පිරමීඩ කම්පැනි එකකට සම්බන්ධ අයගේ ෆේස්බුක් වෝල්, Whatsapp Status, Story හැම තැනකම මේ වගේ ප්රසිද්ධ පුද්ගලයෝ ගැන උදාහරණ දානවා. මොකද එයාලගේ කම්පැනි වලින් කවදාවත් මේ වගේ ආදර්ශමත් චරිත බිහිවුණේ නෑ. මොකද ඒවගේ යන්නේ වංචාවක්…
ඔය ඡායාරූප වල ඉන්න කවුරුවත් නිදාගෙන ඉඳලා සල්ලි හොයපු අය නෙමේ. අවුරුදු 10ක් විතර මහන්සි වෙලා ගොඩනගාගත්ත දේවල් නිසයි අද ඒ අය නිදාගෙන ඉන්නකොටත් සල්ලි එන්නේ.
ඔබට නිදාගෙන ඉන්නකොට සල්ලි ඕනනම් අනිවාර්යයෙන්ම ඔබ ලක්ෂයකට වැඩියෙන් ආයෝජනය කරන්න ඕන. ඉන්පසුව තවත් අයව ඒ ආකාරයට සම්බන්ධ කරන්න ඕන.
අලුතෙන් ආදායම් උත්පාදනයක් කිසිම අවස්ථාවක් මේ පිරමීඩ කම්පැනි වල සිදු වෙන්නේ නෑ. අලුතෙන් එකතුවෙන කෙනාගේ ආයෝජන මුදල තමයි ඉහළ ඉන්න හැමෝටම බෙදෙන්නේ.
ආයතනයේ ප්රධානියාම ආදාර්ශයක් වෙලා එයාම Role Model කෙනෙක් වෙන ආයතන තියේද බලන්න.
නැතිව කොහෙවත් ඉන්න අවුරුදු 22ක කොල්ලෙක් හෙලිකොප්ටරයක් ගෙනාවා කියලා දාන පෝස්ට්වලට ඔබ රැවටෙන්න එපා. ඒ කොල්ලා හෙලිකොප්ටර් ගෙනාවේ පිරමීඩ වලට සම්බන්ධ වෙලා නෙමේ. Crypto Currency, Fivver, Dropshipping වගේ දේවල් කරලා වෙන්න පුළුවන්. ඒවට හැකියාව ඕන.
Youtube Channel වලට එක එක මිනිස්සු ගෙනල්ලා කරන කතා විශ්වාස කරන්න එපා. ගොඩක් අය චැනල් වලට සල්ලි දීලා වීඩියෝ දම්මවන්නේ.
මං දන්න මගේ හොඳම යාලුවෝ 6 දෙනෙක් ඉන්නවා රටේ නම සහ හම ගිය වංචාකාර ආයතන වල. මාව අල්ලගන්න ගහන දහංගැට මමනේ දන්නේ…
බුද්ධිමත් වෙන්න…
රැවටෙන්න එපා…
එහෙම රැවටුණ සයිට් තියේනම් කමෙන්ට් කරන්න ස්ක්රීන්ශොට් අනෙක් අයටත් දැනගන්න…
අතරමං නොවී eMoney ඉගෙන ගන්න CharityShop එක්ක එකතු වෙන්න…
හැමදේම නොමිළයේ කියලා දෙනවා… ඉගෙනගැනීම ඔබේ වගකීමයි. එය ඔබගේ මොළයට දැමීමට හැකියාවක් අප සතුව නොමැත.
✅ ඡායාරූප ඔබගේ අවධානය ගැනීමට පළකරන ලදි…
CharityShop Team