ප්රශ්නය යොමුකලේ : මහේෂිකා මදූ
▪️ ඔබේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකට යන්න
▪️ ඩොට් 3 … ඔබන්න
▪️ Your Profile Link කියන එක කොපි කරගන්න
▪️ මේ තියෙන්නේ මගේ ලින්ක් එක (https://www.facebook.com/DaneshMadurangaSSLK) මෙහෙම ලින්ක් එක හැදෙන්නේ අපි Facebook User Name එකක් හදලා තිබ්බොත් විතරයි. නැතිනම් එන්නේ අංක ටිකක්.
▪️ User Name එකක් හදන්න ෆේස්බුක් එකට කොම්පියුටර් එකෙන් ලොග් වෙන්න ඕන. 3 වෙනි සහ 4 වෙනි ස්ක්‍රීන්ශොට් වල ඒක කරන ආකාරය තියේ.
???? දැන් අපි ක්ලික් කලහම මැසෙන්ජර් විවෘත වෙන ලින්ක් එකක් හදාගමු.
▪️ මුලින්ම ලින්ක් එකේ මුල කොටස එනම් / පෙර කොටස ඉවත් කරන්න. ඒ වෙනුවට m.me/ යොදන්න.
User Name සහිත ප්‍රොෆයිල් එකක්නම් ලින්ක් එක මේ වගේ වේවි.
???? m.me/DaneshMadurangaSSLK
අංකයක් තිබ්බොත් මෙන්න මේ වගේ වේවි.
????m.me/100049994563736
❎ කරුණාකර ඉහත ප්‍රොෆයිල් දෙකට පෞද්ගලික පණිවිඩ එවීමෙන් වළකින්න.
කැපිටල් සිම්පල් වෙනස් වුනොත් ලින්ක් එක වැඩ නොකරාවි. එයට අවධානය දෙන්න.
ෆෝන් එකෙන් User Name වෙනස් කරන්න තරමක් අපහසුයි. හොඳ තාක්ෂණික දැනුමක් අවශ්‍යයි. ඒත් මං හිතන්නේ නෑ ඒක ඔබට කියලා දෙන්න උත්සාහ කරන එක සුදුසුයි කියලා. සාමාන්‍ය සිංහල කියවා තේරුම් ගැනීමට පුළුවන් වූ කාලයට, ඔබ තව ටිකක් පරිනත වූ කාලයක එය කියලා දෙන්නම්..
✅ මෙය භාවිතා කල හැක්කේ ෆේස්බුක් සහ මැසෙන්ජර් Platform දෙකෙහිය. Whatsapp වැනි ඇප් එකකදි ලින්ක් එක ක්ලික් කර එය මැසෙන්ජර් හරහා විවෘත වන ලෙස තේරීම කල යුතුය.
Charityshop Team