රැවටීම් වලට අසුනොවෙන්න තාක්ෂණය භාවිතා කරන්න ~ Scam Alert

by | Jul 5, 2021 | Scam Alert | 0 comments

රැවටීම් වලට අසුනොවෙන්න තාක්ෂණය භාවිතා කරන්න ~ Scam Alert

මගේ හොඳම යාලුවෙක් මට වීඩීයෝ එකක් එව්වා අද එයා වැඩකරන ආයතනයට සම්බන්ධ වෙන්න කියලා. එයාට දැන් Financial Freedom එක තියේලු. මිලියන ගණන් හොයනවලු. ඒත් මං දන්න තරමින් එයාට බයික් එකක් විතරයි තියෙන්නේ.

එයා එවපු වීඩීයෝ එක මම Facebook එකේ Image Recognition (රූප හඳුනාගැනීමේ තාක්ෂණය / OCR (Optical Character Recognition – අකුරු හඳුනා ගැනීමේ තාක්ෂණය) තිබෙන Search පහසුකම හරහා සර්ච් කරලා බැලුවා. ඔබත් ෆේස්බුක් එකේ ඉහළ සර්ච් කරන තැන CBF 7878 ටයිප් කරලා බලන්න. CharityShop Group එක ඇතුලේ ඉඳන් සර්ච් කරන්න එපා. ගෲප් එකට එන්නේ නැතිව කෙලින්ම ෆේස්බුක් ඕපන් කරල සර්ච් කරලා එක රූපයක් ඕපන් කරගන්න. ඉන්පසුව වම් පැත්තට Swipe කරන්න. අනික් සියලුම රූප පෙන්වාවි.

මේ තියෙන්නේ ඔහු මට එවූ වීඩියෝ එකේ තිබුණු එක වාහනයක අංකය. ඒ වාහනේ ලංකාවේ 100 දෙනෙක් විතර වෙඩින් වලට භාවිතා කරලා, සමහර අය තමන්ගේ පෞද්ගලික වාහනය විදිහට පේන්න පෝස්ට් දාලා, සමහර අය තමන්ගේ සාර්ථකවය පෙන්වන්න ඒ වාහනය ලඟ ෆොටෝ ෆේස්බුක් දාලා. අපේ අය ඒවා දැකලා “අනේ මම කොච්චර අසාර්ථකද, මට නෑනේ මෙහෙම වාහනයක්” කියලා දුක් වෙනවා. ඔබ දන්නවාද ඔබ සමහරවිට ඔවුන්ට වඩා පොහොසත් ඇති. ඔබට තියෙන බයික් එකවත් ඔවුන්ට නැතිව ඇති. නැති මිනිස්සු තමයි තමන්ට තියෙනවා කියලා පේන්න රඟන්නේ…

මීට පස්සේ CharityShop ගෲප් එකේ ඉන්න අය මිනිස්සුන්ට රැවටෙන්න එපා. ලොකු ලොකු දේවල් පෙන්වනවනම් ෆේස්බුක් එකෙන් ඒ ගැන හොයලා බලන්න පුළුවන්. හැබැයි සර්ච් කරන්න පහසු වෙන්නේ ඒ රූපයේ යම් යම් අකුරු සහ වචන තියේනම් පමණයි. බොරුවට තමන්ගේ කියලා දාන ස්ක්‍රීන්ශොට්, Payment Receipt කාගෙද කියලා හොයාගන්නත් මේ තාක්ෂණය භාවිතා කරන්න.

Rent එකට ගත්ත වාහන වලින් ඔබව රවටා ඔබේ මුදල් වංචා කරන මිනිස්සුන්ට අසු නොවෙන්න…

රැවටෙන්න එපා…

දැනුවත් වෙන්න…

සැ.යු : මෙය ආයතනයකට හෝ පුද්ගලයින්ට මඩ ගැසීමට නොව ඔබව දැනුවත් කිරීමට පලකල පෝස්ට් එකකි. ස්ක්‍රීන්ශොට් ඔබට ක්‍රමවේදය දැනුවත් කිරීමට භාවිතා කර ඇත.

CharityShop Team

#2021ජූලි5

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments