100% Open Business Plan එකක් තියෙන ලෝකයේ එකම eMoney ආයතනය ~ CharityShop

by | May 8, 2021 | සාමාජික අදහස් | 0 comments

100% Open Business Plan එකක් තියෙන ලෝකයේ එකම eMoney ආයතනය ~ CharityShop

අවංකවම උත්තරයක් දෙන්න…

මේ ගෲප් එකේ ඉන්න ඕනෑම කෙනෙක් යම් කිසි eMoney ආයතනයක එක දවසක් හරි වැඩ කරලා තියෙනවා. ඔබ කවදහරි දැනගෙන තියෙනවද ඒ ආයතන ඔබට ගෙව්වේ කොහොමද ? ගෙවන්න සල්ලි ලැබුනේ කොහොමද කියලා ?

නෑ නේද?

හිතට මොකක්ද වුණා නේද ඒක මතක් වෙනකොට. දැනුත් ඒ වගේ ආයතන වලට සම්බන්ධ වෙලා ලාභ ගන්න අය ඉන්නවා නේද?

දන්නේ නෑ නේද, කවුරුත් කියලා නෑ නේද ඔබට ලක්ෂ ගණන් ගෙවන්නේ කොහොමද කියලා?

සල්ලි එනවනම් කොහොම දුන්නහම මොකෝ නේද?

එහෙමනේ ඔයාලා හිතන්නේ….

හැබැයි, සල්ලි නොලැබෙනකොට ඔය කතාවම ඔයාලා කියයිද?

එතකොට වැරදි හොයනවා නේද?

ඇයි එතකොට විතරක් හොයන්නේ, ඔයාලට පුළුවන් නේ සල්ලි ලැබෙනකොටත් ලැබෙන්නේ කොහොමද කියලා හොයන්න. එහෙම කලානම් කිසි කෙනෙක් වංචා වලට අහුවෙන්නේ නෑ.

එක්කෝ ඇඩ් ක්ලික් පැකේජ් වලට ආයෝජනය කරන්න කියයි, එක්කෝ ඉඩමකට, එක්කෝ ගස් ටිකකට, එක්කෝ වටිනාකමක් නැති භාණ්ඩයකට. හැමෝම සල්ලි ගෙවයි  ඒ ලැබෙන සල්ලි වලින් සහ ඒවා ආයෝජනය කරලා ලැබෙන සල්ලි වලින්…

හැබැයි ඒ ආයෝජනය කරන්නේ මොකේටද කියලා ඔබ දන්නවද?

ලේසියට හැමෝම කියයි Crypto Currency කියලා. හරි ඉතිං එහෙම හිතමුකෝ හිත රවට්ටගන්න.

CharityShop තරම් පැහැදිලිව දෙයක් කියලා දෙන ආයතනයක් වෙන කොහෙවත් නෑ. ඒත් අපිට සාමාජිකයින් අඩු ඇයි දන්නවද?

මොකද මිනිස්සු ආස රැවටෙන්න.

මිනිස්සු ආස ඇත්තට නෙමේ, මවන හීන වලට…

ඉතිං අපේ හීන ලෝක මවන්නේ නෑ. අපි ගෙවන්නේ රු.5-10. ඉතිං ඒක නිසා මිනිස්සු අපිත් එක්ක එකතු නොවී වෙන ආයතන හොයාගෙන ගිහින් අමාරුවේ වැටෙනවා.

අපේ ආයතනය මොන වගේද?

ආයතනයට ආදයම් ලැබෙන්නේ කොහොමද ?

අපි ආපසු ගෙවන්නේ කොහොමද ?

ලාභ ලබන්නේ කොහොමද ?

මොකක්ද ව්‍යාපාර සැලැස්ම කියන එක සහ හැමදේම අපේ ගෲප් එකේ සහ වෙබ් එකේ පැහැදිලිව තියේ.

ඕනම කෙනෙක්ට කොපි කරන්න පුළුවන් හැබැයි සම කරන්න බෑ..

මොකද අපි මුදලට, ලාභයට මුල් තැන දීලා නෑ. අපි මුල් තැන දුන්නේ සාමාජිකයින්ගේ ආදායමට. ඒ අයගේ සතුට, සුභසිද්ධියට.

ඉතිං කොච්චර ලොකු ආයතනයකින් අපේ ව්‍යාපාර සැලැස්ම කොපි කලත් අපේ මනුස්සකමට සමාන වෙන්න ඒ අයට බෑ.

මොකද වෙන eMoney ආයතන කරන්නේ ව්‍යාපාර වලට උපාධි, සහතික සහ සම්මාන තියෙන මිනිස්සු.

හැබැයි CharityShop කරන මට තියෙන සම්මාන තමා ලංකාවේ විශිෂ්ටතම සමාජ සේවකයා, ලංකාවේ විශිෂ්ටතම තරුණ ස්වේච්ඡා සේවකයා, ලංකාවේ විශිෂ්ටතම තරුණයා, ලංකාවේ විශිෂ්ටතම ලාභ නොලබන වෙබ් අඩවිය සහ ඇප් එක නිර්මාණය කල පුද්ගලයා, ලංකාවේ විශිෂ්ටතම සමාජ සේවා ආයතනය. ඔය වගේ දේශීය විදේශීය සම්මාන තමයි මට තියෙන්නේ.

අන්න ඒ නිසයි අපේ ආයතනයේ ලාභයට පහල තැනක් දීලා, සාමාජික සුභසිද්ධියට මුල් තැන දීලා තියෙන්නේ.

මොනා වුනත් තේරුම් යනකොට ගොඩක් අය ප්‍රමාද වැඩි වේවි.

CharityShop ඔබට ගෙවන එකම ක්‍රමය ඔබ අප තාක්ෂණික ආයතනයට සොයාදෙන ව්‍යාපාර වලින් අපිට ලැබෙන ලාභයෙන් කොටසක් ගෙවීමෙන් පමණයි.

CharityShop Team

#2021මැයි8

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments