CharityShop Techඉස්කෝලේ ~ ෆෝන් එක හොරකම් කරලනම් ඔන්ලයින් පොළිසියේ පැමිණිල්ලක් දාන්නේ මෙහෙමයි

by | Aug 6, 2021 | Techඉස්කෝලේ | 0 comments

CharityShop Techඉස්කෝලේ ~ ෆෝන් එක හොරකම් කරලනම් ඔන්ලයින් පොළිසියේ පැමිණිල්ලක් දාන්නේ මෙහෙමයි

මේ සඳහා ඔබගේ ෆෝන් එකේ IMEI අංකය අවශ්‍යයි.  *#06# අංකය Dial කර ඔබගේ ෆෝන් එකේ IMEI අංක ලබාගෙන  ඔබේ පර්ස් එකේ සහ ගෙදර ස්ථාන දෙකක කොළයක ලියා තබාගන්න. ඊමේල් එකකත් Backup කර තබාගන්න.

නැතිනම් ඔබේ SIM එක අයිති ආයතනයට කතා කර බලන්න. සමහර ආයතන ඔබට කෝල් එකක් හරහා ලබාදේවී. සමහර ආයතන වලින් කියනවා ලඟම තියෙන Arcade එකට ගිහින් ඉල්ලීම් ලියුමක් දෙන්න ඕනලු. ඔච්චර දුක් විඳින්න ඕන නෑ. දැම්ම ලියලා තියාගන්න.

1️⃣ https://www.ineed.police.lk/ වෙබ් අඩවියට යන්න.

2️⃣ වීඩියෝ 4ක් සිංහලෙන් තියේ. බලන්න. අදහසක් ගන්න ක්‍රියාපටිපාටිය පිළිබඳව.

3️⃣ User Registration හරහා ලියාපදිංචි වෙන්න.

4️⃣ Personal Details නිවැරැදිව පුරවා සබ්මිට් කරන්න. Exit ඔබන්න.

5️⃣ Mobile Phone Details නිවැරැදිව පුරවා සබ්මිට් කරන්න. Exit ඔබන්න.

6️⃣ Make Complain හරහා ඔබේ පැමිණිල්ල යුනිකෝඩ් වලින් හෝ අතින් ලියා ඡායාරූපයක් ඇසුරින් අප්ලෝඩ් කරන්න.

7️⃣ Progress එක වෙබ් එක හරහාම බලන්න පුළුවන්.

If you have any questions, Please contact

Sri Lanka Police

Phone: +94 112423947 +94 112421111 Ext-3737

Email: ineed@police.lk

පොළිසියේ පැමිණිල්ල දාන්න කලින් ක්ෂණිකව ඔබටම ෆෝන් එක හොයාගන්න ක්‍රම පිළිබඳව දැනගන්න මේ පෝස්ට් එක බලන්න : https://www.facebook.com/groups/charityshopteam/permalink/363896591912790/

මේ සේවාව CharityShop පොඩි බිස්නස් හරහා ගමේ අයටද ලබාදෙන්න… ඔබගේ කාලය වෙනුවෙන් සහ වැයවන අන්තර්ජාල බිල්පත වෙනුවෙන් සාධාරණ සේවා ගාස්තුවක් අය කරන්න.

CharityShop Team

#2021අගෝස්තු6

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments