Scam Alert ~ මෙහෙම දාන කිසි කෙනෙක්ව විශ්වාස කරන්න එපා

by | Aug 8, 2021 | Scam Alert | 0 comments

Scam Alert ~ මෙහෙම දාන කිසි කෙනෙක්ව විශ්වාස කරන්න එපා

මේ පෝස්ට් එක ගෲප් කිහිපයක දැක්කා. සමහර ගෲප් වල 500 වඩා Details Please කියලා කමෙන්ට් දාලා තිබ්බා. අපි හිතමු මේ ඇඩ් ක්ලික් කම්පැනි එකක් කියලා. ලෝකේ කොයි කම්පැනි එකෙන්ද මේ වගේ කම්පැනි එකකට ඇඩ් දෙන්නේ නිකන් ඕපන් කරලා ක්ලෝස් කරන්න. තනිකරම වංචා යන්නේ.

ඊලඟට සමහර XYZ සයිට් තියේ පැය කිහිපයක් වීඩියෝ බලවනවා. සල්ලි එනවා කියලා පෙන්වනවා. 200$ සම්පූර්ණ වුනහම තව යාලුවෝ (Referral) 40ක් දාන්න කියනවා Withdraw කරන්න. එයත් තව අයට සල්ලි ගත්තා කියලා ඇඩ් කරවලා වීඩීයෝ බලවනවා. මොකද ඒවගෙනුත් සල්ලි එන නිසා. ඒ අයත් ඔය බොරුවම කරනවා. Channel Monetize කරගන්න වෙබ් එකක් හදාගෙන ඔය විදිහට බොරු දාලා කට්ටිය හරහා වීඩියෝ බලවන එක තමයි කරවන්නේ.  මේවා Free නිසා හැමෝම උත්සාහ කරනවා.

▪️ එක් අයෙක් සම්බන්ධ වෙනවා. ඔහු 40ක් සම්බන්ධ කරනවා.

▪️ඒ 40 තව 40ක් සම්බන්ධ කරනවා. එවිට 1600.

▪️ ඒ 1600 දෙනා තව 40 ගානේ සම්බන්ධ කරනවා. 64000යි එතකොට.

▪️ ඒ 64000 තව 40 ගානේ ඇඩ් කරනවා. එතකොට 2,560,000 ඇඩ් වෙනවා.

ඔන්න ලෙවල් 2-3ක් යනකොට තත්වය. ඉතිං සයිට් එක දවස් 5-6න් Close කරලා යනවා.

ඔන්න ඔහොමයි වෙන්නේ ගොඩක් AdClick Free Plan වල.

හැමෝම මාසයක් ෆ්‍රී සම්බන්ධ වෙලා ඇඩ් ක්ලික් කරලා වීඩියෝ බලලා මාසේ අන්තිමට සල්ලි නොලැබුනහම අයින් වෙනවා. Free Join වුන නිසා මොනවත් කියන්න යන්නෙත් නෑ. කොහෙ තියෙන එකක්ද් දන්නෙත් නෑනේ ඉතිං. ආයතනයට පාඩුත් නෑ අයින් වෙලා ගියා කියලා. එයා ඇඩ් කල රෙෆරල් ටික වැඩ කරනවනේ. දම්වැලක් වගේ එක දිගට සම්බන්ධ වෙනවා…

විනාඩි 10න් රු.1000ක් හොයන්න පුළුවන් නම් මේ රටේ මිනිස්සු මොකට රැකියා කරනවද? ඉගෙන ගන්නවද… රටම ඇඩ් ක්ලික් කරමුකෝ….

CharityShop Team

#2021අගෝස්තු8

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments