CharityShop Techඉස්කෝලේ ~ ෆෝන් එකේ ෆේස්බුක්, Whatsapp හෝ වෙන ඕනෑම ඇප් එකක (UPay, Youtube වැනි) කොපි දෙකක් භාවිතා කරන්න පහසුකම ලබාදෙන ඇප් එකක්

by | Aug 11, 2021 | Techඉස්කෝලේ | 0 comments

CharityShop Techඉස්කෝලේ ~ ෆෝන් එකේ ෆේස්බුක්, Whatsapp හෝ වෙන ඕනෑම ඇප් එකක (UPay, Youtube වැනි) කොපි දෙකක් භාවිතා කරන්න පහසුකම ලබාදෙන ඇප් එකක්

පහත ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න.

Dual Space Lite – Multiple Accounts & Clone App

සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් : https://play.google.com/store/apps/details…

Huwawi : https://www.google.com/…/dua…/com.ludashi.superboost/amp

Huwawi අය ඉහත ලින්ක් එකෙන් Download APK ඔබා ස්ක්‍රීන් එකේ උපදෙස් අනුව කටයුතු කරන්න.

1️⃣ ඇප් එක විවෘත කරගන්න. + ළකුණ ඔබන්න

2️⃣ Clone කරන්න අවශ්‍ය ඇප් තෝරා Clone ඔබන්න. Clone වෙනතුරු රැඳී සිටින්න.

3️⃣ ඉන්පසු එම ඇප් එක තෝරා (Long Press) එය Create Shortcut යන තැනට ඇද අත අරින්න. (Drag & Drop)

4️⃣ ඉන්පසු Add to Home Screen > Add ඔබන්න

5️⃣ ඉන්පසු ඔබගේ ෆෝන් එකට එහි Shortcut එකක් නිර්මාණය වී තියේවි. එය ක්ලික් කර ඇප් එක භාවිතා කරන්න පුළුවන්.

✅ UPay වැනි ඇප්ද Clone කරන්න පුළුවන්. නමුත් සමහර ඇප් ක්‍රියාත්මක වීමට Google Play Services අවශ්‍ය වේ. මාගේ Samsung Galaxy S7 Edge දුරකතනයේ UPay දෙවන ඇප් එක සාර්ථකව ක්‍රියාත්මක විය. සමහර Huwawi ෆෝන් වල මෙය ක්‍රියාත්මක නොවිය හැක.

✅ මේ ඇප් එක නොමිළයේ ලබාදෙන ඇප් එකක් නිසා සමහර විට ඇප් විවෘත වන විට ඇඩ් ප්ලේ වෙනතුරු රැඳී සිටිය යුතුය.

✅ මෙය හරහා දුරකතන තරමක් මන්දගාමී විය හැක.

CharityShop Team

#2021අගෝස්තු11

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments