1️⃣ Google විවෘත කරගන්න.
2️⃣ Download (ඔබට අවශ්‍ය ඇප් එකේ නම) APK ලෙස ටයිප් කර සර්ච් කරන්න.
උදා :
Download UPay APK
Download Google Earth APK
Download FriMi APK
3️⃣ සර්ච් ලිස්ට් එකෙන් apkpure වැනි වෙබ් අඩවියක් තෝරාගන්න.
4️⃣ Download APK ඔබන්න. නැවතත් ඊලඟ ස්ක්‍රීන් එකේදී සමහර විට එය Download APK (File Size) පෙන්වන බට්න් එකක් පෙන්වාවි. එයද ක්ලික් කරන්න.
5️⃣ දැන් එය ඩවුන්ලෝඩ් වේවි. එවිට ඔබට පණිවිඩයක් පෙන්වාවි “This type of file can harm your device. Do you want to keep the file?” ලෙස පණිවිඩයක් ඒවි. එය OK කරන්න. මන්ද මෙය කෙලින්ම Google Play, App Gallery වලින් නොවන නිසා මේ ඇප් එක පිළිබඳව විශ්වාසයක් තබාගත නොහැක. ඒ නිසයි එලෙස මැසේජ් එකක් එන්නේ. File එක ඩවුන්ලෝඩ් වූ පසු Open ඔබන්න.
6️⃣ මෙය ඔබ පළමු වතාවටනම් කරන්නේ Settings > Install apps from external sources යන්න තෝරන්න සිදුවේවි.
7️⃣ Install ඔබන්න. රැඳී සිටින්න.
8️⃣ අවසන් වූ පසු සතුටින් ඇප් එක පාවිච්චි කරන්න.
අදින් පස්සේ Huwawei වලට ඇප් එක ගන්නේ කොහොමද කියලා අහන්න එපා….
CharityShop Team