CharityShop නිසා වෙනස්වූ මගේ ජිවිතය | Piyu Sansala

by | Feb 7, 2021 | සාමාජික අදහස් | 0 comments

CharityShop නිසා වෙනස්වූ මගේ ජිවිතය | Piyu Sansala
ඔයාලත් පියුමි වගේ වෙන්න….
????????????????????????????????????????????????????????????????
මට නම් charity shop එක පාසලක් වගේ. ආදායම් මාර්ගයක් හදා ගන්න වගේම ජීවිතය ගැන ඉගෙන ගන්නත් මේ තැන ගොඩක් වටිනවා.
Charity shop එකට එන්න කළින් මගේ ජීවිතය…
මං game ගහන්න ඇබ්බැහි වෙලා හිටිය කෙනෙක්..දවස නිකම්ම ගෙවිලා ගියා… අම්මාගෙන් බැනුම් අහනවා හැම වෙලාවෙම.. phone එක නිසා..
ඒ විතරක් නෙවෙයි මං ගොඩක් වෙලාවට හිතුවෙ ඍණාත්මක විදියට.. සතුටු වෙන්න තියෙන වෙලාවල් වලත් පුංචි පුංචි දේවල් හේතුවක් කරගෙන දුක් වුණා…
මං Charity shop පවුලට එකතු වුණා පස්සේ මගේ ජීවිතය……
මං game ගහන එක නතර වුණා.. ඒ වෙනුවට මං වැඩ කරන්න පටන් ගත්තා…මට හොඳ ආදායමක් ලැබෙන්න පටන් ගත්තා… දැන් phone එක පාවිච්චි කළාට අම්මා බනින්නේ නෑ.. අම්මාටත් සතුටුයි මං ගැන…
මං දැනට රු.3,830ක් හොයලා තියේ Reselling වලින්…
තව මං හිතන විදිය ගොඩක් වෙනස් වුණා… සර් අපි වෙනුවෙන් ලියන දේවල් කියවන්න පුරුදු වුණාට පස්සේ මං වැටුන තැන් ගැන මට ඇති වුනේ සතුටක්.. මොකද ඒ හැම දෙයක්ම මාව හොඳ තැනකට ගෙනත් තියෙනවා.. මං දැන් හැම වෙලාවෙම සතුටින් ඉන්නෙ.. හැමදාම ජීවිතය ගැන ගොඩක් පාඩම් ඉගෙන ගන්නවා..
ඒ වගේම මට ලැබුණා ආදරණීය සහෝදර සහෝදරියන් ගොඩක්.. ඕනිම වෙලාවක උදව් කරන, දුක සතුට බෙදා ගන්න පිරිසක්..
ඇත්තටම මේක පුංචි පවුලක්.. හදවතින්ම එකට බැඳුන පවුලක්.. මං ගොඩක් සතුටු වෙනවා මේ පවුලේ එක සාමාජිකාවක් වෙන්න ලැබීම ගැන…
Love you all????????????
????????????????????????????????????????????????????????????????
Charityshop නිසා ඔබේ ජීවිතයේ වුණ වෙනස කමෙන්ට් කරන්න…
එය ගෲප් එකේ ඔබේ නමින් පළකිරීමට ඔබේ ලස්සන උඩුකය ඡායාරූපයක්ද සමඟින් කමෙන්ට් කරන්න…
ඔබේ ආදායම් වල වෙනසක් වුනාද?
ආකල්ප වල වෙනසක් වුනාද?
දවස ගත කරන ආකාරයේ වෙනසක් වුණාද?
ෆේස්බුක් භාවිතයේ වෙනසක් වුණාද?
ඕනම හිතට එන දෙයක් කමෙන්ට් කරන්න අවංකව…
ජීවිතේ කවදාවත් ලංවෙන්න බැරි ජීවිත ගැන Motivational Post අපට ඕන නැහැ. අපේ ජීවිත කතාව අපි අනෙක් අයට කියමු… මොකද සාමාන්ය මනුස්සයෙක් ජීවිතේ වෙනස් කරගන්න ආකාරය අපට අනුගමනය කරන්න අපහසු නෑ…
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments