???? අදහසක් දෙන්න…

by | May 26, 2021 | සාමාජික අදහස් | 0 comments

???? අදහසක් දෙන්න…

අපගේ ආයතනය තරම් නිර්මාණශීලී, සමාජයට යහපත් අදහස් එළි දක්වන වෙනත් ආයතනයක් ඇති කියලා මමනම් හිතන්නේ නෑ. ඒත් මේ තියෙන අදහස් ප්‍රමාණය මට මදි…

කවද හරි දවසක “අපේ ස’ තමයි හොඳටම කලේ, හොඳටම කරන්නේ…” කියලා ඔයාලට ආඩම්බරෙන් කියන්න පුළුවන් වෙන්න ඕන…

ඒ නිසා වෙනස් අදහස් ටිකක් දෙන්න අපිට ආරම්භ කරන්න..

ඔයාලා දැනට ඉන්න ආයතන වල කෙරෙන විශේෂ දේවල්..

අදහස වෙනුවෙන් තෑගි දෙන්නනම් ඇත්තමයි මේ වෙලාවේ මගේ අතේ සල්ලි නෑ. මොකද පිරමීඩ කම්පැනි වගේ පැකේජ්, බඩු විකුණාලා අපි සල්ලි ගොඩ ගහන්නේ නෑ. ඔයාලා හොයන හැම රුපියලක්ම ඔයාලට ලැබෙන්න මම නිදි මරාගෙන මහන්සි වෙන්න ඕන…

ඔයාලට නිදාගෙන ඉන්නකොට සල්ලි එන්න ක්‍රමයක් හදන්න මම මාස 6කින් නිදාගෙන නෑ…

✅ අදහස දෙන්නේ ගාස්තුව නොගෙවූ නව සාමාජිකයෙක්නම් සාමාජිකත්වය නොමිළයේ ලබාදෙනවා. (රීලෝඩ් ඇප් එක රහිතව)

✅ අදහස දෙන්නේ සාමාජික ගාස්තුව ගෙවූ අයෙක්නම් රීලෝඩ් ඇප් එකට 50% වට්ටමක් දෙනවා

✅ සාමාජිකත්වයත් අරන්, රීලෝඩ් ඇප් එකත් අරන් ඉන්න කෙනෙක්නම් තෑගි නැතත් කාටහරි හොඳක් වෙනවනේ කියලා හිතලා සතුටුවෙන්න පුළුවන් හැඟීමක් හදවතට දැනෙයි. ස’ මං කීව එක කලානේ, දැන් ලෝකේ පුරා ඕන කෙනෙක්ට පුළුවන් මගෙ අදහසෙන් ප්‍රතිලාභ ලබන්න කියලා හදවතට දැනෙයි. ඒක සල්ලි වලින් මනින්න බෑ.

ඉතිං අපි තවත් සුවිශේෂී වෙන්න ඔයාලා අදහස් දෙන්න…

උදා :

1️⃣ ආබාධිත ගුරුවරුන්ට නොමිළයේ උගන්වන්න පහසුකම සැලසීම

2️⃣ සාමාජිකයින්ට වෘත්තීය සුදුසුකම් ලබාදීම, සහතිකපත් ලබාදීම

3️⃣ රීලෝඩ් ඇප් එක සමඟින් එය දියුණු කිරීමට, නිවසේ සිටම Communication එකක් ආරම්භ කිරීමට සහය ලබාදීම

❎ ණය දෙන්න, ආධාර දෙන්න, ඇඩ් ක්ලික් පැකේජ් දෙන්න, ලෙවල් වලට ගෙවන්න වගේ නිකන් ඉඳලා සල්ලි ලැබෙන ක්‍රම, තහනම් ක්‍රම ඉදිරිපත් කරන්න එපා.

CharityShop Team

#2021මැයි26

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments