බැංකු නොයා ඉතුරුම් ගිණුමක් විවෘත කරමු ~ Dialog Finance

by | Aug 17, 2021 | Techඉස්කෝලේ | 0 comments

බැංකු නොයා ඉතුරුම් ගිණුමක් විවෘත කරමු ~ Dialog Finance

▪️ බැංකු යාමට අවශ්‍යතාවයක් නැත. Dialog Finance යනු මහබැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක්

▪️ ඔබට පැයක් වැනි කෙටි කාලයකදී බැංකු ගිණුමක් විවෘත කරගත හැක

▪️ නොමිළයේ ATM කාඩ්පතක් දින 3කින් නිවසටම තැපෑලෙන් ලැබෙනු ඇත. පසුව එය නොමිළයේ Debit Card පතකට (POS Payment සහ ඔන්ලයින් ගෙවීම් සඳහා) මාරුකරගත හැක

▪️ ගිණුම සත්‍යාපනය කිරීම (Verify) කිරීම වීඩියෝ කෝල් එකක් ඔස්සේ සිදුකල හැක

▪️ ඉතුරුම් ගිණුම රු.50කින් වුවද ආරම්භ කල හැක

▪️ ඉතුරුම් සඳහා 4%+ක පොළියක්

▪️ FriMi සහ UPay වලට පහසුවෙන් මෙම බැංකු ගිණුම සම්බන්ධ කල හැක

▪️ වෙනත් බැංකු ගිණුම් වලින් ගිණුම Topup කිරීමට මුදල් වැය නොවේ

▪️ වෙනත් බැංකු ගිණුමකින් Dialog Finance ගිණුමකට මුදල් හුවමාරුවට අදාල බැංකු ගාස්තු අයවේ.

▪️ Dialog Finance ගිණුමෙන් වෙනත් ගිණුමකට මුදල් හුවමාරුවට රු.20ක් වැයවේ.

▪️ ඕනෑම Lanka Pay ලාංඡනය සහිත ATM එකකින් මුදල් ලබාගත හැක. රු.25ක් අයවේ.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ගිණුම විනාඩි 5න් නිර්මාණය කරගන්නා ආකාරය :

1️⃣ Dialog Genie App එක විවෘත කරගන්න

2️⃣ Open an account > Open a Savings account ඔබන්න

3️⃣ Screenshot පරිදි ඔබගේ සත්‍ය තොරතුරු දෙන්න. ජාතික හැඳුනුම්පත ලබාදුන්නහොත් ඉක්මනින්ම ගිණුම විවෘත කරගත හැක. අපහැදිලි හැඳුනුම්පත් මෙම කාර්යය ප්‍රමාද කරාවි.

4️⃣ Dialog Finance ATM කාඩ්පත ගෙදරට එවන්න කියලා තෝරන්න. ගෙදර හෝ ඉන්න තැනක ලිපිනයක් දෙන්න පුළුවන්.

5️⃣ ඊමේල් එක Verify කරන්න.

6️⃣ ඉන්පසුව ඔබට කෝල් එකක් එනවා ටිකකින්. සාමාන්‍යයෙන් කෝල් කරන්නේ 8.30am – 5.30pm අතර. ඔවුන් ඔබට SMS එකක් හරහා එවන ලින්ක් එක සංවර ඇඳුමකින් සැරසී ඔබන්න. අද ලියාපදිංචි වෙන්න. හෙට කෝල් එක ඒවි.

7️⃣ වීඩියෝ කෝල් එකකින් ඔබෙන් ප්‍රශ්න අසාවි. ඔබේ හැඳුනුම්පත කැමරාවට පෙන්වන්න කී විට නොසෙල්වා පැහැදිලිව පෙනෙන ලෙස එය පෙන්වන්න.

8️⃣ එපමණයි, වෙන ප්‍රශ්න නෑ කියන්න ඇහුවොත්. තියේනම් ‘මාව කන්නේ” නැතිව අහලා බලන්න පුළුවන්. මන්ද මම Dialog Finance ආයතනයේ වැඩ කරන්නේ නෑ.

9️⃣ විනාඩි 5ක් ඇතුලත ඔබේ ගිණුම සක්‍රීය වූ බව SMS එකකින් පණිවිඩයක් ලැබේවි.

????️ දැන් Genie ඇප් එකට ලොග් වෙලා බලන්න ඔබේ ඉතුරුම් ගිණුම පෙන්වාවි.

1️⃣1️⃣ ගිණුමට ඔබේ Genie App එකට ලින්ක් කල බැංකු ගිණුමකින් මුදල් කැමති මුදලක්, රු.50ක් හෝ තැන්පත් කර බලන්න.

එපමණයි !

ගිණුමෙන් කරන්න පුළුවන් දේවල් තව පෝස්ට් එකකින් කියලා දෙන්නම්.

දැන් ඔබ සාර්ථකව නිවසේ සිට පැයෙන් Digital ඉතුරුම් ගිණුමක් නිර්මාණය කර අවසන්. CharityShop පොඩි බිස්නස් හරහා ඕනෑම කෙනෙක්ට මේ සේවාව ලබාදිය හැක. සමාජ දුරස්ථභාවය රැකගනිමින් ඉතුරුම් ගිණුම් විවෘත කිරීමේ සේවාවක් ඔබේ ගමේ ආරම්භ කරන්න.

ATM කාඩ්පත නිවසට ඉක්මනින්ම ලැබෙනු ඇත.

Genie App එකෙහි විශාල වෙනස් කම් ප්‍රමාණයක් මේ දිනවල සිදුවෙනවා. ඉදිරියේදී ඔබට Offers බොහොමයක් ලැබේවි.

ප්‍රමාද නොවී අදම මෙය නිර්මාණය කරගන්න.

Genie App එක නිර්මාණය කරගෙන Dialog Finance ගිණුමද නිර්මාණය කල අයෙක්නම් ඔබේ දුරකතන අංකය කමෙන්ට් කරන්න.

ඒත් එක්කම මේ ඉගැන්වීම ඔබට උදව් වුණු ආකාරය පිළිබඳවද කමෙන්ට් එකක් දැමීමට කාරුණික වන්න.

CharityShop Team

#2021අගෝස්තු17

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments