අපි කලින් පෝස්ට් එකක කතා කලා TrueCaller Telegram Bot එක ගැන. කෙටියෙන් කියනවනම් ඒකෙන් වෙන්නෙ අපි ඇතුලත් කරන දුරකතන අංක වල හිමිකරුගේ නම සොයාගන්න එක. ඒ වගේම අපි අපේ දුරකතනයේ TrueCaller ඇප් එක ඇතුලත් කරගෙන ඉන්නවනම් අපි ලියාපදිංචි වෙන්න යොදපු නම වෙන කෙනෙක් බැලුවත් පෙන්නනවා. ඒ වගේම අපි ඇතුලත් කරන අනිත් තොරතුරු(Email , Address) මම ඒ පෝස්ට් එකේදි කීවා අපි ඇප් එකට ලියාපදිංචි නොවුනත් අපේ අංකය තමන්ගෙ Contact List එකට දාගෙන ඉන්න වෙනත් කෙනෙක් හරහා අපේ නම හොයාගම්ම ඕනම කෙනෙකුට පුලුවන් කම තියෙනවා. ඒ වගේම මම කීවා මේ යම් අවස්තාවක අපිට හානිකර වෙන්නත් පුලුවන් කියලා මොකද අපි නම නොකීවත් වෙන කෙනෙකුට වංචාසහගත ක්‍රියාවක් සඳහා අපිව හඳුනන ආකාරයට කතා කරල රවට්ටන්න හැකියාවක් තියෙනවා.
ඔයාල අහල ඇති ඌරගේ මාලු උගේ පිටේ තියලම කපනවා කියල කතාවක්. මම කියල දෙන්න යන්නෙ අපිව හොයාගන්න පහසු කමම අපිව හංගන්නත් යොදාගනන් ආකාරය. කෙනෙක් හිතන්න පුලුවන් අපි ඇප් එක නොදා හිටියොත් අපිව හොයන්න බෑ කියල. නමුත් අපි මේ අවස්ථාවෙ ඇප් එක භාවිතා නොකර සිටීමම තමයි අපේ තොරතුරු නිරාවරනය වීමට හේතුව. නමුත් අපිට පුලුවන් ඇප් එක භාවිතාවෙන්ම ඒක වලක්වන්න. කරනන් තියෙන්නෙ ඉතාමත් සරල පහසු දෙයක්. මම තේරුම් ගන්න පහසුවට පියවර වශයෙන් ලියන්නම්
1️⃣ පලමුවෙන්ම සාමාන්‍ය විදියට ඇප් එක ඔයාලගෙ ෆෝන් එකට දාගන්න.
App Link : https://play.google.com/store/apps/details?id=com.truecaller
2️⃣ ඊලඟට ඇප් එකේ ලියාපදිංචිය කරනන් තියෙන්නෙ.
3️⃣ ලියාපදිංචිය කරන කොටසෙ තමයි වැදගත්ම දේ තියෙන්නෙ. අපි ඒකට යොදා ගන්න නම තමයි අනිත් අයට පෙන්න පටන් ගන්නෙ.
4️⃣ කරන්න තියෙන්නෙ හරිම සරල දෙයක් තමන්ගෙ ඇත්ත නම වෙනුවට බොරු නමක් යොදන්න. ඊමේල් එක යොදන්නෙ නැතුව ඉන්න පුලුවන්.
මේ ටික කරල නැවතත් අර Telegram Bot භාවිතා කරල ඔයාටම පරීක්ෂා කරල බලන්න පුලුවන්. වෙන අය මොන නමකින් අපිව හඳුන්වලා තිබුනත් අපි ඇප් එක දාගෙන අපි දාන නම නිසා සර්වර් එකේ විස්තර අලුත් වෙනවා. එතකොට අපි දාපු බොරු නම තමයි දැන් පෙන්න පටන් ගන්නෙ. හරිම පහසුවෙන් අපි අපිවම හංගලා. දැනට ඔයා ඇත්ත නම දාලා ලියාපදිංචි වෙලා ඉන්නවනම් ඒකත් ප්‍රශ්නයක් නෙවෙයි මෙනූ එකට ගිහින් නම වෙනස් කරන්න.
මේ කියල දීපු දේවල් තමන්ගෙ ආරක්ෂාවට සහ හුදෙක්ම ඉගෙන ගැනීමට පමනක් භාවිතා කරන්න. අයතා දේවල් සඳහා යොදා නොගන්න.
තාක්ෂණික පැහැදිලි කිරීම : Sandun Dissanayaka
CharityShop Team