CharityShop Techඉස්කෝලේ ~ Android ෆෝන් එක නැති වුනොත් හොයාගන්නේ කොහොමද ?

by | Aug 6, 2021 | Techඉස්කෝලේ | 0 comments

CharityShop Techඉස්කෝලේ ~ Android ෆෝන් එක නැති වුනොත් හොයාගන්නේ කොහොමද ?

ක්‍රමය 1️⃣ – කාගේ හරි ෆෝන් එකකට පහත ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන ඔබ ෆෝන් එකට භාවිතා කර ඇති ඊමේල් එකෙන් ලොග් වෙන්න – Sign in as Guest

https://play.google.com/store/apps/details…

ක්‍රමය 2️⃣ වෙන කාගේ හරි ෆෝන් එකකින් ගූගල් ක්‍රෝම් එකට ගිහින් ඔබේ ගිණුමෙන් ලොග් වෙලා Lost Phone කියලා සර්ච් කරන්න.

ක්‍රමය 3️⃣ කාගේ හරි ෆෝන් එකකින් පහත ලින්ක් එකට ඔබේ ෆෝන් එකේ ඇතුලත් කර ඇති ඊමේල් එකෙන් ලොග් වෙන්න.

https://myaccount.google.com/find-your-phone

ක්‍රමය 4️⃣ Settings > Google > Find my Device හරහාද පුලුවන්

ක්‍රමය 5️⃣ Google Assistant හරහා සොයාගැනීමට ක්ෂණිකව ඔබට අයිති තවත් ෆෝන් එකකින් Ok Google Find my Phone කියන්න. ක්ෂණිකව ඔබේ ෆෝන් එක රින්ග් වේවි.

ඔබට ෆෝන් කිහිපයක් තියේනම් ඒ කිහිපයම මෙහි පෙන්වනු ඇත.

අදාල නැතිවූ ෆෝන් එක තෝරා…

මැප් එකෙන් ෆෝන් එක තියෙන තැන සොයාගෙන යන්න…

▪️ Play Sound එබූ විට ෆෝන් එක Silent Mode දමා තිබුණත් විනාඩි 30ක් යනතෙක් විශාල ශබ්දයකින් රින්ග් වේවි. ඒ හරහා හොයාගන්න උත්සාහ කරන්න.

▪️ Secure Device  එබූවිට ෆෝන් එක වෙන කෙනෙක්ට ලැබුනොත් ඔවුන්ට ඔබව සම්බන්ධ කරගැනීමට දුරකතන අංකයක් හෝ පණිවිඩයක් තැබිය හැක. යමෙක් සොරක ම් කලානම් ඔවුන්ට මේ පණිවිඩය වැදගත් නොවේ.

▪️ Erase Device හරහා ඔබට ඔබගේ ෆෝන් එකේ තිබෙන වටිනා තොරතුරු වෙනත් අයෙක්ට ලබාගැනීමට නොහැකි වන ලෙස මකාදැමිය හැක. ඉන්පසුව නැවත ඔබට ෆෝන් එක තිබෙන තැන සොයාගත නොහැක. ෆෝන් එක ලබාගන්නම බැරිනම් අවසාන දේ ලෙස මෙය කරන්න. නැතිනම් අපරාදේ.

ඔන්ලයින් පොළිසියේ පැමිණිල්ලක් දමන ආකාරය : https://www.facebook.com/groups/charityshopteam/permalink/363958935239889/

CharityShop Team

#2021අගෝස්තු6

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments