අනවශ්‍ය පුද්ගලයින්ට (ෆේස්බුක් මිතුරන් නොවන අයට) ඔබගේ Facebook Profile එකේ තොරතුරු, ඡායාරූප, පෝස්ට් බැලීමට නොහැකි ආකාරයට Lock කරන්නේ කෙසේද?

by | Aug 15, 2021 | Techඉස්කෝලේ | 0 comments

අනවශ්‍ය පුද්ගලයින්ට (ෆේස්බුක් මිතුරන් නොවන අයට) ඔබගේ Facebook Profile එකේ තොරතුරු, ඡායාරූප, පෝස්ට් බැලීමට නොහැකි ආකාරයට Lock කරන්නේ කෙසේද?

❎ සැ. යු : CharityShop ප්‍රවර්ධන කටයුතු වලට ප්‍රොෆයිල් එක භාවිතා කරනවානම් මෙසේ ලොක් කිරීමෙන් වළකින්න. මන්ද කිසිම බාහිර අයෙක්ට ඔබ ප්‍රොෆයිල් එකේ පළකරන Public Post පෙන්වන්නේ නැත. එය ඔබට අවාසියකි.

▪️ මාගේ දැනුම අනුව මෙම පහසුකම තවම ලෝකයේ සියලුම රටවලට ලබාදී නොමැත. නමුත් අපි ඔබට කියා දෙනවා එය ශ්‍රී ලංකාවට හෝ ඕනෑම රටකට භාවිතා කරන ආකාරය.

▪️ ෆේස්බුක් Lock Feature එක මඟින් ඉන්දියාවේ සිටින පරිශීලකයින්ට මිතුරන් නොවන අයගෙන් තම Profile එක අගුළු දැමීමට ඉඩ සලසයි.

▪️ ඔබ ඔබේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක අගුළු දැමූ පසු, මිතුරන් නොවන අයට ඔබේ පූර්ණ ප්‍රමාණයේ ප්‍රොෆයිල් පින්තූරය සහ කවර් ඡායාරූපය විශාලනය කිරීමට, ශෙයාර් කිරීමට හෝ ඩවුන්ලෝඩ් කරගැනීමට නොහැකි වේ.

▪️ මිතුරන් නොවන අයට අගුළු දමා ඇති ගිණුම් කාලරේඛාවේ – TimeLine  (පැරණි සහ නව) ඡායාරූප සහ පළ කිරීම් (Photos & Posts) බැලිය නොහැක.

▪️ කිසිදු අයෙක්ට ඔබේ ප්‍රොෆයිල් එකේ ස්ක්‍රීන්ශොට් ගැසීමට නොහැක.

▪️ මෙම විශේෂාංගය විශේෂයෙන් කාන්තාවන් ඉලක්ක කර ගෙන ඇත.

▪️ සරළව ඔබේ ගිණුම Lock කල පසු ඔබේ ප්‍රොෆයිල් එකේ සියලුම අන්තර්ගතයන් නැරඹිය හැක්කේ ඔබේ මිතුරන්ට පමණයි. පිට අයෙක්ට ඒවා නැරඹීමටනම් ඔබ අනිවාර්යයෙන්ම ඔවුන්ව මිතුරෙක් කරගත යුතුය.

▪️ මෙය සක්‍රීය කිරීම තුලින් අසහනකාරයින් ඔබේ ෆේස්බුක් ඡායාරූප ඩවුන්ලෝඩ් කර සංස්කරණය කිරීම නතරවේවි. (නමුත් අසහනකාරයා ඔබේ මිතුරෙක්නම් එහි වගකීම ඔබ සතුය)

Lock කල ප්‍රොෆයිල් එකක උදාහරණයක් බලන්න ඕනනම් මේ ප්‍රොෆයිල් එක බලන්න : https://www.facebook.com/lahiru.nuwan.5895834

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

✅ මෙය සිදුකිරීමට ප්‍රථම සියලුම ස්ක්‍රීන්ශොට් බලා අවබෝධ කරගන්න. ඔබේ ෆේස්බුක් ඇප් එකේ භාෂාව වෙනස් වන බැවින් කරුණාකර සංකේත මතක තබාගන්න.

1️⃣ ෆේස්බුක් ඇප් එකේ ඉහළ දකුණු කෙළවර ඉරි තුන ඔබා යටට ගොස් Settings & Privacy ඔබන්න. එහි Settings ඔබන්න. එහි Preference යටතේ හෝ වෙනත් ඔබගේ ඇප් එකේ Version එක අනුව Language & region යන්න තෝරන්න.

2️⃣ එහි ඉහළින්ම තිබෙන “Language for buttons titles and other text from Facebook” ඔබන්න. Malaysia සහ Norsk Nokmal අතර ඇති භාෂාව තෝරන්න. ස්ක්‍රීන්ශොට් එක පැහැදිලිව බලන්න.

3️⃣ ඉන්පසු ඔබේ ප්‍රොෆයිල් එකට යන්න. ඔබේ ප්‍රොෆයිල් පික්චර් එකට යටින් ඇති … ඔබන්න.   බොහෝ විට 5 වෙනියට පෙන්වන “යතුරු හිලකට සමාන අයිකන් එක – Shield” ඔබන්න. ස්ක්‍රීන්ශොට් අනුගමනට කරන්න. යට තිබෙන නිල්පැහැති බොත්තම ඔබන්න. නැවතත් නිල් බොත්තම ඔබන්න.

✅ ඔබේ ප්‍රොෆයිල් එක දැන් Lock වී අවසන්.

4️⃣ දැන් අපි භාෂාව නැවත යතා තත්වයට පත්කරගමු. ආපසු ඇප් එකේ ඉහළ දකුණු කෙලවරේ ඉරිතුන ඔබන්න. ස්ක්‍රීන්ශොට් අනුගමනය කරන්න.

Settings & Privacy > Settings (රවුමක තිබෙන මිනිස් රූපය)

Preferences > Language & Region (ලෝක බෝලය)

ඉහත ලෝක බෝලය එබීමෙන් පසුව එන ලිස්ට් එකේ මුලින්ම තිබෙන එක ඔබන්න.

5️⃣ ඉන්පසු භාෂාව English (United Kingdom) තෝරන්න.

✅ දැන් සියල්ල අවසන්….

නිකමට හරි ආපසු ප්‍රොෆයිල් එක Unlock කරන්න ඕනනම් ප්‍රොෆයිල් එකේ ප්‍රොෆයිල් පික්චර් එකට යටින් ඇති … ඔබන්න. දැන් ඔබට එහි “Unlock Profile” යන Feature එක බලාගන්න පුළුවන්.

දැන් ඔබට ආපසු භාෂාව වෙනස් කරන්න ඕන වෙන්නේ නෑ. ඒ Feature එක ඔබට දිගටම භාවිතා කරන්න පුළුවන්.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

මේ පෝස්ට් එක පිළිබඳව කමෙන්ට් එකක් මේ පෝස්ට් එකේද, පාඨමාලාවට සම්බන්ධ නොවූ අයට පාඨමාලාවට සම්බන්ධ වෙන්න උනන්දු වෙන්න CharityShop Team – ව්‍යවසායක කණ්ඩායම (Entrepreneurs Club) Group එකේ මේ පිළිබඳව තිබෙන පෝස්ට් එකේද කමෙන්ට් කරන්න කාරුණික වන්න.

CharityShop Team

#2021අගෝස්තු15

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments