Gmail ගිණුමක් නිර්මාණය කරගමු

by | Aug 15, 2021 | Techඉස්කෝලේ | 0 comments

Gmail ගිණුමක් නිර්මාණය කරගමු

1️⃣ Gmail App එක විවෘත කරගෙන එහි ඉහළ දකුණු කෙළවරේ ඔබගේ ඡායාරූපය පෙන්වන තැන ???? රවුම ඔබන්න.

2️⃣ Add another account ඔබා ඊලඟ තිරයේ Google තෝරන්න. ඊලඟට ඔබගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක හෝ පින් එක ඉල්ලාවි. එය ලබාදෙන්න.

3️⃣ ඊළඟ තිරයේ පහත වම් කෙළවරේ ඇති Create Account ඔබන්න. එහි For my self තෝරන්න.

4️⃣ ඊලඟට තමයි වැදගත්ම කොටස. මෙය අවබෝධයෙන් කිහිපවරක් කියවන්න.

✅ නිවැරැදිව ඊමේල් ගිණුමකට නම යොදන්නේ කොහොමද ?

උප්පැන්නේ / හැඳුනුම්පතෙහි නම : සමරදිවාකර කරුණාසේන වාසල කුමරසිංහ මුදියන්සේ රාලහාමිලාගේ ශ්‍රියා ලතා

ඊමේල් එකට නම යොදන්නේ කොහොමද ?

❎ සමරදිවාකර කරුණාසේන වාසල කුමරසිංහ මුදියන්සේ රාලහාමිලාගේ ශ්‍රියා ලතා (මොළේ හොඳ නැද්ද?)

❎ Sri Angel (එහෙමද හිතා ඉන්නේ?)

❎ M R S ලතා (තේරුමක් නැහැ)

❎ SKWKMRS Latha (කියවන්නේ කොහොමද ?)

✅ ශ්‍රියා ලතා

First Name : Sriya (පළමු අකුර කැපිටල්)

Last Name : Latha (පළමු අකුර කැපිටල්)

කරුණාකර නම ඉහත ආකාරයට කොටස් දෙකකට ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න.

✅ නමක් ලියනකොට සැම විටම පළමු අකුරු කැපිටල් භාවිතා කරන්න. latha ලෙස ලිවීම වැරදී. Latha ලෙස ලිවිය යුතුය.

5️⃣ ඊලඟ තිරයේ උපන්දිනය නිවැරැදිව දෙන්න. කවද හරි ගිණුම Recover කරගන්න ඕන වුනොත් අවශ්‍ය වෙනවා නිවැරැදි දිනය.

6️⃣ ඊලඟ තිරයේ ඔබට පෙන්වන ඊමේල් ලිපිනයක් තෝරන්න පුළුවන්. ලෝකේ මිලියන ගානක් ඊමේල් ලිපිනයන් හදලා තියේ. එම නිසා ඔබේ නමටම ගන්න අපහසු වෙන්න පුළුවන්. සාම්පල් පෙන්වන ඒවට අකමැතිනම් Create your own Gmail Address හරහා නමක් දෙන්න.

✅ මගේ නම Danesh Maduranga Edirisooriya. ඒ නිසා මම daneshmedirisooriya@gmail.com ලෙස තෝරගත්තා.

✅ දැන් පොතක ලියාගන්න ඔබ ටයිප් කල ඊමේල් ලිපිනය.

❎ ඊමේල් ලිපින වල කවදාවත් කැපිටල් අකුරු භාවිතා කරන්නේ නැහැ.

❎ ඊමේල් ලිපිනයක හිස්තැන් නැහැ කවදාවත්.

7️⃣ ඊලඟට Next ඔබන්න. ඒ නම ගන්න පුළුවන් නම් එය ලබාදේවි. නොඑසේනම් නැවත වෙනස් කර බලන්න.

8️⃣ මුරපදය (පාස්වර්ඩ්) යොදන්න. ටයිප් කරන පාස්වර්ඩ් එක බලාගන්න ඕනනම් Show Password එකට ටික් එකක් දාන්න. ඉන්පසු ඉතා සෙමෙන් පාස්වර්ඩ් එක ටයිප් කරන්න.

???? කැපිටල් අකුරක්

???? සිම්පල් අකුරු කිහිපයක්

???? ඉලක්කම් කිහිපයක්

???? සංකේතයක්

මේ සියල්ලක්ම යොදාගන්න.

උදා : Danesh1010@

✅ දැන් කරුණාකර මෙය ඊමේල් ලිපිනය ලියාගත් පොතේම ලියාගන්න.

✅ ඔබේ ඊමේල් ලිපිනය යනු මිසයිල පද්ධතියක් ක්‍රියාත්මක කරන දෙයක් නොවේ. එම නිසා පෙන්ටගනයේ ලබාදෙන ආරක්ෂාව එයට ලබාදීමට අවශ්‍ය නැහැ. සරළ මතක හිටින පාස්වර්ඩ් එකක් කරුණාකර ලබාදෙන්න.

9️⃣ ඔබේ දුරකතන අංකය නිවැරැදිව ලබාදෙන්න. පාස්වර්ඩ් එක රීසෙට් කිරීමට  එය අවශ්‍ය වෙනවා.

????️ ඊලඟ තිරයේ Review Your Account Info හි ස්ක්‍රීන්ශොට් එකක් ලබාගන්න. එය ඔබට අමතක වෙනවාට වැදගත් වේවි. එහි තොරතුරු නිවැරදිද බලන්න.

1️⃣1️⃣ ඊලඟ තිරයේ I Agree ඔබන්න

සුභපැතුම් ! ඔබගේ ඊමේල් ලිපිනය නිර්මාණය වී අවසන්.

✅ අඩුම තරමේ මේ වතාවෙවත් වැරැද්දක් නොකර ගිණුමක් නිර්මාණය කරගන්න. හදිසි වෙන්න එපා. සෙමෙන් කරන්න.

CharityShop Team

#2021අගෝස්තු15

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments