මීට පෙර ලෝකයේ කිසි ආයතනයකින් නොකියූ ඇත්ත ~ AdClick Free Plan

by | Aug 28, 2021 | Scam Alert | 0 comments

මීට පෙර ලෝකයේ කිසි ආයතනයකින් නොකියූ ඇත්ත ~ AdClick Free Plan

කතාව ආරම්භ කරන්න කලින් මේ දේ කියන්නම්. ඇඩ් ක්ලික් පැකේජ් යනු කිසිදු පසු වටිනාකමක් නැති දෙයකි. මහ බැංකුවේ මූල්‍ය ආයතන ලෙස ලියාපදිංචි නොවූ ආයතන වලට මුදල් ආයෝජනය මහ බැංකුවෙන් තහනම්. එය මග හරවන්න සිදු කරන සැලසුම් සහගත පාරිභෝගික වංචාවක් තමයි සරළවම මේ ඇඩ් ක්ලික් පැකේජ් අලෙවිය.

Google, Youtube වගේ ආයතන වලිනුත් ඇඩ් වලට ගෙවීම කරනවා. හැබැයි පුංචිම පුංචි මුදලක්. Clicks/Views ලක්ෂ ගණනක් වුනහම ඔබට ගෙවීමක් කරනවා. හැබැයි ඔබ කවදාවත් එම ආයතන වල ඇඩ් ක්ලික් පැකේජ් මිළදී ගන්න ඕන නෑ.

හැබැයි ලංකාව/ලෝකේ පුරා තියෙන ඇඩ් ක්ලික් සයිට් වල එක ඇඩ් එකකට රු.10, රු.100, රු.500 පමණ ගෙවන සයිට් පවා තියෙනවා. කොහොමද මෙච්චර ගෙවන්න සල්ලි ???

අපි සල්ලි දීලා පැකේජ් ගන්න එක පසුවට කතා කරමු. මුලින්ම කතා කරමු ඇඩ් ක්ලික් සයිට් වල ෆ්‍රී ප්ලෑන් ගැන. දැන් ලංකාවේ ඇඩ් ක්ලික් සයිට් 20 වඩා තියෙනවා. බොහොමයක් ඒවා අවුරුද්දක් දෙකක් යනකොට ස්කෑම් වෙනවා. උදාහරණ කියන්න ඕන නෑනේ ඉතිං. කොහොමත් එකක් කරන මනුස්සයා ඒකෙන් වංචාවක් කලාට පස්සේ තව නමකින් එකක් ආරම්භ කරනවා. මිනිස්සු ඒකටත් රැවටෙනවා. එහෙමත් නැතිනම් ඒ ආයතනයේ වැඩකල කෙනෙක්ම තමන්ම සයිට් එකක් හදාගෙන කලින් සයිට් එකේ ඩේටාබේස් එක අරගෙන ඒ අයව සම්බන්ධ කරගෙන ඔහුගේ අලුත් සයිට්  එක ප්‍රවර්ධනය කරනවා. ඉන්පසුව මිනිස්සු අල්ලගන්නවා. රවට්ටනවා….

දැන් ලංකාව පුරා මේ වගේ වංචා කරන ආයතන වලට පියවර ගනිමින් ඉන්නේ.

ගොඩක් ඇඩ් ක්ලික් ආයතන ඒ නිසා මෙහෙම කියනවා…

“අපේ මුදල් හොයන්න කිසිම මුදලක් ගෙවන්න ඕන නෑ. ෆ්‍රී ප්ලෑන් එකට සම්බන්ධ වෙලා ඇති තරම් මුදල් හොයන්න. කැමති අය විතරක් පැකේජ් ගන්න කියලා”

ඔහොම සමහර ආයතන “අපි තමයි හොඳටම කලේ” කියලා කරගෙන යද්දි සතියකට එකක් වගේ අලුත් වෙබ් සයිට් එනවා. ඒ වෙබ් සයිට් එන්නේ මෙහෙමයි.

“කිසිම ආයෝජනයක් කරන්න ඕන නෑ. අපි තමයි ලංකාවේ වැඩියෙන්ම ගෙවන්නේ. වෙන කිසිම ආයතනයකින් ගෙවන්නේ නෑ එක ඇඩ් එකකට මෙපමණ මුදලක්. අපි Free Plan එකෙත් ඇඩ් එකකට $0.01ක් ගෙවනවා. BUX, Click, PTC ඔය හැමෝටම වඩා අපි ගෙවනවා” කියලා ඇඩ් දානවා.

ඊට පස්සේ අනික්වා කරන අය සහ අලුත් අය හැමෝම ඒ සයිට් එකට සම්බන්ධ වෙනවා. මොකද කිසිම වියදමක් නැතිව Free Plan එකෙන් දවස් 10ට $2-5 විතර හොයන්න පුලුවන් නිසා. සල්ලි එනකොට එයාලා පිස්සුවෙන් වගේ රෙෆරල් කරනවා. ගෲප් වල දානවා. “අර Bux වගේද මේ Bux අපි තමයි වැඩියෙන්ම ගෙවන්නේ” කියලා තව ආයතනයක් පහත් කරලා විවේචනය කරලා තමයි මේ අය ප්‍රවර්ධන කටයුතු කරන්නේ.

Free Plan එකෙන් සල්ලි එනවා පේනවා. ඊට පස්සේ එයාලා දකිනවා පැකේජ් ටික. ෆ්‍රී එකෙන් සතියට $2 හොයනකොට පැකේජ් එකෙන් $20 හොයන්න පුලුවන් කියලා පේනවා. හීන මැවෙනවා. හැමෝම පැකේජ් ගන්න පොළඹවනවා. ඉන්පසුව ෆ්‍රී ප්ලෑන් අත ඇරලා සල්ලි දීලා පැකේජ් ගන්නවා. ඇඩ් ක්ලික් කරනවා. සල්ලි එනවා….

ඔය අතරේ ෆ්‍රී ප්ලෑන් එකක් තියෙනවා කියලා රට පුරා ප්‍රසිද්ධ කල ඒ ආයතනය එක පාරටම කියනවා “ෆ්‍රී ප්ලෑන් එක අහවල් දිනෙන් පසුව නවත්වනවා, කැමතිනම් මෙච්චර කල් හොයපු සල්ලි අදම බැංකුවට ගන්න, නැත්නම් මදි ගාන දාල පැකේජ් එකක් ගන්න” කියලා.

Free එකෙන් සල්ලි ලැබුනනේ අපිට. මෙයාලා හොරු නෙමේ, හොරුනම් අපෙන් සල්ලි ගන්නේ නැතිව මෙහෙම සල්ලි දෙන්නේ නෑනේ කියලා විශ්වාස කරලා ඔන්න ඉතිං පැකේජ් එකක් ගන්නවා.

කාලයක් වැඩේ කරගෙන යනවා. ලක්ෂ ගාණක් එකතු කරගෙන පනිනවා. තණ්හාවට ටිකෙන් ටික ලොකු පැකේජ් ගත්ත අය අන්තිමේ අමාරුවේ.

කොහොමද එතකොට Free Plan වලට ගෙවන්න සල්ලි කියලා ඔයාලා කල්පනා කරනවා ඇති නේද?

ඒක තමයි බිස්නස් කියන්නේ. සැලසුම් සහගත පාරිභෝගික වංචා.

හිතන්න සයිට් එකක් හදාගෙන ෆ්‍රී ප්ලෑන් දෙනවා.

1000ක් සම්බන්ධ වෙනවා. මාසෙකට හැමෝටම $5 බැගින් $5000ක් ගෙවනවා. මෙතනදි කරන්නේ අවධානමක් අරගෙන අදාල ආයතනයෙන් ආයෝජනයක් කරන එක.

ඉන්පසු හැමෝම පැකේජ් ගන්නවා. $10, $20, $50, $100, $500 වගේ පැකේජ් දෙනවා. නිකමට හිතන්න මුලින් ෆ්‍රී ප්ලෑන් සම්බන්ධ වුන 1000ක් දෙනා $10 පැකේජ් එක මුලින් ගන්නවා. ඔක්කොම සම්බන්ධ වුනොත් $10,000ක් ලැබෙනවා. සයිට් එක පටන් අරන් සතියකින් සයිට් එක නවත්වලා පැනලා ගියත් $5000ක් ලාභයි. ඒ කියන්නේ රු.997,436ක්.

සරළවම සල්ලි පෙන්වලා තණ්හාව ඇති කරවලා ඔබේ මුදල් සැලසුම් සහගතව ලබගැනීම තමයි මේ ආයතන වල කරන්නේ.

නිකමට මහ බැංකුවට කෝල් එකක් දීලා අහන්න ඇඩ් ක්ලික් සයිට් වලට ලංකාවේ ආයෝජනය කරන්න පුලුවන්ද කියලා…

අපි දැන් කතා කරමු අර ලෝකේ හොඳම UK ඇඩ් ක්ලික් සයිට් එක ගැන.

නොමිළයේ සම්බන්ධ වෙන අයට රු.7000ක් මාසිකව හොයන්න පුලුවන්. පැකේජ් එකක් ගත්තොත් මාසිකව රු.20,000ක් ලැබෙනවා කියනවා. ඉතිං නිකමට හිතන්න මාසයක් පුරාවට මිලියන 10ක් මිනිස්සුන්ට රු.7000 බැගින් නොමිළයේ දෙනවා.

ඒ කියන්නේ රු.70,000,000,000 ($350,899,530)

දැන් ඉතිං සල්ලි දෙනවා කියලා හැමෝටම විශ්වාසය ඇති වෙනවා. හැමෝම සල්ලි ගෙවලා ලොකු පැකේජ් එකක් ගන්නවා.

හිතන්න හැමෝම $100 පැකේජ් එකක් ගන්නවා. මිලියන 10ක් මිනිස්සු ඔය පැකේජ් එක ගත්තොත් එම ආයතනයට ආදායම $1,000,000,000.

ලාභය : $649,100,470 (රු.129,487,300,189)

දැන් පේනවා නේද මේ ආයතනයක් Free Plan වලින් ඔබව රවටලා කොච්චර මුදලක් හොයාගන්නවද කියලා. Free Plan එක නවත්වලා පැකේජ් දුන්න ගමන් හැමෝම තණ්හාවට පැකේජ් ගන්නවා.

ඔක්කොමලා පැකේජ් අරගෙන ඉවරවුනාට පස්සේ සයිට් එක අයින් කරගෙන ගියොත් ඔබේ මුදලට කවුද වගකියන්නේ??

හොඳටම ගෙව්වත්, කොරෝනා කාලේ ගෙව්වත් වැරදි දේ කොහොමත් වැරදී. සල්ලි හොයන්න ඕනනම් Free Plan මුදල් හොයාගන්න. පැකේජ් අරන් අමාරුවේ වැටෙන්න එපා…

දැන් කියන්න එපා, අනික් සයිට් ස්කෑම් වුනාට අපි දැන් අවුරුද්දකට වැඩී, අපිට ලක්ෂයක් ඉන්නවා සාමාජිකයෝ. අසාධාරණයක් වුන අය ඉන්නවන පෙන්වන්න කියලා. මොනා වුනත් සල්ලි ගෙව්වත් වැරදි දේ වැරදී….

සල්ලි ගෙවනවනම් අපිට මේවා පිරමීඩ වුනත් එකක් නැතත් එකයි, අපිට ගෙවනවනේ තාම කියන අයම තමයි තමන් වංචාවට අහු වුනහම “මෙන්න මුං පිරමීඩ කාරයෝ, අපිත් රැවටුණා” කියලා පස්සේ ගෲප් / පේජ් හදාගෙන මඩ ගහන්නේ…. පිරමීඩා විරෝධී සංගම් හදාගෙන නටන්නේ…

රැවටෙන්න කලින් දැනුවත් වෙන්න…

ඔබේ අඟහිඟකම් භාවිතා කරමින්, මුදල් අවශ්‍යතාවයන් භාවිතා කරමින් තමයි මේ මිනිස්සු ඔබට සිහින පෙන්වන්නේ…

බුද්ධිමත්ව තීරණ ගන්න…

පුලුවන් නම් මම මේ කියන දේ බොරු කියලා ඔප්පු කරන්න පැකේජ් කිසිවක් නැතිව Free AdClick වලට සම්බන්ධ වෙලා මුදල් හොයන්න පුලුවන් එක ආයතනයක් ලංකාවේ මට පෙන්වන්න….

CharityShop Team

#2021අගෝස්තු28

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments