CharityShop Techඉස්කෝලේ ~ ඇප් ලොක් කරමු – App Lock

by | Aug 26, 2021 | Techඉස්කෝලේ | 0 comments

CharityShop Techඉස්කෝලේ ~ ඇප් ලොක් කරමු – App Lock

දුරකතනයක් භාවිතයේදී අපිට අවශ්‍යම දෙයක් තමයි අපගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න එක. අපි මේ දේවල් කියලා දෙන්නේ ඔබට වංචා කරන්න නෙමෙයි හැබැයි යථාර්ථය අනුව අවස්ථා සම්බන්ධතා යොදාගෙන ඔබට පැහැදිලි කිරීම කරන්නම්. එවිට ඔබට එය සැකෙවින් අවබෝධ වේවි.

1️⃣ ඔබේ බිරිඳට හෝ ස්වාමිපුරුෂයාට හොරෙන් පෞද්ගලිකව කතාබස් සඳහා දුරකතනය භාවිතා කිරීමට. ඔබට පුළුවන් දුරකතනයට WhatsApp හෝ මැසෙන්ජර් දෙකක් ඉන්ස්ටෝල් කරගෙන එකක් සඟවා තබන්න. අවශ්‍ය වේලාවට විතරක් එයට ඔබ පමණක් දන්නා මුරපදයක් භාවිතා කර ප්‍රවේශ වන්න. අවස්තාව අනුව භාවිතා කල හැක.

2️⃣ ඔබගේ අනියම් පෙමේ ඡායාරූප කැමති වෙලාවට රසවිඳින්න ලොක් කරලා තියන්න පුළුවන්.

3️⃣ වැඩිහිටියන්ට පමණයි ඡායාරූප / වීඩියෝ බොහොමයක් අය බලනවා. පසුව බලන්න දුරකතනයට ඩවුන්ලෝඩ් කරගන්නවා. නමුත් මේ දවස් වල දරුවන්ට දුරකතනය දෙන්කොට ඒවා ඩිලීට් කරන්න වුනොත් අපරාදෙනේ නේද? ඒවා ආරක්ෂා සහිතව සැඟවීම කරන්න පුළුවන්.

4️⃣ ඔබේ දරුවන් ගේම් වලට ඇබ්බැහි වෙලාද? ගේම් ඇප් ලොක් කරලා තියන්න පුළුවන්. ඔබගේ අවසරය මත අවශ්‍ය වෙලාවට අන්ලොක් කරලා දෙන්න පුළුවන්.

5️⃣ එක ගේම් එකක් ලොක් කලහම දරුවා තව ගේම් එකක් Playstore එකෙන් ඉන්ස්ටෝල් කරගන්නවද? එහෙනම් ඒකත් ලොක් කරමු.

6️⃣ ඔබේ ෆෝන් එකේ සාමාන්‍ය PIN එක සහ Pattern එක දන්න මිතුරන්ට ෆෝන් එක ලබාදිමේදි ඔබට ආරක්ෂා කරගන්න ඕන දත්ත ලොක් කරලා තියන්න පුළුවන්.

මේ වගේ ඔබේ අවශ්‍යතාවය අනුව ගොඩක් දේවලට මෙය භාවිතා කරන්න පුළුවන්. අවංකවම ඔබ මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්නේ ඉහත ක්‍රම වලට නිසයි ඒ උදාහරණ වලින් විවෘතව ඔබට කියලා දුන්නේ.

දැනුම/තාක්ෂණය වැරදි දේට භාවිතා කරන්න එපා. අපි හැමෝටම එකම හැන්දෙන් බෙදනවා. හැබැයි හොරෙන් මුට්ටිය උස්සන්න එපා.

1️⃣ AppLock ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න –

https://play.google.com/store/apps/details…

ස්ක්‍රීන්ශොට් සියල්ල අවබෝධයෙන් බලන්න.

2️⃣ ෆෝන් එකේ Pattern එක නැතිව ඔබ පමණක් දන්න අමතක නොවන Pattern එකක් දෙවරක් ලබාදෙන්න. Agree & Start ලබාදෙන්න.

3️⃣ පළවෙනි ඇප් ලොක් එකේදී Usage Data Access එක Allow කරන්න. මම මුලින්ම කලේ Playstore එක ලොක් කරන එක. ඉන්පසුව ඇප් එකෙන් ඉවත්වෙලා Playstore අයිකන් එක ෆෝන් එකේ ඔබලා බලන්න. එය විවෘත කරන්න ඔබ ලබාදුන් Pattern එක අවශ්‍යය.

4️⃣ නැවත ඇප් එකට යන විට Security Email එකක් අසාවි. ඉතාම අවධානයෙන් අකුරු වැරදෙන්නේ නැතිව ඔබට පාස්වරඩ් මතක ඊමේල් එකක් මෙයට ලබාදෙන්න. මන්ද හදිසියේ ඔබට මෙහි Pattern එක අමතක වුවහොත් ඒ හරහා රීසෙට් කරගත හැක.

5️⃣ ඔබට ලොක් කරන්න අවශ්‍ය ඇප් තෝරා Lock අයිකන් එක ඔබන්න.

6️⃣ App එකේ PROTECT Tab එක යටතේ තවත්  Settings ඔබට ක්‍රියාත්මක කරගන්න පුළුවන්.

7️⃣ ඔබට ඡායාරූප හෝ වීඩියෝ සඟවන්න ඕනනම් රතු පැහැති Vault යන්න ඔබන්න.

8️⃣ ඔබට සඟවන්න අවශ්‍ය ඡායාරූපද, වීඩියෝද යන්න තෝරන්න. + ලකුණ ඔබන්න, අවශ්‍ය ඡායාරූප තෝරා පහළ දකුණු කෙළවරේ Lock ලකුණ තෝරා Confirm දෙන්න.  ඉන්පසු එම ඡායාරූප ගැලරියෙන් වෙනත් පාස්වර්ඩ් හරහා ලොක් වූ ෆෝල්ඩර් එකකට මාරු වේවි. ඒවා බලන්න පුළුවන් මේ ඇප් එක හරහා පමණයි.

9️⃣ Security Settings වල වැඩි ආරක්ෂාවට ඔබට පුළුවන් ඔබ පමණක් දන්න Security Question එකක් සහ Answer එකක් දෙන්න. එවිට පාස්වර්ඩ් එක අමතකවුනොත් ඇප් එකෙන් ඒ ප්‍රශ්නය අහනවා ඔබෙන්. ඔබ පිළිතුරු ලබාදුන්නහම ඔබට පාස්වර්ඩ් එක රීසෙට් වෙලා ලැබෙනවා.

✅ මෙම ඇප් එකේ අලුත් වර්ශන් එකේ අඩුපාඩුවක් තමයි තත්පර කිහිපයෙන් කිහිපයට Pattern එක අහනවා. එය නිවැරැදිව ලබාදෙන්න.

❎ මෙය නොමිළයේ ලබාදෙන ඇප් එකක්. මේ ඇප් එක ඇතුලෙදි එම නිසා ඇඩ් පෙන්වනවා. සමහර Settings Ok වෙන්න විනාඩියක් විතර වීඩියෝ එකක් ප්ලේ වෙනකම් ඉන්න ඕන. අසභ්‍ය ඡායාරූප එහෙමත් ඇප් එක ඇතුලේ පෙන්වනවා ඇඩ් විදිහට. ඒවා ඔබන්න එපා. ඒවා අයින් කරන්නනම් ඇප් එක මිළදී ගන්න ඕන.

එහෙනම් වගකිමෙන් ඇප් එක භාවිතා කරගන්න.

දරුවා ආරක්ෂා කරගන්න.

පවුල් ජීවිතයත් රැකගන්න.

CharityShop Team

#2021අගෝස්තු26

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments