2022 දී ශ්‍රී ලංකාව

by | Mar 28, 2021 | සාමාජික අදහස් | 0 comments

2022 දී ශ්‍රී ලංකාව

2022 දී ශ්‍රී ලංකාව | මේ ඔබ දකින්නේ 2021 පෙබරවාරි මාසයේදී ඇඩ් ක්ලික් ආයතන හරහා පැකේජ් මිළදී ගත් අය නිසා ශ්‍රී ලංකාව දියුණු වී ඇති ආකාරයයි….

අද ලංකාව පුරා ඇඩ් ක්ලික් ආයතන තිබෙනවා. දිනපතා ලක්ෂ ගණන් ගෙවනවා. මාස 3-4ට කෝටි ගණන් ගෙවනවා.

අපි බලමු ඇඩ් ක්ලික් හරහා අපේ රට දියුණු කරන්නේ කොහොමද කියලා…

1️⃣ පුංචි පැකේජ් අවශ්‍ය නැහැනේ. එක පාර ලොකු මුදලක් හොයාගන්න විදිහ බලමු. රුපියල් ලක්ෂ 18කට තියෙන ඇඩ් ක්ලික් පැකේජ් එකක් අපි මිළදී ගන්න බලමු. මේ පැකේජ් එකක් සාමාන්‍යයෙන් මාස 8ක් වලංගු වෙනවා. මාස 8කට පසු ආයෝජනය කල මුදලත් ලැබෙනවා.

2️⃣ ඉඩමක් උගස් තියලා හරි, බැංකුවෙන් හරි රුපියල් ලක්ෂ 18ක ණයක් ගන්නවා. පොලිය එච්චර එන්නේ නැහැනේ.

3️⃣ ඉන්පසු ඇඩ් පැකේජ් එක ගන්නවා.

4️⃣ ෆෝන් එකට රු.500+ වියදම් කරලා Unlimited Internet Package එකක් දාගන්නවා.

5️⃣ රස්සාවට යන ගමන්ම මේක කරනවා.

6️⃣ ඇඩ් බැලුවහම මාසයකට ලැබෙන ආදායම රු.350,000යි. ඊට අමතරව රු.25,000ක වැටුපත් ලැබෙනවනේ රස්සාවෙන්.

7️⃣ මාස 8කින් රුපියල් ලක්ෂ 28ක විතර ලාභයක් තියේ. තැන්පතු මුදලත් ආපහු දෙනවනේ මාස 8කින්. එතකොට ලාභය විතරක් ලක්ෂ 28ක්.

8️⃣ රස්සා අවශ්‍ය නැහැ දැන්. එක් අයෙක්ගේ මාසික ආදායම ලක්ෂ 3ක්.

රජයට පුලුවන් විරැකියාවෙන් පෙලෙන අයට ලක්ෂ 18ක ලෝන් එකක් දෙන්න. මාස 8න් බැංකුවට ඒක අයකරගෙන ඉවර කරන්න පුලුවන්.

මාස 8කින්, ඒ කියන්නේ 2021 ඔක්තෝම්බර් වෙනකොට රටේ රැකියා නැති හැමෝටම ලක්ෂ  28ක ආදායමක් ලැබිලා ඉවරයි.

ඒ හැමෝටම පුලුවන් තමන්ගේ කියලා බිස්නස් එකක් පටන් අරන් ව්‍යවසායකයෙක් වෙන්න.

ඒත් හැබැයි මොකටද…

මාසෙට රු.3000ක් වියදම් කරලා SLT Fiber Connection එකක් අරන් ගෙදරට වෙලා ෆෝන් 5ක් හරහා ඇඩ් බැලුවනම් මාසේ ආදයම ලක්ෂ    17 1/2ක්. මාස දෙක තුනෙන් වාහනයක් ගන්න එක, තට්ටු දෙකේ ගෙයක් හදන එක, පිටරට පදිංචියට යන එක Nothing !

ඉතිං ඔබත් බලාපොරොත්තු වෙනවද මෙහෙම දියුණු වෙන්න.

හොඳයි සුභ ගමන්…

උඩ තියේ Group එකෙන් Leave වෙන Button එක. ඒක ඔබලා ගිහින් දියුණු වෙන්න…

සුභ පතනවා….

ඒත් එක්කම අරක කරන්න, මේක කරන්න, මේක එපා, අරක එපා කියලා රජයට උද්ගෝෂණය කරලා අයිතිවාසිකම් දිනාගන්නවනේ. ඇඩ් ක්ලික් කරන එකත් රජයට බලපෑම් කරන්න හැමෝටම පැකේජ් ගන්න ණයක් අනුමත කරලා දෙන්න කියලා. බැංකු වලට විශේෂ ඇඩ් ක්ලික් සහන ණය ක්‍රමවේද හදලා දෙන්න කියන්න.

එතකොට කොරෝනා නිසා වැටුණු මේ රට ලේසියෙන් ගොඩගන්න පුලුවන්…

#2021මාර්තු28

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments