CharityShop Tech ඉස්කෝලේ – Gmail ගිණුමක් නිර්මාණය කරගමු

by | May 7, 2021 | ක්‍රියාකාරකම් | 0 comments

CharityShop Tech ඉස්කෝලේ – Gmail ගිණුමක් නිර්මාණය කරගමු

???? අපගේ නවතම පද්ධතියට ලියාපදිංචි වීමට ඔබට නව ඊමේල් ලිපිනයක් අවශ්‍ය වේ. එය සත්‍ය නමින් නිර්මාණය කරගත යුතුය. අද අපි ඒ සඳහා පුහුණුවක් ලබමු.

1️⃣ Gmail App එක විවෘත කරගෙන එහි ඉහළ දකුණු කෙළවරේ ඔබගේ ඡායාරූපය පෙන්වන තැන ???? රවුම ඔබන්න.

2️⃣ Add another account ඔබා ඊලඟ තිරයේ Google තෝරන්න. ඊලඟට ඔබගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක හෝ පින් එක ඉල්ලාවි. එය ලබාදෙන්න.

3️⃣ ඊළඟ තිරයේ පහත වම් කෙළවරේ ඇති Create Account ඔබන්න. එහි For my self තෝරන්න.

4️⃣ ඊලඟට තමයි වැදගත්ම කොටස. මෙය අවබෝධයෙන් කිහිපවරක් කියවන්න.

✅ නිවැරැදිව ඊමේල් ගිණුමකට නම යොදන්නේ කොහොමද ?

උප්පැන්නේ / හැඳුනුම්පතෙහි නම : සමරදිවාකර කරුණාසේන වාසල කුමරසිංහ මුදියන්සේ රාලහාමිලාගේ ශ්‍රියා ලතා

ඊමේල් එකට නම යොදන්නේ කොහොමද ?

❎ සමරදිවාකර කරුණාසේන වාසල කුමරසිංහ මුදියන්සේ රාලහාමිලාගේ ශ්‍රියා ලතා (මොළේ හොඳ නැද්ද?)

❎ Sri Angel (එහෙමද හිතා ඉන්නේ?)

❎ M R S ලතා (තේරුමක් නැහැ)

❎ SKWKMRS Latha (කියවන්නේ කොහොමද ?)

✅ ශ්‍රියා ලතා

First Name : Sriya (පළමු අකුර කැපිටල්)

Last Name : Latha (පළමු අකුර කැපිටල්)

කරුණාකර නම ඉහත ආකාරයට කොටස් දෙකකට ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න.

✅ නමක් ලියනකොට සැම විටම පළමු අකුරු කැපිටල් භාවිතා කරන්න. latha ලෙස ලිවීම වැරදී. Latha ලෙස ලිවිය යුතුය.

5️⃣ ඊලඟ තිරයේ උපන්දිනය නිවැරැදිව දෙන්න. කවද හරි ගිණුම Recover කරගන්න ඕන වුනොත් අවශ්‍ය වෙනවා නිවැරැදි දිනය.

6️⃣ ඊලඟ තිරයේ ඔබට පෙන්වන ඊමේල් ලිපිනයක් තෝරන්න පුළුවන්. ලෝකේ මිලියන ගානක් ඊමේල් ලිපිනයන් හදලා තියේ. එම නිසා ඔබේ නමටම ගන්න අපහසු වෙන්න පුළුවන්. සාම්පල් පෙන්වන ඒවට අකමැතිනම් Create your own Gmail Address හරහා නමක් දෙන්න.

✅ මගේ නම Danesh Maduranga Edirisooriya. ඒ නිසා මම daneshmedirisooriya@gmail.com ලෙස තෝරගත්තා.

✅ දැන් පොතක ලියාගන්න ඔබ ටයිප් කල ඊමේල් ලිපිනය.

❎ ඊමේල් ලිපින වල කවදාවත් කැපිටල් අකුරු භාවිතා කරන්නේ නැහැ.

❎ ඊමේල් ලිපිනයක හිස්තැන් නැහැ කවදාවත්.

7️⃣ ඊලඟට Next ඔබන්න. ඒ නම ගන්න පුළුවන් නම් එය ලබාදේවි. නොඑසේනම් නැවත වෙනස් කර බලන්න.

8️⃣ මුරපදය (පාස්වර්ඩ්) යොදන්න. ටෛප් කරන පාස්වර්ඩ් එක බලාගන්න ඕනනම් Show Password එකට ටික් එකක් දාන්න. ඉන්පසු ඉතා සෙමෙන් පාස්වර්ඩ් එක ටයිප් කරන්න.

???? කැපිටල් අකුරක්

???? සිම්පල් අකුරු කිහිපයක්

???? ඉලක්කම් කිහිපයක්

???? සංකේතයක්

මේ සියල්ලක්ම යොදාගන්න.

උදා : Danesh1010@

✅ දැන් කරුණාකර මෙය ඊමේල් ලිපිනය ලියාගත් පොතේම ලියාගන්න.

✅ ඔබේ ඊමේල් ලිපිනය යනු මිසයිල පද්ධතියක් ක්‍රියාත්මක කරන දෙයක් නොවේ. එම නිසා පෙන්ටගනයේ ලබාදෙන ආරක්ෂාව එයට ලබාදීමට අවශ්‍ය නැහැ. සරළ මතක හිටින පාස්වර්ඩ් එකක් කරුණාකර ලබාදෙන්න.

9️⃣ ඔබේ දුරකතන අංකය නිවැරැදිව ලබාදෙන්න. පාස්වර්ඩ් එක රීසෙට් කිරීමට් එය අවශ්‍ය වෙනවා.

????️ ඊලඟ තිරයේ Review Your Account Info හි ස්ක්‍රීන්ශොට් එකක් ලබාගන්න. එය ඔබට අමතක වෙනවාට වැදගත් වේවි. එහි තොරතුරු නිවැරදිද බලන්න.

1️⃣1️⃣ ඊලඟ තිරයේ I Agree ඔබන්න

සුභපැතුම් ! ඔබගේ ඊමේල් ලිපිනය නිර්මාණය වී අවසන්.

1️⃣2️⃣ දැන් නැවතත් ඉහත දකුණු කෙළවරේ ඔබගේ රූපය තිබෙන තැන ඔබන්න. එයින් අලුතෙන් නිර්මාණය කල ඊමේල් ලිපිනය තෝරන්න.

1️⃣3️⃣ එය තේරූ පසු එම ඊමේල් ලිපිනයට යටින් පෙන්වන Google Account යන්න ඔබන්න. ඉන්පසු Get Started ඔබන්න

1️⃣4️⃣ ඊලඟ තිරයේ Personal Info ඔබා එහි Photo යටතේ ඔබගේ ඡායාරූපය තෝරන්න. එය අවසන් වූ පසු Gmail App එක Close කරන්න. මිනිත්තුවකින් නැවත Gmail App එක විවෘත කරන්න.

1️⃣5️⃣  දැන් නැවතත් ඉහත දකුණු කෙළවරේ ඔබගේ රූපය තිබෙන තැන ඔබන්න. එයින් අලුතෙන් නිර්මාණය කල ඊමේල් ලිපිනය තෝරන්න.

1️⃣6️⃣ එය තේරූ පසු එම ඊමේල් ලිපිනයට යටින් පෙන්වන Google Account යන්න ඔබන්න. ඉන්පසු Get Started ඔබන්න. ඉන්පසු Personal Info ඔබා එහි ස්ක්‍රීන්ශොට් එකක් මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න. ඡායාරූපය වෙනස් වී නැතිනම් නැවත අප්ලෝඩ් කරන්න. කමෙන්ට් කරන ස්ක්‍රීන්ශොට් එකෙහි ඔබේ ඡායාරූපය වෙනස් වී තිබිය යුතුය. උදාහරණ සඳහා පළමු කමෙන්ට් එක බලන්න.

✅ අඩුම තරමේ මේ වතාවෙවත් වැරැද්දක් නොකර ගිණුමක් නිර්මාණය කරගන්න. හදිසි වෙන්න එපා. සෙමෙන් කරන්න.

???? ඉදිරියේදී ඔබට ඊමේල් ලිපින නිර්මාණය කර ආදායමක් ඉපයීමේ ක්‍රමද හඳුන්වාදීමට බලාපොරොත්තු වේ.

CharityShop Tech ඉස්කෝලේ – Gmail ගිණුමක් නිර්මාණය කරගමු

CharityShop Team

#2021මැයි7

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments