Scam Alert ~ භාණ්ඩ හෝ සේවා විකිණීම

by | May 23, 2021 | Scam Alert | 0 comments

Scam Alert ~ භාණ්ඩ හෝ සේවා විකිණීම

භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කිරීමේ හිමිකම සහ බලය ලබාගැනීමට ඔබට අවශ්‍යතාවයක් ඇතත් නැතත් එය මිළදී ගැනීමට සිදුවෙනවානම් එය පිරමීඩ ව්‍යාපාරයක ගති ලක්ෂණයකි.

1️⃣ ටීවී එකක් විකුණා ලාභයක් ලබාගැනීමටනම් ඔබත් එම ටීවී එක අනිවාර්යයෙන්ම මිළදී ගත යුතුනම් එය පිරමීඩ් ව්‍යාපාරයක් විය හැක.

✅ අන්න ඒ නිසයි CharityShop වල අපි ඕනෑම කෙනෙක්ට භාණ්ඩ විකිනීම (Reselling) සඳහා අවසර ලබාදෙන්නේ. කාපට් එකක් විකිණීමට ඔබ කාපට් එක මිළදි ගැනීමට අවශ්‍ය නැත. අලෙවි ප්‍රවර්ධන පත්‍රිකාව ශෙයාර් කිරීම පමණක් ප්‍රමාණවත්ය. ඔබට පූර්ණ කාලීන සහ අර්ධ කාලීන අලෙවි නියෝජිතයෙකු ලෙස රැකියාවට සම්බන්ධ විය හැක.

2️⃣ සේවාවක් අලෙවි කිරීමට ඔබත් එම සේවාව මිළදී ගැනීම අනිවාර්ය නම් එය පිරමීඩ් ව්‍යාපාරයක් විය හැක.

✅ අන්න ඒ නිසයි CharityShop වල අපි ඕනෑම කෙනෙක්ට සේවා අලෙවියට අවසර ලබාදෙන්නේ. ඉන්ෂුවරන්ස් එකක් විකිණීමට ඔබ ඉන්ෂුවරන්ස් එකක් මිළදි ගැනීමට අවශ්‍ය නැත. අලෙවි ප්‍රවර්ධන පත්‍රිකාව ශෙයාර් කිරීම පමණක් ප්‍රමාණවත්ය. ඔබට පූර්ණ කාලීන සහ අර්ධ කාලීන අලෙවි නියෝජිතයෙකු ලෙස රැකියාවට සම්බන්ධ විය හැක.

3️⃣ App එකක් හෝ ඒ ආශ්‍රිත සේවාවක් අලෙවි කිරීමට ඔබත් එම App එක මිළදී ගැනීම අනිවාර්ය නම් එය පිරමීඩ් ව්‍යාපාරයක් විය හැක.

✅ අන්න ඒ නිසයි CharityShop වල අපි ඕනෑම කෙනෙක්ට App, eBook, Websites, Callertunes වැනි සේවා අලෙවියට අවසර ලබාදෙන්නේ. අපගේ රීලෝඩ් ඇප් එක විකිණීමට ඔබ රීලෝඩ් ඇප් එක මිළදි ගැනීමට අවශ්‍ය නැත. අලෙවි ප්‍රවර්ධන පත්‍රිකාව ශෙයාර් කිරීම පමණක් ප්‍රමාණවත්ය. ඔබට පූර්ණ කාලීන සහ අර්ධ කාලීන අලෙවි නියෝජිතයෙකු ලෙස රැකියාවට සම්බන්ධ විය හැක.

4️⃣ පාඨමාලාවක් අලෙවි කිරීමට ඔබත් එම පාඨමාලාවට සම්බන්ධ වීම අනිවාර්ය නම් එය පිරමීඩ් ව්‍යාපාරයක් විය හැක.

✅ අන්න ඒ නිසයි CharityShop වල අපි ඕනෑම කෙනෙක්ට කැමති පාඨමාලාවකට සම්බන්ධ වෙන්නත්, අලෙවි කරන්නත් අවසර ලබාදෙන්නේ. බිම්මල් පාඨමාලාවට වෙනත් අය සම්බන්ධ කිරීමට ඔබ බිම්මල් පාඨමාලාවට සම්බන්ධ වීම අවශ්‍ය නැත. අලෙවි ප්‍රවර්ධන පත්‍රිකාව ශෙයාර් කිරීම පමණක් ප්‍රමාණවත්ය. ඔබට පූර්ණ කාලීන සහ අර්ධ කාලීන අලෙවි නියෝජිතයෙකු ලෙස රැකියාවට සම්බන්ධ විය හැක.

5️⃣ සාමාජිකත්වය ලබාගෙන ඔබ තවත් අය සම්බන්ධ කිරීම අනිවාර්ය නම් එය පිරමීඩ් ව්‍යාපාරයක් විය හැක.

✅ අන්න ඒ නිසයි CharityShop වල අපි ඕනෑම කෙනෙක්ට සම්බන්ධ වෙන්න හෝ රෙෆරල් නොකර ඉන්න අවසර ලබාදෙන්නේ. අපගේ සාමාජිකත්වය ගැනීමෙන් පසු වෙනත් කෙනෙක් සම්බන්ධ කිරීමට අවශ්‍ය නැත. ඔබට ඔබගේ හැකියාවෙන් ක්‍රම 200+ ගණනකින් ආදායම් සෙවිය හැක. ඔබට අමතර ආදායමක් අවශ්‍යයි නම් පමණක් අලෙවි ප්‍රවර්ධන පත්‍රිකාව ශෙයාර් කිරීම පමණක් ප්‍රමාණවත්ය. ඔබට පූර්ණ කාලීන සහ අර්ධ කාලීන අලෙවි නියෝජිතයෙකු ලෙස රැකියාවට සම්බන්ධ විය හැක.

6️⃣ ආයතනයේ ආයෝජන පැකේජයක් මිළදී ගෙන තවත් අය ආයෝජනයට සෙවීම අවශ්‍යයි නම්, අනිවාර්ය නම් එය පිරමීඩ් ව්‍යාපාරයක් විය හැක.

✅ CharityShop වලනම් අපි කිසිම ආකාරයක ආයෝජන අවස්ථා දෙන්නේ නෑ. මන්ද එය අවධානම් දෙයක් සහ අවසානයේ ආයතනයේ නමට කැලලක් වෙන දෙයක් වගේම ආයෝජනය ලංකාවේ තහනම්.

7️⃣ ණයක් ගැනීමට තවත් ණය ගන්න අය සම්බන්ධ කිරීම අනිවාර්ය නම් එය පිරමීඩ් ව්‍යාපාරයක් විය හැක.

✅ CharityShop වල අපි මිනිස්සුන්ට පුරුදු කරන්නේ ණය ගන්න නෙමේ. හැකියාවෙන් කොහොම හරි කීයක් හරි හොයලා දෙන්න. නමුත් ඒකත් නොකර ගොඩක් අය කරන්නේ “අනේ අපටත් උදව් කරන්නකෝ” කියලා ආධාර ඉල්ලන එක.

ඔබට ලෝකයේ ඕනෑම ආයතනයක අලෙවි නියෝජිතයෙකු විය හැක. එය නීති විරෝධී නැත. නමුත් ඔබට අනවශ්‍ය දෙයක් ඔබ මිළදි ගැනීමට බලකරනවානම් එය පිරමීඩ ව්‍යාපාරයක් විය හැක.

ඇත්තටම මේ පිරමීඩ් ව්‍යාපාර වල පාරිභෝගිකයෙක් නැහැ. ඉන්නේ අලෙවිකරුවෙක්ගෙන් භාණ්ඩයක් හෝ සේවාවක් අරන් තවත් අලෙවිකරුවන් කිහිපදෙනෙක්ට විකුණන අලෙවිකරුවන් පිරිසක් විතරයි.

CharityShop අපි කරන්නේ ලෝකේ හැම තැනම තියෙන අදහස් වල නරක දේවල් ඉවත් කරලා හොඳ දේවල් වලින් ආදායම් හොයන්න ඔබට අවස්ථාව දෙන එක…

පිරමීඩ වලට රැවටෙන්න එපා…

එහෙම රැවටුණ සයිට් තියේනම් කමෙන්ට් කරන්න ලින්ක් අනෙක් අයටත් දැනගන්න…

අතරමං නොවී eMoney ඉගෙන ගන්න CharityShop එක්ක එකතු වෙන්න…

හැමදේම නොමිළයේ කියලා දෙනවා…

CharityShop Team

#2021මැයි23

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments