ඔබට මෙම සේවාව භාවිතයෙන් මෝටර් රථ, මෝටර් සයිකල්, ද්විත්ව කාර්ය වාහන, ඉඩම් වාහන, ත්රිරෝද රථ, A-Z මෝටර් රථ ආදායම් බලපත්ර අලුත් කරගත හැක.
අනෙක් සියලු වාහන සඳහා, ඔබට පහසු ඕනෑම ප්රාදේශීය ලේකම් කාර්යාලයකට පිවිසෙන්න.
✅ ඔබේ ඉල්ලුම් පත්රය පිරවීමට පෙර, වලංගු රක්ෂණ සහතිකයක් සහ වාහන විමෝචන සහතිකයක් ඔබ සතුබව සහතික කර ගන්න.
මෙම සේවාව සඳහා ඔබෙන් ගාස්තුවක් අයකරගනු ලැබේ.
මුදල් ගෙවීමට OTP ලැබෙන Credit /Debit කාඩ් පතක්ද සූදානම් කරගන්න.
1️⃣ පහත වෙබ් අඩවියට යන්න : https://www.gov.lk/services/erl/es/erl/view/index.action
2️⃣ භාෂාව සිංහලයට වෙනස් කරගන්න
3️⃣ දැන් ඔබ 1 වසරේ සිට ඉගෙනගත් සිංහල දැනුම භාවිතා කර සරළ රූප සටහන් ඇසුරින් තිබෙන උපදෙස් පිළිපදින්න.
✅ ස්ක්රීන්ශොට් පිළිවෙලට බැලීමෙන් ඔබට අදහසක් ගත හැක. මුලින්ම එය බලන්න.
ඔන්ලයින් ගෙවීම් සඳහා අපි ඔබට නිර්මාණය කරගන්න කියූ FriMi Virtual Card පත, ComBank WebCard පත හෝ Flash Debit Card පත භාවිතා කරන්න.
ඉදිරියේදී CharityShop පොඩි බිස්නස් හරහා ඔබේ ගමේ සියලුම දෙනාට සාධාරණ සේවා ගාස්තුවක් අය කර මෙම සේවාව ලබාදෙන්න.
CharityShop Team