මනුස්සකම ඔප්පු කලොත්

by | Jun 9, 2021 | නව හඳුන්වාදීම් | 0 comments

මනුස්සකම ඔප්පු කලොත්

???? නොමිළයේ සාමාජිකත්වය (රු.3,500ක් ගෙවීමට අවශ්‍ය නැහැ)

???? රු.5,000/= රීලෝඩ් ඇප් එක රු.1,000/=ට

අපේ මිනිස්සුන්ට නිකන් දෙනවා කීවොත් “හොරි” හරි කමක් නෑ ගනි කහ කහ ඉන්න…

කොච්චර මිනිස්සු වාසි ගන්න බොරු කියනවද කියලා බලාගන්න පුළුවන් පසුගිය දිනක අපි “ආයතනයට ආදරේ සැමට රීලෝඩ් ඇප් එක නොමිළයේ දෙනවා, ආදරේනම් කමෙන්ට් කරන්න” කියලා දාපු පෝස්ට් එකේ කමෙන්ට් එක දැක්කනම්. ජීවිතේට නොදැක්ක 200 ආසන්න පිරිසක් එතන කමෙන්ට් කරලා අපි ආදරෙයි කියලා. හැබැයි CharityShop පටන් අරන් මාස 6ට දාපු පෝස්ට් 1,900න් එයාලා ඒක විතරයි දැකලා තියෙන්නේ. අනික් කිසිම පෝස්ට් එකකට කවදාවත් නිකන් තියෙන ලයික් එකවත්, අගය කරන්න දාන්න පුළුවන් කමෙන්ට් එකක්වත් දාලා නෑ. එදායින් පස්සේ වෙන පෝස්ට් එකක කමෙන්ට් දැක්කෙත් නෑ එයාලගෙන්.

ඇත්තටම ලැජ්ජයි.

සාමාජික ගාස්තුව ගෙවූ අයත් මාස ගණක් නිකන් ඉඳලා ඇප් එක නිකන් ගන්න විතරක් කමෙන්ට් දාලා.

ඔන්න ඔය වගේ බොරු කාරයෝ මේ ගෲප් එකේ පිරිලා. වැඩිහරියක් දැන් ඔය පෝස්ට් වලට මාගල් කමෙන්ට් දාන්නේ අවංක හදවතින් නෙමේ. ලෝන් ගන්නයි, වෙන සාමාජික ප්‍රතිලාභ ගන්නයි. අන්න ඒ නිසයි අපි  අහඹු ලෙස තෝරලා තෑගි දෙන්නේ…

හරි අදත් අපි එහෙම දෙයක් කරනවා.

මෙතන කිසිම තරඟයක් නෑ. පසුගිය දින 20 ඔබේ මනුස්සකම අනුව තමයි ඔබට මේ ත්‍යාගය ලැබෙන්නේ.

අපි මැයි 20 පෝස්ට් එකක් පළකලා. කෙනෙක්ට ඔබ උදව්වක් කලහම ඒකට එයා ස්තුතියි කීවහම, ඒකට ප්‍රතිචාරයක් ලෙස තවත් 3 දෙනෙක්ට උදව් කරන්න කියලා.

ඒ පිළිබඳව වැඩි විස්තර මේ පෝස්ට් එකේ තියේ : https://m.facebook.com/groups/charityshopteam/permalink/314741023495014/

ඉතිං අපි හැමෝම මේ දවස් වල ගෙවල් වල නිසා ඒක හැබෑ ජීවිතේ කරන්න අමාරුයි. නමුත් ෆේස්බුක් වල ඒක කරන්න පුළුවන්. ඕනතරම් අපි උදව් කරනවා මිනිස්සුට මැසෙන්ජර් වලින්. ඔබ මැයි 20 – ජූනි 9 අතර එසේ අපේ ඉගැන්වීම් ප්‍රයෝජනයට ගත්ත අයෙක්නම් අපට ඔබේ ඒ කතාබහේ 3 දෙනෙක්ට උදව් කරන්න කියන කොටස සහ එයට අදාල පුද්ගලයාගේ ප්‍රතිචාරය දැක්වෙන ස්ක්‍රීන්ශොට් එවන්න.

තෝරාගැනීමේ නිර්ණායක :

1️⃣ දැන් මේ පෝස්ට් එක දැකලා බොරුවට යාලුවෙක් එක්ක කතා වෙලා චැට් කරලා ස්ක්‍රීන්ශොට් එවලා බෑ. ඒ බොරුවලට අහුවුන කාලේ අවසන්. චැට් එක මැයි 20 – ජූනි 9 අතර වෙන්න ඕන. මේ පෝස්ට් එක පලකල වෙලාවට විනාඩියක් කලින් වුනත් කමක් නෑ.

2️⃣ ගෲප් එකේ කෙනෙක් එක්කම කල කතාබහක් වෙන්න බෑ. මෙය සමාජයට ප්‍රචාරය කිරීමේ අරමුණයි අපට තියෙන්නේ.

3️⃣ විහිළුවෙන් අදහස් පලකල ඒවා ගනන් ගන්නේ නෑ. අවබෝධයෙන්, විශ්වාසයෙන් ඒ ප්‍රකාශය කරලා තියෙන්න ඕන. එයා ඒකට ප්‍රතිචාර දක්වලා තියෙන්න ඕන.

ඔබත් එසේකලානම් ඔබට සාමාජිකත්වය සහ රීලෝඩ් ඇප් එක ඉහත සඳහන් කල ආකාරයට ලැබෙනවා. වෙන කිසිම කොන්දේසියක් නෑ.

අවංකව මනුෂ්‍යත්වය පෙන්නුම් කල සාක්ෂියක් විතරයි අවශ්‍ය වෙන්නේ….

ඔබත් එසේ කලානම් Yes ලෙස කමෙන්ට් කරන්න. ඉන්පසු ඉන්බොක්ස් ස්ක්‍රීන්ශොට් එවන්න.

පසු සටහන :

ගොඩක් අය කියාවි මැයි 20 පෝස්ට් එක දැක්කේ නෑ කියලා. නමුත් CharityShop වල අපි කියන මූලික කාරණාව තමයි සියලුම පෝස්ට් අවබෝධයෙන් මග නොහැරගෙන කියවන්න කියන එක.

කියෙව්වේ නැතිනම්…

  1. ඔබේ අවධානය නෑ..
  2. ඔබට අවශ්‍යතාවය නැහැ..
  3. ඉගෙන ගන්න වුවමනාවක් නෑ…
  4. වාසනාවක් නෑ…

අපි බලමු කී දෙනෙක් අපි කියලා දුන්න දේ ප්‍රායෝගිකව භාවිතා කලාද කියලා..

අද ඉඳන්වත් පුරුදු වෙන්න…

CharityShop Team

#2021ජූනි9

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments