CharityShop Techඉස්කෝලේ ~ Rotate වෙන්නේ නැති ඇප් එකක් කොහොමද බලහත්කාරයෙන් Rotate කරන්නේ?

by | Jul 31, 2021 | Techඉස්කෝලේ | 0 comments

CharityShop Techඉස්කෝලේ ~ Rotate වෙන්නේ නැති ඇප් එකක් කොහොමද බලහත්කාරයෙන් Rotate කරන්නේ?

ප්‍රශ්නය යොමු කලේ : Sandun

මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අද සාමාජිකයෙක් ඇහුවා : App ekata card eka add Kara ganna vidiyak nahane. App eka open Karama app menu yanna baa phone eke touch eka wada na menu button eka set wena thana. Mokakda karanna puluwan ?

මුලින්ම මේක දැක්කහම තරහක් ආවේ. මොන තරම් මෝඩ ප්‍රශ්නයක්ද. තමන්ගේ ෆෝන් එක කැඩිලනම් අපි දෙන ඇප් එක භාවිතා කරන්න බැරිනම් අපි මොනවා කරන්නද ඒකට. ඒ නිසා ඒකට මම මෙහෙම පිළිතුරක් දුන්නා. “ලඟම තියෙන ෆෝන් හදන තැනකින් ටච් එක හදාගන්න. ඇප් එකට කලින් හොඳම දේ ෆෝන් එකේ දෘඪාංග ප්‍රශ්න නිරාකරණය කරගන්න එක.”

හැබැයි ඉතිං එහෙම කියලා නිකං හිටියේ නෑ. යම් කෙනෙක්ට ප්‍රශ්නයක්නම් අපි උදව් කරන්න ඕනනේ. මම අතින් වියදම් කරගෙන UPay Hotline කෝල් කලා. එයාලා කීවා ඇප් එකේ මෙනු එකේ ඔප්ෂන්ස් වෙන තැනක නෑ. ඒ වගේම ඇප් එක Rotate (කරකවන්න) බැහැ. විසඳුමක් නෑ කියලා.

මොනා කරන්නද, දහ අතේ කල්පනා කලා. ෆෝන් එකේ ඉහළ වම් කෙළවරේ ටච් එක වැඩ නැතිවුනාට අනික් තැන්වල වැඩනේ. ඇප් එක හරවන්න පුළුවන් නම් ප්‍රශ්නේ විසඳෙනවා. ඒත් මේ බැංකු ඇප් වල ස්ක්‍රීන්ශොට්, Rotation වගේ දේවල් Restrict (තහනම්) කරලා තියෙන්නේ. ඒත් ඉතිං මේකට විසඳුමකුත් ඕනනේ. ඒ තමයි ඇප් එක බලහත්කාරයෙන් Rotate කිරීම. ඉතිං ඒක කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගමු.

1️⃣ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න : https://play.google.com/store/apps/details…

2️⃣ ස්ක්‍රීන්ශොට් වල පරිදි සියලුම උපදෙස් පිළිපදින්න. සාමාන්‍ය දැනීම භාවිතා කරන්න. ඔබේ දුරකතන නෙමේ මම භාවිතා කරන්නේ. ඒ නිසා ඔබේ දුරකතනයට අදාල Settings හදාගන්න.

3️⃣ UPay App එක තෝරා Rotation එක Portrait (Reverse) දෙන්න.

4️⃣ දැන් ඉතිං ඔළුවෙන් හිටගෙන අවශ්‍ය දේවල් ටික කරගන්න

CharityShop Team

#2021ජූලි31

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments