යම් ආයතනයක් මේ වගේ ඇඩ් දාලා ඔබව සම්බන්ධ කරගන්න උත්සාහ කරනවනම්, ඔබට කෝටියක් දෙනවා කීවත් සම්බන්ධ වෙන්න එපා. මොකද ඔබ එම ආයතනයට සම්බන්ධ වෙන්න ගෙවන මුදල ඔබට ආපසු සොයන්න නම් තව අයව අනිවාර්යයෙන්ම සම්බන්ධ කරන්න වෙනවා. ටිකෙන් ටික ආයතනයට ගොඩක් අය සම්බන්ධ වුනහම ඔබට සම්බන්ධ කරන්න වෙන අය හොයාගන්න බැරිවුනහම ඔබට ආදායමක් නැති වෙනවා. මුලින් සම්බන්ධ වුන ඔබටත් වඩා ඔබ සම්බන්ධ කල ඔබේ මිතුරන් සහ එම මිතුරන්ගේ මිතුරන් තමයි අමාරුවේ වැටෙන්නේ.
පව් ඒ මිනිස්සු…
උදා:
ඔබ 50,000ක් දීලා යම් ආයතනයකට සම්බන්ධ වෙනවා. ඉන්පසුව ඔබ සම්බන්ධ කරන අය වෙනුවෙන් ඔබට පහත ආකාරයට මුදල් ලැබෙනවා.
එක් අයෙක් සම්බන්ධ කලොත් ඔබට ලැබෙන කොමිස් මුදල 12,500යි.
2ක් සම්බන්ධ කලොත් – රු.25,000
3ක් සම්බන්ධ කලොත් – රු. 37,500
ඔබ 4 දෙනෙක් සම්බන්ධ කලොත් ඔබගේ වියදම් වූ මුදල වන රු.50,000 ඔබට හිමිවෙනවා.
දැන් ඉතිං ඔබේ මිතුරන් 4 දෙනත් ඒ වියදම් වූ මුදල සොයාගන්න එක් අයෙක් 4 දෙනා බැගින් තව 16 දෙනෙක්ද, ඒ 16 දෙනා 64 දෙනෙක්ද, ඒ 64 දෙනා 256ක්ද, ඒ අය 1024ක්ද, ඒ අය 4096ක්ද, ඉන්පසු අය16,384ක්ද, ඉන්පසුව 65,536ක්ද, ඉන්පසුව 262,144, ඉන්පසුව 1,048,576ක්ද ඉන්පසුව 4,194,304ක්ද සම්බන්ධ කරන්න ඕන. ගණන් හදන එකේ වරදක් තියෙන්න පුළුවන්, මං ගණිතයට දුර්වලයි. මොනා වුනත් ලෙවල් කිහිපයක් යනකොට ලෝක ජනගහනයත් මදි වෙනවා කියන එක තේරුම් ගත්තොත් ඇති.
ඉතිං අන්න ඒකයි මේ කම්පැනි “මුලින්ම සම්බන්ධ වෙන අයට ඉක්මනට ගොඩ යන්න පුළුවන්” කියන්නේ…
මොකද මුලින්ම මිනිස්සු අන්දන්න ලේසි. ටික කාලයක් යනකොට තමයි මිනිස්සුන්ට තේරෙන්නේ ඇන්දිලා කියලා.
පව් මිනිස්සු රවට්ටන්න එපා…
කම්පැනි එකෙන් ඔහොම කියලනම් ඔබව සම්බන්ධ කරන්නේ අනිවාර්යයෙන්ම ටික කාලයක් යනකොට ඔයා සම්බන්ධ කල යටම ඉන්න අයට ගෙවපු සල්ලිත් නැති වෙනවා. ඒ වැරැද්ද කරන්න එපා…
✅ මෙහෙම ගොඩක් කියන්නේ ලෙවල් වලට භාණ්ඩ, සේවා, ඇප් වගේ විකුණන අය.
ලෙවල් නැතිනම් මෙහෙම ප්රශ්න එන එක අඩුයි. ඒ නිසා “ආයතනය ප්රවර්ධනය කරන්න තමයි අපි මේ ලෙවල් වලට ගෙවන්නේ” කියන බයිලාවට අහුවෙන්න එපා.
CharityShop අපි කරන්නේ ලෝකේ හැම තැනම තියෙන අදහස් වල නරක දේවල් ඉවත් කරලා හොඳ දේවල් වලින් ආදායම් හොයන්න ඔබට අවස්ථාව දෙන එක…
පිරමීඩ වලට රැවටෙන්න එපා…
එහෙම රැවටුණ සයිට් තියේනම් කමෙන්ට් කරන්න ලින්ක් අනෙක් අයටත් දැනගන්න…
අතරමං නොවී eMoney ඉගෙන ගන්න CharityShop එක්ක එකතු වෙන්න…
හැමදේම නොමිළයේ කියලා දෙනවා…
CharityShop Team