ආරක්ෂිතව බැංකුවෙන් මුදල් ගමු / තැන්පත් කරමු

by | Aug 26, 2021 | Techඉස්කෝලේ | 0 comments

ආරක්ෂිතව බැංකුවෙන් මුදල් ගමු / තැන්පත් කරමු

✅ දැනට මේ පහසුකම තිබෙන්නේ සම්පත් බැංකුවේ ගිණුම් වලට මුදල් තැන්පත් කිරීමට සහ ආපසු ගැනීමට පමණයි

කොරෝනා වෛරසය කොහෙ තියෙනවද කියලා අපිට අදහසක් නෑ. නමුත් ATM එක කියන්නේ අවදානම් තැනක්. මොකද දවසකට දහස් ගාණක් ATM එකේ ස්ක්‍රීන් එක අල්ලනවා, බොත්තම් ඔබනවා. ඉතිං පහසුවෙන් කොරෝනා වෛරසය පැතිරෙන්න පුළුවන්. ඒ වගේම බැංකුවේ තියෙන තැන්පතු / ආපසු ගැනුම් ස්ලිප් (Deposit & Withdrawal Slips) පුරවනකොට, විවිධ පෘෂ්ඨ ස්පර්ශ කරනකොට, බැංකුවේ දහස් ගණනක් දෙනා භාවිතා කරන පෑන අල්ලනකොට කොරෝනා පැතිරෙන්න පුළුවන්.

සම්පත් බැංකු ස්ලිප්-ලෙස් (Slipless), තවත් විප්ලවීය ඩිජිටල්කරණය කළ බැංකු නිෂ්පාදනයකි

සම්පත් බැංකුවේ තවත් විප්ලවීය ඩිජිටල්කරණය කළ බැංකු නිෂ්පාදනයක් වන අතර ඕනෑම තැනක සිට ගනුදෙනු උත්පාදනය කිරීමේ පහසුම යාන්ත්‍රණය සපයයි. දැන් සම්පත් බැංකුව ඔබට කරදරකාරී භෞතික පෝරමය පිරවීමෙන් මිදෙමින් වඩාත් බුද්ධිමත් ලෙස බැංකු කටයුතු කිරීමට ඉදිරිපත් වේ.

අවසර දී ඇති ගනුදෙනු වර්ග :

▪️ ඕනෑම ගිණුමකට / ඕනෑම මුදලකට මුදල් තැන්පත් කිරීම

▪️ මුදල් ආපසු ගැනීම් (සම්පත් විශ්ව දායකත්වය අවශ්‍යයි)

විශේෂාංග :

▪️ඔබම සක්‍රිය කරන්න

▪️සම්පූර්ණ කරන ලද සෑම ගනුදෙනුවක් සඳහාම විද්‍යුත් තැපෑල තහවුරු කිරීම

▪️ගනුදෙනු ඉතිහාසය බලන්න

Sampath Slip-less App Link : https://play.google.com/store/apps/details…

ලියාපදිංචි වීමේදී ඔබට සම්පත් බැංකු ගිණුමක් නැතිනම් Are you a Sampath Bank account holder? යන එකට No තෝරන්න. ගිණුමක් නැතත් මෙය ප්‍රයෝජනවත් වේවි. අපගේ රීලෝඩ් ඇප් එකට සම්පත් ගිණුමක් ලබාදුන් අවස්ථාවක මෙය භාවිතා කල හැක.

ඔබට තිබෙන්නේ + ලකුණ ඔබා අදාල අවශ්‍ය දේ තෝරා තොරතුරු පිරවීම පමණි. ඉන්පසු නිර්මාණය වෙන QR එක බැංකුවට පෙන්වන්න. නැතිනම් එහි Barcode අංකය බැංකු නිළධාරියාට කියන්න. ෆෝන් එක අල්ලන්න දෙන්න එපා. එහෙම් වුනොත් මේ ක්‍රමය වැඩක් වෙන්නේ නෑනේ.

මෙහි Digital Slip එකක් ඔබට ඇප් එකටම ලැබෙනවා. ප්‍රින්ට් කල කොලයක් අරන් අහක දාන්න ඕනත් නෑ. පරිසරයත් ආරක්ෂා වෙනවා කොල නාස්තිය අවම නිසා.

Smart විදිහට බැංකු ගණුදෙනු කරන්න…

CharityShop Team

#2021අගෝස්තු26

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments