දුරකතන අංක වල අයිතිකරුවන් පහසුවෙන් සොයමු ~ TrueCaller Telegram BOT

by | Aug 16, 2021 | Techඉස්කෝලේ | 0 comments

දුරකතන අංක වල අයිතිකරුවන් පහසුවෙන් සොයමු ~ TrueCaller Telegram BOT

දුරකතන අංකයක හිමිකරුගේ නම, ලිපිනය, ඡායාරූපය, ඊමේල් ලිපිනය, උපන්දිනය, ෆේස්බුක් ප්‍රොෆයිල් එක ඇතුළු විස්තර දැනගන්න…

▪️ ඔබට කරදර කරන පුද්ගලයන්ගේ අනන්‍යතාවය සොයාගන්න.

▪️ ඔබට WhatsApp, IMO, Viber Message එවන පුද්ගලයින් හඳුනාගන්න.

▪️ ඔවුන්ගේ චරිතය, රැකියාව පිළිබඳව යම් අදහසක්ද මේ හරහා ලබාගත හැක.

1️⃣ පහත Telegram Bot එකට Join වෙන්න Link එක ක්ලික් කර Start ඔබන්න :  https://t.me/RespawnRobot

2️⃣ ඔබට අවශ්‍ය අංකය +94773366488 ලෙසට ටයිප් කරන්න. ඉහත අංකයම පරීක්ෂා කර බලන්න.

තත්පරයෙන් අංකය පිළිබඳව විස්තර බලාගන්න පුළුවන්.

✅ +94 යෙදිය යුතුය

❎ 0 යොදන්න එපා

???? මෙහි දුරකතන අංක 5යි සොයන්න පුළුවන්. Unlimited සොයන්න Login ඔබා ඔබේ Telegram දුරකතන අංකය යොදා OTP එක තහවුරු කරන්න.

???????? +94 හැමවිටම යොදන එක කරදරනම් Settings > Region වල Dial Prefix එක +94 ලෙස යොදන්න. එවිට අංක 773366488 ලෙසද පහසුවෙන් පරීක්ෂා කරන්න පුළුවන්.

+94773366488 හෝ 773366488 සර්ච් කර ලැබෙන පිළිතුර ස්ක්‍රීන්ශොට් එකක් කමෙන්ට් කරන්න.

Play Store එකෙන් Truecaller App එක Install කරගැනීමෙන් ඔබට ඇමතුමක් එන විටම අදාල පුද්ගලයාගේ විස්තර ස්ක්‍රීන් එකේ පෙන්වාවි.

ඔබම ක්ලික් කර BOT එක ගැන ඉගෙන ගන්න. නොදන්න වචන Google Translate හරහා ඉගෙන ගන්න.

මෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව සරළව :

True caller කියන්නෙ එක පැත්තකින් හොඳ වගේම නරක පැත්තකුත් තියෙන ඇප් එකක්. අපි නරක පැත්ත පැහැදිලි කරගමු ඉස්සර වෙලාම. ඇත්තටම මේ ඇප් එකට දත්ත එහෙම නැතිනම් භාවිතා කරන්නන්ගෙ විස්තර දාන්නෙ අපිම කීවොත් ඒකට පුදුම වෙන්න එපා. අපි ඉස්සර වෙලාම ඇප් එක අපේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්නකොටම අපේ කන්ටක්ට් ලිස්ට් එකම නම් ගම්. ඊමේල් .. තව දාල තියෙන විස්තරත් එක්කම ඇප් එකේ අයිති කාරයින්ගෙ සර්වර් එකට අප්ලෝඩ් වෙනවා. ඒ විදියට ඇප් එක දාගන්න හැමෝගෙම විස්තර වගේම එයගෙ ෆෝන් එකෙ තියෙන හැම කන්ටැක්ට් එකක්ම එයාල ගන්නවා. ඇප් එක ඉන්ස්ටෝල් කරගන්නකොට ඒක ඔයාලගෙන්ම අහල තමයි ගන්නෙ. ඒක නිසා කාටවත් පැමිණිලි කරන්නනම් බෑ හොරෙන් ගත්තා කියල. මොකද අපේ අවසරය ඇතිවම තමයි වැඩේ වෙන්නෙ. එතකොට අපි අපේ කන්ටැක්ට් එකේ එකේ සේව් කරල තියෙන හැම දේම එයාල වගේම අපිව හොයන ඕනම කෙනෙක් දැන ගන්නවා. මේක කොච්ච දුරට අවදානමක්ද කියන එක ඇප් එක දාගන්න ඔයාලම තීරනය කරන්න.

අපි හිතමු අපි බයටම ඇප් එක ඉන්ස්ටෝල් කරන්නෙ නෑ කියල. ඒත් අපිව අනිත් අයට පේනවා. එහෙම වෙන්නෙ අපේ අංකය අපි දන්න කියන අය එයාලගෙ ෆෝන් වල දාගෙන ඉන්නව. එහෙම කෙනෙක් ඇප් එක දාගත්තු ගමන් අපේ නමත් අර ලැයිස්තුවට යනවා. හැබැයි අර කියපු වැඩි විස්තර නැතුව නම අංකය විතරක් වගෙ සීමිත ප්‍රමාණයක්. අන්න ඒකයි අපි ඇප් එක නොදැම්මත් අපේ නම වෙන අයට ඇප් එක හරහා හොයාගන්න පුලුවන් වෙන්නෙ. මේක වාසියක් වගේ පෙනුනට එක ලොකු හානියක් වෙන්නත් පුලුවන්. තාම කියනන් තරම් ලොකු ප්‍රශ්නයක් කාටවත් වෙලා නැති නිසා මොකුත් වෙලා නෑ. නමුත් ඉස්සර තිබුන පුද්ගලිකත්වය දැන් මේ ඇප් එකත් එක්කම නැති වෙලා ගිහිල්ල. ඕක එක ඇප් එකක් විතරයි. තව තියෙනවා ඔය වගේ ඒවා. නමුත් ජනප්‍රිය වෙලා තියෙන්නෙ මේක.

දැන් මේ හොඳ පැත්ත ගැන කියනවනම් ඉතින් නොදන්න අංකයකින් එන කෝල් එකක් ටිකක් එහෙම දැනගන්න පුලුවන් මේකෙන්. එච්චරම තමයි. මේක පදනම් කරගෙන තමයි අර ටෙලිග්‍රෑම් බොට් එක හදලා තියෙන්නෙ. ඒ කියන්නෙ ඒකට විස්තර යන්නෙ මේ True caller සර්වර් එකෙන්. අපි අපේ ෆෝන් එකට අපේ නම නතුව වෙන නමක් ඇතුලත් කරල මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තොත් අනිත් අයට පෙන්නෙ ඒ නම. ඉතින් ඔන්න ඕක තමයි මේකෙ සාමාන්‍ය පැහැදිලි කිරීම.

තාක්ෂණික පැහැදිලි කිරීම : සඳුන් දිසානායක

Charityshop Team

#2021අගෝස්තු16

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments