ආරක්ෂිතව ගණුදෙනු කරන්න Virtual Debit Card පතක් නොමිළයේ ලබාගන්න ~ ඔන්ලයින් බැංකු ගිණුමක් විනාඩි 5න් විවෘත කරමු !

by | Aug 16, 2021 | Techඉස්කෝලේ | 0 comments

ආරක්ෂිතව ගණුදෙනු කරන්න Virtual Debit Card පතක් නොමිළයේ ලබාගන්න ~ ඔන්ලයින් බැංකු ගිණුමක් විනාඩි 5න් විවෘත කරමු !

සියලුම බැංකු වල බැංකු ගිණුම් සහ කාඩ්පත් එකම ඇප් එකකින් පාලනය කරමු !

Frimi ~ Nations Trust Bank

ඔන්ලයින් ගෙවීම් පහසුවෙන් කරන්න Virtual Master (Debit) Card එකක් ලබාගන්න.

???? විනාඩි 5න් ගිණුම විවෘත කරගන්න (Online)

???? පැය 24න් ඩෙබිට් කාඩ් එක ලබාගන්න. (Virtual)

???? සම්බන්ධ වීමේ ගාස්තු නැහැ (No Signup Fee)

???? වාර්ෂික ගාස්තු නැහැ (No Annual Fee)

???? බැංකුවට යන්න ඕන නැහැ

1️⃣ FriMi App එක ඉන්ස්ටෝල් කරගන්න. මෙගාබයිට් 88ක් පමණ ඉඩ අවශ්‍ය වේවි : https://play.google.com/store/apps/details…

2️⃣ Create Account ඔබන්න ඉන්පසු Skip ඔබා

I Accept ඔබන්න.

3️⃣ Process for Registration යටතේ පහත ක්‍රියාකාරකම් ටික සම්පූර්ණ කරන්න.

▪️ Smile for the Camera – හොඳ ඇඳුමක් ඇඳගෙන සෙල්ෆි එකක් ගන්න. (උඩුකය ඡායාරූපයක් – පාස්පෝර්ට් ඡායාරූපයක් වැනි එකක්)

▪️ Your ID – හැඳුනුම්පතෙහි ඉදිරිපස සහ පසුපස ඡායාරූප දෙකක් ගන්න

▪️ About You – ඔබගේ විස්තර පුරවන්න

ස්ක්‍රීන් එකෙහි සියලුම උපදෙස් නිවැරැදිව පිළිපදින්න.

❎ සිහියෙන් විස්තර පුරවන්න. වෙනස් කරන්න වුනොත් බැංකුවකටම යන්න වෙයි.

සෙල්ෆි එක ගහන්න ඇඳගත්ත ඇඳුම ගලවන්න එපා.

5️⃣ Frimi වලට ලියාපදිංචි වූ අංකයෙන් 0114374377 (FriMi Onboarding Hotline) අංකයට කතා කරන්න. බැංකුවට යන්න ක්‍රමයක් නැහැ වීඩීයෝ කෝල් එකකින් Frimi ගිණුම සක්‍රීය කරගන්න පුළුවන්ද අහන්න. ඔවුන් අහන ප්‍රශ්න වලට නිවැරැදිව, විශ්වාසයෙන් යුතුව පිළිතුරු දෙන්න. කෝල් එක ගන්න කලින් විනාඩි 2-3කට දුරකතනයේ ඇමතුම් ගැනීමට මුදල් තිබේද යන්න තහවුරු කරගන්න.

6️⃣ SMS එකකින් එන ලින්ක් එක ක්ලික් කරන්න. පහත ආකාරයේ SMS එකක් ඔබට ලැබේවි.

Hey FriMian, just a few more steps to get onboard the FriMi bandwagon. Connect with us for a video conversation by clicking on https://www.gruveo.com/@friminationstrust Enable your current location & keep your NIC ready when connecting. Team FriMi

✅ මතක ඇතිව මෙය වීඩියෝ කෝල් එකක් බැවින් පිළිවෙලට ඇඳගෙන ඉන්න. හැඳුනුම්පත අනිවාර්යයෙන්ම අතේ තියාගෙන ඉන්න. කෝල් එක අරන් Camera සහ Microphone ON කරන්න. ෆෝන් එකේ Data තියේද යන්න තහවුරු කරගන්න.

ඔබට බැංකුවට නොයා ගිණුම මේ හරහා සක්‍රීය කරගන්න පුළුවන්.

7️⃣ අහන ප්‍රශ්න වලට විස්වාසයෙන් යුතුව නිවැරැදි පිළිතුරු ලබාදෙන්න.

ඔබ Frimi වලට ලියාපදිංචි වෙන්න භාවිතා කල ඊමේල් ලිපිනය, නම, ලිපිනය ආදී දේ අසාවි.

රැකියාව කරන ආයතනය, තනතුර, මාසික වැටුප අසාවි. ඒවාට නිවැරැදිව පිළිතුරු දෙන්න. රැකියාවක් නැතිනම් Freelancer කෙනෙක් කියලා කියන්න. ඔන්ලයින් වැඩ කරලා ආදායම් ලැබෙනවා කියන්න.

වැඩ කරන Company Details ඇහුවොත් CharityShop පාඨමාලා ගාස්තුව ගෙවූ සාමාජිකයෙක්නම් පමණක් TechLabs කියලා ආයතනයේ නම දෙන්න. තනතුර Freelance Marketing Executive (නිදහස් අලෙවි විධායක) ලෙස ලබාදෙන්න. වැටුප රු.20,000ක් පමණ සඳහන් කරන්න.

❎ CharityShop සම්බන්ධ නැති අය අප ආයතනයේ නම ලබාදීමෙන් වළකින්න.

ඔබ Nations Trust එකෙන් ගත්ත ලෝන් එක කීයද කියලා අසාවි. අරන් නෑ කියන්න.

ඉන්පසුව ෆෝන් එකේ පසුපස කැමරා එක ඔන් කර ඔබගේ හැඳුනුම්පත පෙන්වන්න කියාවී. එය පෙන්වන්න.

ඉන්පසු ඔබගේ ලියාපදිංචි වූ ඊමේල් එකට එවන ඊමේල් එකට පිළිතුරු දෙන්න කියාවි.

එයට පිළිතුරු යවන්න.

එපමණයි !

සියල්ල අවසන් වූ අය කමෙන්ට් එකක් දාන්න…

හෙට දිනයේ ගිණුම සක්‍රීය වූ පසු ඔබේ කමෙන්ට් එකටම රිප්ලයි කමෙන්ට් එකක් දාන්න.

✅ දැනට FriMi ඇප් එක භාවිතා කරන කෙනෙක්නම් එයද කමෙන්ට් කරන්න.

ප්‍රමාද වෙන්න එපා. විනාඩි 10ක් වෙන් කර දැන්ම ලියාපදිංචි වෙන්න.

❎ සියලුම දෙනා එකවර උත්සාහ කරන නිසා හොට්ලයින් එකට ඇමතුම ගන්න අවස්ථාවේ මදක් ඇමතුමේ රැඳී සිටින්න සිදුවේවි.

✅ පාඨමාලා ගාස්තුව ගෙවූ, නොගෙවූ ඕනෑම කෙනෙක් උත්සාහ කරන්න.

ඉදිරියේදී ඔබගේ ගෙවීම්, වැටුප්, ලෝන් ආදිය මේ හරහා ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

UPay/Marx වගේ අලුත් Frimi Offers ගන්නේ කොහොමද කියලා ඉදිරියේදී කියලා දෙන්නම්.

CharityShop Team

#2021අගෝස්තු16

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments