Success Lanka සාමාජිකයින්ගේ වංචාවට ඔබත් හසුවූවාද?

by | Jun 23, 2021 | සාමාජික අදහස් | 0 comments

Success Lanka සාමාජිකයින්ගේ වංචාවට ඔබත් හසුවූවාද?

නංගි පෙන්වලා, අක්කා දීලා අපේ නම විනාශ කරන හැටි…

Success Lanka ආයතනය සමඟ මාසයක පමණ සාකච්ඡාවකින් පසුව තමයි මේ පෝස්ට් එක අප පළකරන්න තීරණය කලේ. මෙවැනි පෝස්ට් එකක් පළනොකර ආයතනයේ නමට වෙන හානිය වළක්වන්නයි අපි එම සාකච්ඡා ගෙනගියේ. නමුත් ඔවුන්ටත් එයට පිළියමක් ලබාදීමට නොහැකි නිසා අප මෙම දැනුම් දීම කරන්න සිතුවා.

CharityShop ආයතනය Reload App අලෙවිය ආරම්භ කලේ 2017 වසරේ. ඒ කාලේ රීලෝඩ් වලට කොමිස් ලැබෙන අපේ ඇප් එකට සමකරන්න පුළුවන් වෙන රීලෝඩ් ඇප් එකක් ලංකාවේ තිබ්බේ නැහැ.

2020 සක්සස් ලංකා ආරම්භ කලා. රීලෝඩ් ඇප් එක පමණක් ප්‍රධාන ආදායම් ක්‍රමය ලෙස එහි තිබෙන නිසා අපි හිතුවා අපේ රීලෝඩ් ඇප් එක අලෙවිය නවත්වන්න. මොකද Success Lanka වලට තියෙන එකම ආදායම Reload App අලෙවිය. අපිට මොකටද තරඟයක්, අපේ ආදායම් ඉපැයුම් ක්‍රම 200 වඩා තියේනේ. රීලෝඩ් ඇප් එක කියන්නේ අඩුම කොමිස් ලැබෙන ක්‍රමය.

අපේ Reload App එකට අප දෙන පහසුකම් දෙන රීලෝඩ් අප් එකක් ලෝකේ කොහෙවත් නෑ. අඩුම තරමින් රීලෝඩ් ඇප් එකේ අයිතිය තියෙන eZLanka ආයතනයේවත් නැති විශාල අමතර සේවාවන් (Value Added Services) ප්‍රමාණයක් අපේ සාමාජිකයින්ට අපි ලබාදෙනවා.

හරි, දැන් අපි කතා කරමු Success Lanka සාමාජිකයින්ගේ වංචාව ගැන. ලංකාවේ තිබෙන බොහොමයක් රීලෝඩ් ඇප් වල උපරිම කොමිස් දෙන්නේ 5%-3%යි. Success Lanka App එකේ 4%-2%යි. නමුත් අපේ රීලෝඩ් ඇප් එකේ අපි 0%ක්වත් ලාභයක් නැතිව 100%ක් කොමිස් මුදල අපි ඔබට දෙනවා. ඒ කියන්නේ 6%-3.5%ක් අපි සියලුම සාමාජිකයින්ට ලබාදෙනවා.

අපි අපගේ සාමාජිකයින්ට රීලෝඩ් ඇප් එක සම්බන්ධයෙන් නිර්මාණශීලී, සිත් ඇද ගන්නා ප්‍රවර්ධන පත්‍රිකා 200 වඩා නිර්මාණය කර තිබෙනවා. සක්සල් ලංකා සාමාජිකයෝ කරන්නේ 6% කොමිස් මුදල සඳහන් අපේ ප්‍රවර්ධන පත්‍රිකා ඩවුන්ලෝඩ් කරලා සමහර අවස්ථාවන් වලදී Success Lanka ලෝගෝ දාලා හෝ සමහර අවස්ථාවන් වලදී අපගේ ආයතනික නම, ලෝගෝ තිබියදිම Success Lanka රෙෆරල් ලින්ක් දාලා ගෲප් වල අප්ලෝඩ් කරනවා. මිනිස්සු 6% කොමිස් එකට සහ අපේ ඇඩ් එකේ නිර්මාණශීලීත්වයට රැවටිලා රු.1500 දීලා ඇප් එක ගන්නවා. ඉන්පසුව 4% කියලා දැනගත්තහම බනින්නේ අපේ නමට. අපි රැවැට්ටුවා කියලා තමයි අපිට බනින්නේ.

ඊලඟට සක්සල් ලංකා වල ලෙවල් ක්‍රමය නිසා පිරමීඩ වංචා ගෲප් වලින් ඔවුන්ට විශාල ලෙස දෝශාරෝපණය කරනවා. මොකද ලෙවල් ක්‍රමය, පිරමීඩ ලෙස ගෙවීම ලංකාවේ තහනම්. අපිට එය අදාල නැහැ. නමුත් මම පිරමීඩ වංචා ගෲප් විශාල ප්‍රමාණයක අපේ ප්‍රවර්ධන පත්‍රිකා දැක්කා. හැබැයි පෝස්ට් එකේ අන්තර්ගතයේ තියෙන්නේ සක්සස් ලංකා රෙෆරල් ලින්ක් එකයි ලෙවල් වලින් රුපියල් කෝටිය ලැබෙන හැටියි. ඉතිං අපගේ TechLabs / CharityShop නමට තමයි ඒ මඩ ඔක්කොම වදින්නේ. මොකද ඒ පිරමීඩ වංචා ගෲප් වලින් අපේ පෝස්ට් එක Success Lanka එකක් කියලා හිතනවා. ඉතිං ඉන්පසුව අපේ පෝස්ට් දකින විට ඒ පිරමීඩ වංචා ගෲප් වලින් ක්ෂණිකව හිතන්නේ අපිත් තහනම් ප්‍රවර්ධන ක්‍රම/ලෙවල් දෙන ආයතනයක් විදිහට.

හැම පැත්තකින්ම හානිවෙන්නේ අපේ නම…

මේ පිළිබඳව Success Lanka ආයතනයේ ඇඩ්මින් කෙනෙක් වන මේ ගෲප් එකේදි සිටින  Indika Senevirathne මහතාටද, ආයතනයේ හිමිකරු ප්‍රසාද් මහතාටද කිහිප වරක් දැනුම් දුන්නා. නමුත් ඔවුන්ටත් මෙය පාලනය කරන්න බෑ.

මොකද හැමෝම කෝටියක හීනයක හිරවෙලා. අම්මා තාත්තා හරි විකුණයි ඒ කෝටිය හොයන්න. ඉතිං හැමෝටම මේ නිවේදනය දෙන්නේ ඔබ අපේ පෝස්ට් එකකට රැවටිලා Success Lanka සම්බන්ධ වුනොත් එහි වගකීම අප ගන්නේ නැත. මුදල් ගෙවීමට ප්‍රථම විස්තර සොයා බැලීමේ වගකීම ඔබ සතුයි.

ස්ක්‍රීන්ශොට් බලන්න පුළුවන් ඔවුන්ගේ සමහර ක්‍රියාකාරකම් පිළිබඳව.

❎ මේ වංචාව Success Lanka පමණක් නොවේ eZLanka සමහර Distributorවරුද අපේ පෝස්ට් හොරකම් කර ඔවුන්ගේ නොදෙන අපි පමණක් දෙන සේවාවන් පිළිබඳව ප්‍රවර්ධන කර රවටා සම්බන්ධ කරගන්නවා. බොහොමයක් අයට අප පෞද්ගලිකව අවවාද කලා. තවත් රීලෝඩ් ඇප් විකුණන බොහොමයක් අය අපගේ පෝස්ට් මෙලෙස හොරකම් කරනවා. නමුත් දිනකට 5-10 අතර ප්‍රමාණයක් හොරකම් කරන්නේ Success Lanka සාමාජිකයින්ය.

ඔබත් එහෙම හොරකම් කල ඒවා දැක්කොත් ඒ ලින්ක් මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න…

සැ.යු : ආයතනයක නමට හානි කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. එම ආයතනයට ලිඛිතව සහ වාචිකව දැනුම්දීමෙන් පසුව මෙම පෝස්ට් එක පළකරන ලදි.

CharityShop Team

#2021ජූනි23

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments