ඔබත් .xyz වෙබ් අඩවි වංචාවට හසුවූ කෙනෙක්ද?

by | May 11, 2021 | Scam Alert | 0 comments

ඔබත් .xyz වෙබ් අඩවි වංචාවට හසුවූ කෙනෙක්ද?

ඔබ හරි සතුටෙන් නේද ඉන්නේ?

මොකද ඔබ පැයක් වෙබ් සයිට් එකක වීඩියෝ බලලා, ඇඩ් ක්ලික් කරලා, Captcha ටයිප් කරලා ඩොලර් 200ක් හෙව්වා නේද?

දැන් ලොකුවට හීන මවනවා නේද?

රස්සාවෙනුත් අස් වෙන්න හිතුවා නේද?

මෙච්චර කල් සල්ලි නැති නිසා ඔයාව පැත්තකට කරලා හිටිය ඔයාගේ යාලුවන්ට පේන්න මොනවා හරි කරනවා කියලා හිතුවා නේද?

ගෙදරට වෙලා නෝන්ජලයෙක් වගේ අම්මලා දාල දෙන Data Card එකෙන් ෆේස්බුක් හිටිය ඔයාට දොස් කීව අම්මට, තාත්තට පේන්න මේක කරලා පෙන්වනවා කියලා හිතුවා නේද?

දවසේ ආදායමත් හදලා බැලුවා නේද?

තව ෆෝන් 2-3ක් අරන් වීඩියෝ බලනවා කියලා හිතුවා නේද?

පළවෙනි Withdraw එක ගන්න යාලුවෝ / රෙෆරල් 40ක් සෙට් කරගත්තට පස්සේ දෙවෙනි Withdraw එකට Minimum එකක් නෑ, ඕන ගානක් ගන්න පුළුවන් කියලා දැක්කා නේද?

දැන් ඉතිං මොකද කරන්නේ, eMoney ගෲප් වල රෙෆරල් ලින්ක් එක ශෙයාර් කරනවා නේද පිස්සෙක් වගේ. අහන අහන අයට කියනවා බොරුවට “මගේ යාලුවෙක් අද Withdraw ගත්තා, ඔයාලත් දැන්ම සම්බන්ධ වෙන්න කියලා”. සමහර විට ඔයාට මේක කීව යාලුවා එහෙම කීවා වෙන්න පුළුවන්. මොකද එයාට Withdraw කරන්නත් රෙෆරල් 40 ඕනනේ. කොහොම හරි සල්ලි තණ්හාවට ෆේස්බුක් එකේ ඉන්න අනෙක් අයත් රෙජිස්ටර් වෙනවා. එයාලත් වීඩියෝ බලනවා, ඇඩ් ක්ලික් කරනවා. ඉතිං ඔයාට රෙෆරල් බෝනස් එකත් ලැබෙනවා. බලා ඉන්නකොට වෙබ් සයිට් එකේ Account Balance එක වැඩි වෙනවා පේනවා…

හීන ටික ටික වැඩි වෙනවා…

කාර් එකක් පවා ගන්න හිතනවා…

ඔයාගේ රෙෆරල් ලින්ක් එකෙන් සම්බන්ධ වුණ අයත් දැන් ගෲප් වල රෙෆරල් හිඟා කනවා. එයාලත් කියනවා යාලුවෙක් සල්ලි ගත්තා කියලා. හැමෝම රැවටෙනවා. හැමෝගෙම Data ටික ඉවරවෙනවා.

ඔන්න රෙෆරල් 40 එකතු කරගත්තා. ඩොලර් 200 Withdraw දෙනවා පේපැල් එකට. ඊට පස්සේ මැසේජ් එකක් එනවා නේද Withdraw කරන්න Processing fee එකක් ගෙවන්න කියලා. නැත්නම් System Error එකක් කියලා වැටෙනවා නේද? ආයේ ඉතිං කොච්චර කලත් ඕක තමයි.

ඔයාලා අහු වුණා. ඒක Scam එකක්…

පැයක් වීඩියෝ බලලා ඩොලර් 200ක් හොයන්න පුළුවන් නම් රජයට පුළුවන් නේ Unlimited Internet හැමෝටම දීලා ගෙවන්න හරි ෆෝන් එකක් හැමෝටම දීලා විදේශ විනිමය ගේන්න. මොකටද මිනිස්සු රස්සා කරන්නේ…

☢️ මොනවද මේ .xyz වෙබ් අඩවි. ඔබ දන්නවාද .xyz ඩොමේන් එකක් ඩොලර් සත ගාණකට ගන්න පුළුවන්. එතකොට ඒ ඩොමේන් එක දාන්න සර්වර් එකක් නොමිළයේ හෝ අඩු මුදලකට ඒ කියන්නේ 1$ වගේ ගන්න පුළුවන්. ඔය වෙබ් අඩවිය හදලා තියෙන PHP Script එක 49$ කට වගේ සල්ලි දීලා ගන්නත් පුලුවන්. නැත්නම් Nulled Sites/Script තියෙන වෙබ් අඩවියකින් නිකන් ගන්නත් පුළුවන්. ඊට පස්සේ එයාලා කරන්නේ ඒ වෙබ් අඩවියට ඔවුන්ගේ Monetize කරන්න ඕන Youtube Channel එකේ වීඩියෝ ටික දානවා.

එක් අයෙක් පැය 2ක් වීඩියෝ බැලුවොත් එම පුද්ගලයාගේ ඩිරෙක්ට් රෙෆරල් 40 තව පැය 80ක් බලනවා. ඒ රෙෆරල් 40 රෙෆරල් වලින් (40 x 40 x 2 = 3,200) පැය 3200ක් වීඩියෝ එක බලනවා. කොහොම හරි පැය 4,000 නිකන්ම දවසෙන් දෙකෙන් සම්පූර්ණ වෙනවා. ඒ අයට යන වියදම 2$-3$ක් විතර. මොකද දහස් ගාණක් මිනිස්සුන්ව ගොනාට අන්දගෙන එයාලගේ වැඩේ කරගෙන අවසන්…

ටික දවසකින් හැමෝගෙම feedback, review එක්ක ගූගල් එකෙන්, ෆේස්බුක් එකෙන් සයිට් එක ස්කෑම් කියලා අඳුරගන්නවා. ඊට පස්සේ මැසෙන්ජර් හරහා ලින්ක් එක යවන්න බෑ බ්ලොක් වෙනවා, ෆේස්බුක් දාන්නත් බෑ බ්ලොක් වෙනවා. ඒත් ඔයාලා වෙන ක්‍රම වලින් ලින්ක් එක යාලුවන්ට යවලා රෙෆරල් හොයනවා.

තේරුම් ගන්නේ නෑ වංචාවකට අහුවෙලා කියලා…

ඔන්න අද කියලා දුන්නා. මේ ගෲප් එකේ ඉන්න 15,000 සාමාජිකයෝනම් ආයේ කවදාවත් .xyz වෙබ් අඩවි වලට අහු වෙන්න එපා. කෙනෙක් ඒ ලින්ක් එක ශෙයාර් කරනවා දැක්කොත් එයාව අපේ ගෲප් එකට එක්ක ඇවිත් පහදලා දෙන්න උත්සාහ කරන්න.

වංචාවලට හසු නොවී නිවැරැදිව eMoney හොයන්න අපි උගන්වන්නම්…

CharityShop Team

#2021මැයි11

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments