාස්තුව ගෙවූ සාමාජිකයෝ :  CDC 100 – 2,000

3️⃣ Senior Manager / Advisor / Manager : CDC 500 – 10,000

එකම වැරැද්ද උපදෙස් පෞද්ගලිකව ලබාදී තිබියදීත් සිදු කරනවානම් සාමාන්‍ය සාමාජිකයෙක්නම් දැනුම් දීම් 5කට පසුවත්, Senior Manager කෙනෙක්නම් දැනුම් දීම් 2 පසුවත් සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සිදු කෙරේ…

සරළවම කීවොත් මේ ගෲප් එකේ වැරදි වෙන්න බෑ. ඕන දෙයක් හොයාගන්න ක්‍රම 10ක් උගන්වලා තියේ. එසේ තිබියදීත් ඔබ වැරැද්දක් කලහොත් එය ඔබ සිතාමතා කල එකක් ලෙස අප විසින් පිළිගනු ලබනවා. ඔබේ උවමනාව නැති බවයි එයින් පෙනී යන්නේ.

වෙනස්ම දේ තමයි අද සිට ඔබට පුළුවන් මගෙන් වෙන වැරදි පෙන්වලා දෙන්න…

ඒ හැම වැරදි පෙන්වාදීමකටම මම ඔබට ගෙවනවා CDC 25ක්.

ආයතනයක වැරැද්දක්, අඩුපාඩුවක් පෙන්වා දෙනවාට ගෙවීමක් කරන්නේ ලෝකයේ පළමු වතාවට වෙන්න පුළුවන්. එසේ සිදු කරන හේතුව මට අවශ්‍යයි කිසිම අඩුපාඩුවක් නැති ආයතනයක් බිහිකරන්න සහ රටට ලෝකයට වගකීමක් ඇති වැරදි නොකරන පුද්ගලයින් අඩු තරමින් 1,000ක්වත් නිර්මාණය කරන්න.

මගේ සේවාව හොඳ නම් / මම හොඳ නම් ඒ ගැන වෙනත් අය සමඟ කියන්න. මගේ අඩු පාඩු / වැරදි ඇත්නම් එය මා සමග කියන්න. මන්ද මගේ අඩු පාඩු / වැරදි නිවැරැදි කල හැක්කේ මට පමණි.

ඔබේ අදහස් පළකරන්න.

CharityShop Team

#2021April6

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments