මොකද්ද මේ LANKAQR?

by | Aug 3, 2021 | Techඉස්කෝලේ | 0 comments

මොකද්ද මේ LANKAQR?

ලෝකයට එච්චරම අළුත් නොවුනත් ලංකාවට අළුතෙන්ම හඳුන්වා දෙන තවත් එක් මුදල් රහිත ආරක්ෂිතව ගනුදෙනු කරන්න පුළුවන් ක්‍රමයක් තමයි LANKAQR කියන්නේ. අපි සාමාන්‍යයෙන් කාඩ් භාවිතයෙන් කරන ගනුදෙනු වගේ මෙතනදි QR Code එකක් මත පදනම් වෙලා තමයි අදාල ගනුදෙනුව සිදු වෙන්නේ.

මූලික වියදම් මොකුත්ම නෑ. එක ගනුදෙනුවක සේවා ගාස්තුව 0.5% අය කිරීමක් තමයි වෙන්නේ. අනිත් එක තමයි IPG වගේම POS විදියටත් මේ සේවාව ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ පොලේ පළා කොළ විකුණන ආච්චිටත් මේ පහසුකම අරගෙන වෙළදාම් කරන්න පුළුවන්. ඒකට අවශ්‍යය තමන්ගෙ විස්තර ඇතුලත් කරපු QR Code එක තියෙන ස්ටිකර් එකත් නොමිලේම බැංකුවෙන් නිකුත් කරනවා.

අනිත් තියෙන ලොකුම වාසිය තමයි සිදුකරන ගනුදෙනු වල මුදල් එවෙලේම ව්‍යාපාරිකයාගේ ගිණුමට ලැබෙනවා (POS ගනුදෙනු වලදී ව්‍යාපාරිකයාට මුදල් ලැබෙන්නේ අපි අත්සන් කරපු රිසිට් එක බැංකුවට දුන්නට පස්සෙ).

ලංකාවෙ තියෙන ඕනිම බැංකුවකින් මේ පහසුකම ගන්න පුළුවන්.

දැන් හැම බැංකුවකින්ම LANKAQR වලින් ගෙවීම කරන්න පුළුවන් Android සහ iOS වලට ඇප් හදාගෙන යනවා. අපිට කරන්න තියෙන්නේ ඔය ඇප් එකක් අපේ Mobile එකට දාලා Register වෙලා අපි ලඟ තියෙන කාඩ් ඇඩ් කරලා තියා ගන්න. ඒ ඇප් එකෙන් අදාල QR Code එක Scan කරලා ගෙවීම කරන්න පූළුවන්.

තව දෙයක් තමයි LANKAQR හදලා තියෙන්නේ VISA QR, MASTER QR වල පිලිගත් සම්මතයන්ට අනුකූලව නිසා ඒ ඇප් තියෙන කෙනෙකුට උනත් මේ හරහා ගෙවීම් කරන්න පුළුවන්. ඇප් කීපයක් උනත් දාගෙන අදාල අවස්ථාව අනුව තමන් කැමති ඇප් එකක් හරහා ගනුදෙනුව සම්පූර්ණ කරන්නත් පුළුවන්

පහත් සදහන් ඕනෑම මොබයිල් ඇප් එකක් භාවිත කර ඔබත් අද සිටම QR PAY සමග එකතු වන්න.

???? බැංකු විසින් නිර්මාණය කල ඇප් :

▪️ DFCC Pay – DFCC Bank :

https://play.google.com/store/apps/details…

▪️ FLASH Digital Banking – Commercial Bank of Ceylon : https://play.google.com/store/apps/details…

▪️ ComBank Q Plus Payment App – Commercial Bank : https://play.google.com/store/apps/details…

▪️ FriMi – Nations Trust Bank : https://play.google.com/store/apps/details…

▪️ NDB Neos – National Development Bank : https://play.google.com/store/apps/details…

▪️ Peoples Pay – Peoples Bank : https://play.google.com/store/apps/details…

▪️ BOC SmartPay – Bank Of Ceylon : https://play.google.com/store/apps/details…

▪️ SOLO by HNB – HNB Bank : https://play.google.com/store/apps/details…

▪️ UPay – SDB Bank : https://play.google.com/store/apps/details…

▪️ Sampath WePay : https://play.google.com/store/apps/details…

???? පෞද්ගලික ආයතන විසින් නිර්මාණය කල ඇප් :

▪️LB CIM – LB Finance : https://play.google.com/store/apps/details…

▪️ iPay Sri Lanka : https://play.google.com/store/apps/details…

▪️ Onepay – Spemai (pvt) Ltd : https://play.google.com/store/apps/details…

▪️ Marxs – Crossboarder Payments (pvt) Ltd : https://play.google.com/store/apps/details…

▪️ Pay Master – Pay Master Solutions (Pvt) Ltd : https://play.google.com/store/apps/details…

▪️ OrelPay – Orel Corporation : https://play.google.com/store/apps/details….

???? සන්නිවේදන ආයතන විසින් නිර්මාණය කල ඇප් :

▪️mCash – Mobitel : https://play.google.com/store/apps/details…

▪️ eZCash – Dialog Axiata :

https://play.google.com/store/apps/details…

ඉන්ස්ටෝල් කරන්න, භාවිතා කරන්න…

බැංකු වල පෝළිම් වල නොසිට කොරෝනා වලින් ආරක්ෂා වෙන්න…

ඒ වගේම අමතර ආදායමක් උපයන්න…

වීඩියෝ : https://www.facebook.com/groups/charityshopteam/permalink/356442242658225/

TechLabs Innovative Solutions International (Pvt) Ltd.

උපූටා ගැනීම් :

Lankalear.com (lankapay)

LANKAQR user community

#2021අගෝස්තු3

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments